ඇමති රාජිත ඩෙංගු, H1N1 පාලනයට ලෝකයේ උදවු ඉල්ලයි..

May 25, 2017 at 8:02 am | lanka C news
ඇමති රාජිත ඩෙංගු, H1N1 පාලනයට ලෝකයේ උදවු ඉල්ලයි..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැසිවාරයට සහභාගී වී සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සමුලුව අමතන ලදි.

සමුලුව ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී පැවැත්වීය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දේශණ දෙකක් පවත්වන ලදි. එක් දේශණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවැත් වූ අතර, අනෙක් දේශණය සංවර්ධනය වෙමින් පවතින ආසියා, අප්‍රිකා සහ ලතින් ඇමරිකා යන රටවල් වෙනුවෙන් පැවැත්වීය. සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ කමිටුවෙි සභාපතිවරයා වන්නේ ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි.

සමුලුව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

ධරණීය සංවර්ධනය ලඟා කර ගැනීම සදහා ජනතාව ද ඒකාබද්ධ කර ගනිමින් වැඩසටහන් කළ යුතුයි. එය ප්‍රවර්ධනය කළ යුතුයි. ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයි. සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ලක් රජය දළ දේශීය නිෂ්පාධිතයෙන් සියයට 3.24 ක් වැය කරනු ලබයි. වසර 30 ක යුද්ධයක් පැවැති ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සංවර්ධනය අභීයෝගයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නාස්තිය හා දූෂණය අවම කිරිමට පියවර ගෙන තිබෙනවා. ප්‍රාථමික මෙන්ම ද්විතීයික සත්කාරක සේවා වැඩි කර ඇති අතර, මැලේරියා රෝගය තුරන් කිරීමෙි සහතිකය ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ශ්‍රී ලංකාවට ලබාදූන්නා. නැවත එය හිස එසවීමට ඉඩ ලබාදෙන්නේ නැහැ. බෝනොවන රෝග පාලනය කිරීමෙි වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ඩෙංගු, H1N1 වෛරස් රෝග පාලනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ සදහා තාක්ෂණය අවශ්‍යයයි. ජාත්‍යන්තර සහයෝගය ද අවශ්‍ය වන අතර, නිසි කළමණාකාරීත්වය ද වැදගත් වෙනවා. රෝගීභාවය දූප්පත්වීම සදහා බලපාන එක් ලක්ෂණයක්. එම නිසා ලක් රජය නොමිලේ සිදූ කරන සෞඛ්‍ය සේවාව මගින් ජනතාවට සහන රැසක් ලබා දී තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරිම, අක්ෂි කාච මිල අඩු කිරිම, පිළිකා ඖෂධ මිල අඩු කිරිම ඒ අතර ප්‍රධාන වෙනවා.

එමගින් ජනතාවට සිදූවන වැයබර අඩු කිරීම රජයේ අපේක්ෂාවයි. දූම්කොල සදහා බදූ වැඩි කළ එකම ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි. එය ස්ථීර අධිස්ථානයෙන් සිදූ කළ යුතු වැඩපිළිවෙලක්. ප්‍රසිද්ධ ස්ථානවල දූම්පානය නතර කිරිම, සියයට 80 රූපමය අවවාද, දූම්කොල සදහා සියයට 90 ක බදූ පැනවීම, සුදූ පැහැති සිගරට් පැකට්ටුවක් හදූන්වාදීම සහ දූම්කොළ භාවිතයෙන් ජනතාව මුදා ගැනීම ලක් රජය ගත් පියවර අතර වෙනවා. මෙම පියවර හේතුවෙන් රජයේ බදූ ආදායම ද අඩු වුනා.

බෝනොවන රෝග පාලනය කිරිම සදහා ජනතාව දැනුවත් කිරීමෙි වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. හදූනා නොගත් වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සදහා පර්යේෂණ ක්‍රියාත්මකයි. සෞඛ්‍ය සංවර්ධනය සදහා ප්‍රතිපත්ති සකස් කිරීමෙි දී හදූනාගත් ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් පැවැත් වූ දේශණයේ දී එම රටවල් මුහුණ දී සිටින සංක්‍රමණික සෞඛ්‍ය ගැටලු පිළිබද කරුණු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

40 views

One Comment to “ඇමති රාජිත ඩෙංගු, H1N1 පාලනයට ලෝකයේ උදවු ඉල්ලයි..”

  1. sasi says:

    අපේ පිරිමි නර්ස් ට කිඋවනම් කොහෙන් හරි doller හොයලදෙයි

Main News