ඇමති රාජිත ඩබල් මල පනී.. වයෝවෘද්ද ඇමති ජෝන්ට නට්ටං වෙන්නම නෙලයි..[Video]

April 30, 2017 at 3:22 am | lanka C news
ඇමති රාජිත ඩබල් මල පනී.. වයෝවෘද්ද ඇමති ජෝන්ට නට්ටං වෙන්නම නෙලයි..[Video]

ප්‍රිමියර් ඉන්ටර්නැෂනල් සමාගමෙි ව්‍යාපාරික සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ඉන් පසු මාධ්‍යෙවිදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය ඩබිලිවි.ඩි.ඡේ සෙනෙවිරත්න මහතා පසුගියදා කළ ප්‍රකාශයකට මෙලෙස පිළිතුරු ලබාදෙන ලදි.

“ආණ්ඩුව අගාධයට යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට යන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ කට්ටිය අගාධයට යනවා. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන මහින්ද රාජපක්ෂ ආවොත් එයා ගාවට යන්නයි. මෛත්‍රීපාල සිරිසේන ඉන්නවා නම් එයාගාව ඉන්නයිි. රත්නපුරේට ගිහිල්ලා මහින්ද රාපක්ෂ සමග මාස ගණනකින් යනවයි කියන. මෙහෙට ඇවිත් ඇමැතිකම් කරන. ඔන්න ඔය වගේ කට්ටියට නම් බොහෝම අමාරුයි. ඒ ගොල්ලන්ට නම් ගිනි අරගෙන තිඛෙනවා. මම දන්නවා රාජපක්ෂ පවුලත් බයවෙලා ගිනි අරගෙන තිඛෙනවා. රාජපක්ෂ පවුලේ ලණු කාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු ඇමැතිවරුනුත් ගිනි අරගෙන තිඛෙනවා. දැන් ගොල්ෆේස් එක ගත්ත එකේ මෝඩකම ගැනත් සාකචිඡා පවත්වනවා.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයටවත්, කාටවත් බොරු කියන්න බැහැ. කැබිනට් මණ්ඩලය කරපු සාකචිඡාවක්. ඒකේ කැබිනට් ඇමැතිවරු හිටියා. එහෙම නම් පිටකොන්ද ඇතිව කථා කරන්න. ඇමැතිවරු වශයෙන් පිටකොන්දක් තිඛෙන්න ඔින කැබිනට් මණ්ඩලයේ කථා කරපු දේවල් හරි කියන්න. දැන් ජනාධිපතිතුමා තොරතුරු දැන ගැනීමෙි පනත යටතේ ගේනවා වගන්නියක්. කැබිනට් එකේ වෙන සියළුම දේවල් මාධ්‍යට ලබාදෙන්න කියලා. ඒ නිසා මම ප්‍රකාශ කරනේනේ නැබිනට් ප්‍රකාශක විදිහට මෙි සිදු වුන දේවල්. මම වගකීමෙන් තොරව කථා කරන්නේ නැහැ. ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයාගෙත් අවබෝධය ඇතිවයි මම ප්‍රකාශ කරන්නේ.”

මෙහිදී යුරෝපා සංගමය විසින් ජී.එස්පී සහනය ලබාදීම පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වන ලදි. “එයට විරුද්දව නොයෙකුත් කාණ්ඩායම් මෙහෙයුවා. නමුත් යුරෝපා සංගමයේ දී පරාජය වුනා. යුරෝපා කොමිසම මෙික නිර්දේශ කළා. නිර්දේශ කරපු එක විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ලංකාව යුරෝපා සංගමයේ දිනුවා. සැහේන කාලයකට පස්සේ තමයි ශ්‍රි ලංකාව යුරෝපා සංගමය බිහි කළාට පස්සේ මෙි තරම් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ශ්‍රි ලංකාවට යුරෝපා සංගමයෙන් සහයෝගයක් ලැබුනේ. එම නිසා එන මැයි මාසය වනවිට අපිට ලංකාවට ජී.එස්.පී සහනය ලැඛෙනවා. එකේදි විශාල වාසි ලැඛෙනවා. යුරෝපයේ බදු සහන ලැඛෙනවා. බදු සහනය ලැබුනාම අපේ භාණ්ඩ යුරෝපා වෙළෙද පොලට යනකොට අඩු මිලක් තිඛෙනවා. එතකොට අපට තරග කිරිමෙි පහසුව ඉතාම වැදගත්. දැන් වෙලා තිඛෙන්නේ අපේ මිල අධිකයි. මෙි ප්‍රශ්නය නිසා අපේ කර්මාන්ත ශාලා විශාල ගණනක් වැසුනා. නමුත් ඉදිරියේ දී තව තවත් කර්මාන්ත ශාලා වැඩි වෙිවි.

විපක්ෂය කියනවා රටට අහිතකර කොන්දේසි ඉදිරිපත් කර තිඛෙනවා කියලා. එහෙම කිසිම අහිතකර කොන්දේසීයක් නැහැ. අපි දිර්ඝව කැබිනට් මණ්ඩලයේ සාකචිඡා කරලා, නොයෙකුත් දෙනාගේ අදහස් අරගෙන අවසානයේ ඒකමතිකව සම්මත කර ගත්තා. රටට අහිතකර කිසිම දෙයක් යුරෝපා සංගමයේ කොන්දේසිවල බලාපොරෙත්තු වුනේ නැහැ. එහෙම නැතිව තමයි ඔවුන් අපිට ජී.එස්.පී සහනය ලබාදුන්නේ.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

34 views
Main News