ඇමති රාජිත කියන්නේ ගල් පැලෙන ගජ බින්න.. – ඇමති මලික් ලිඛිතවම රාජිතගේ රෙදි ගලවා දමයි..

January 26, 2017 at 11:20 pm | lanka C news
ඇමති රාජිත කියන්නේ ගල් පැලෙන ගජ බින්න.. – ඇමති මලික් ලිඛිතවම රාජිතගේ රෙදි ගලවා දමයි..

රාජිත සේනාරත්න ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක ලෙස සතියේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලදි නිරන්තරයෙන්ම මාධ්‍ය හා ජනතාව නොමග යවමින් පුරුද්දක් ලෙස බොරු කියන බව අද සාක්ෂි ඇතිව ඔප්පු කිරීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට හැකි විය.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ද මෙම සතියේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මාධ්‍ය වෙත කරුණු ගෙන හැර දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ හොරණ නව ටයර් කර්මාන්තශාලාව සඳහා ආයෝජනය කල ව්‍යවසායකයා රාජපක්ෂ පවුලේ හිතවතකු මෙන්ම හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික යාලවෙකු බවත්, ඒ සම්බන්ධව අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා කිසිත් නොදන්නා බැවින් එම කර්මාන්තශාලාව ආරම්භ කිරිමේ උත්සවයට අගමැතිවරයා සහභාගි වූ බවයි.

එහෙත් අද ලිඛිතව මාධ්‍ය වෙත කරුණු දක්වමින් සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසා සිටියේ හොරණ ටයර් කර්මාන්තශාලාවේ ආයෝජකයා සම්බන්ධ සියලු කරුණු ජනාධිපති හා අගමැති වරයා කලින් දැනුවත් කොට ඇති බවයි. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමැතියන් ලබා ගත් බවත් සඳහන් කොට ඇත.

එමෙන්ම කරුණු සහිතව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න සවාද්‍ය ප්‍රකාශ කරන බවයි.

විඩීයෝව මෙතනින්

2 views

3 Comments to “ඇමති රාජිත කියන්නේ ගල් පැලෙන ගජ බින්න.. – ඇමති මලික් ලිඛිතවම රාජිතගේ රෙදි ගලවා දමයි..”

  1. රාහුල කොලුවා says:

    අනේ අම්මපා මෙහෙම අච්චාර කැබිනට් මණ්ඩලයක්…එකෙක් කියන එක අනිකා බොරුයි කියනවා…මේ විදිහට රටකට ඉස්සරහට යන්න පුළුවන්ද..? 62 ක් චන්දේ දීලා කොරගත්ත හරිය පේනව නේද…?

    • jude michel says:

      No wonder that this Administration has become the “Joke” of the day and as a matter of fact, the worst in the near history of Governance. Recently at a media briefing (as reported) the spokesman for the Government, a Minister, Mr. Rajitha Senaratne in reference to the ceremony of laying down the foundation stone for the upcoming tyre Factory at Horana, by the Prime Minister, said that he (the PM) did not know who the investor was until that morning. So in like manner, NO ONE in the Government or the Administration knows WHERE or WHAT Arjun Mahendran is and what he is doing at the present day. Just imagine what a BIG JOKE this Government has become.

  2. Boo says:

    හොරුන් සදාකාලිකව සමගියෙන් හොරකමේ නොයති, ටික දිනක් එකට හොරකමේ ගියත් ඉතා ඉක්මනින් උන් ඇනකොටා මරා ගන්නා බව විශ්ව සත්‍යයකි.

    අපට දැන් මේ දෑස් ඉදිරිපිට පෙනෙන්නේ ඒ විශ්ව සත්‍යයි.

Main News