ඇමති රාජිත මහා මානව අපරාධක.. දොස්තර සාෆිට වඩා චෝදනා බරපතලයි.. සමුහ මිනිස් ඝාතන චෝදනා..

June 15, 2019 at 6:29 am | lanka C news
ඇමති රාජිත මහා මානව අපරාධක.. දොස්තර සාෆිට වඩා චෝදනා බරපතලයි.. සමුහ මිනිස් ඝාතන චෝදනා..

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී එය වෙනුවෙන් රජයේ මුදල් රුපියල් බිලියන 05ක් වැය කිරීම, ප‍්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන ලෙස තීන්දු කර ඇති ඖෂධ මෙරට රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ට ලබා දීම වැනි මානව අපරාධ සිදු කළ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුව ද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සම`ග පැවැති සාකච්ඡුාවකින් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව දැනටමත් සනාථ වී ඇති බරපතළ ¥ෂණ චෝදනා පිළිබඳව කරුණු දැනුම්වත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත මහත්වරුන් කණ්ඩායමක් අද මෙහි පැමිණියා. එහිදී ඔවුන් පෙන්වා දුන්නා, ‘රජයට පවරා ගත්තා, යැයි පට්ටපල් බොරු පවසමින්, මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල තවදුරටත් පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් රුපියල් බිලියන 05කට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට නීති විරෝධීව වියදම් කර තිබෙනවා’ කියා. ඇත්ත වශයෙන් ඒ කාරණාව වුවත් ප‍්‍රමාණවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා හිරේ යවන්න. නමුත් මේ රටේ නීතිය ඔහුට විරුද්ධව ක‍්‍රියාත්මක වන්නේ නැහැ.

ඒ වගේම රාජිත සේනාරත්න අමාත්‍ය ධුරය දරන කාලයේ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රෝහල්වලින් ප‍්‍රතිකාර ගත්තු රෝගීන්ට ප‍්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන ලෙස තීන්දු කර ඇති ඖෂධ සියල්ල ලබා දී තිබෙනවා. ඖෂධ ජාවාරම්කරුවන් සතුටු කිරීමටයි මේ බරපතළ මානව අපරාධය කර ඇත්තේ. මෙය සමූහ මිනිස් ඝාතනයක් ලෙස හඳුනාගත හැකියි. අද දුප්පත්, අහිංසක රෝගීන්ට රජයේ සෞඛ්‍ය සේවය පිළිබඳව මෙතෙක් පැවැති විශ්වාසය නැතිව ගොස් තිබෙනවා.

මෙවැනි බරපතළ ¥ෂණ, මානව අපරාධ සිදු කළ අයකුට තවදුරටත් කැබිනට් අමාත්‍ය ධුරයක් දැරිය හැකද? මෙවැනි පුද්ගලයකුට ‘ඇමති’ කියා ආමන්ත‍්‍රණය කරන්න මේ රටේ ජනතාවට පුළුවන් ද? දොස්තර සාෆිට එල්ල වී ඇති චෝදනාවන්ටත් වඩා බරපතළයි, ඇමති රාජිතට එල්ල වී ඇති චෝදනා. දොස්තර සාෆිගෙන් බැට කෑවේ සිංහල ගැබිණි මව්වරුන් පමණයි. නමුත් රාජිත සේනාරත්න කියන දත් දොස්තරගෙන් බැට කාලා තිබෙනවා, මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ රෝගීන්. මේ මානව අපරාධයන්ට වගකිව යුතු ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත් කර පරීක්‍ෂණ කටයුතු ඇරඹිය යුතුයි. එහෙම නැත්නම් මේ මානව අපරාධයන්ට සහාය දුන් ආණ්ඩුවක් ලෙසයි මේ ආණ්ඩුව සැලකිය හැක්කේ.’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

28,475 Viewers

11 Comments to “ඇමති රාජිත මහා මානව අපරාධක.. දොස්තර සාෆිට වඩා චෝදනා බරපතලයි.. සමුහ මිනිස් ඝාතන චෝදනා..”

  1. දිල්හාන් says:

    දෙන්නා එකතු වෙලා ශිරාණි බණ්ඩාරනායක එළෙව්වා මතකද ? අන්න නීතිය ක්‍රියාත්මක කරපු වෙලාවල් නේද?

  2. නාගානන්දට සවන් දෙමු says:

    අනේ මහත්තයෝ දැන් ඔයාලගෙ අණ්ඩුවක් පිහිටුවයි කියල හිතමුකො. එතකොට ලැට් කටා වගේම ඔබ ඇතුලු අනේක දූශණ අපරාධ කරල ඉන්න පල් හොරැන්ව අල්ල හිරේ දානවද නඩු අහල. අනේ මේ නිකන් යන්න මෙයා යන්න. මේ මාතෘ භූමිය ඔබලා නිදහසේ මංකොල්ල කන එක නවත්වන්න පුලුවන් නාගානන්ද මහතා ගෙන එන ජන සම්මත ව්‍යවස්ථාව සම්මත වීමෙන් පමණයි. බුද්දිමත් ඔබ නාගානන්ද වටා නොව ඔහුගේ මාතෘ භුමියේ අභිවෘදිය වෙනුවෙන් ඇති දැක්ම වටා පෙල ගැහෙන්න.

    • සීගිරි says:

      මේ රටේ මුලු මහත් ජනතාව නසන වැඩපිලිවෙල ඇත්තේ මේ රටේ සමාජ ආර්තික දේෂපාලන වැඩ පිලිවෙල තුලම හෙවත් රාජ්‍යය යාන්ත්‍රණය තුලයි.එංගලන්තයේ නව යටත් විජිතයක් වන ලංකාව තුල අධිරාජ්‍යවාදීන් විසින් තම මොඩල වලට අනුව පවත්වාගෙන යන පාසැල් විශ්විද්‍යාල,අධිකරණය,පොලිසිය,හමුදාව, පාර්ලිමේන්තුව යන හැම අගෝපාංගයකම සේවය අධිරාජ්‍යවාදීන්ගේ පැවැත්ම පිනිස සැකසී ඇති අතර ඒවායේ ක්‍රියාකාරිත්ව්‍ය මේ රටේ ජනතාවගේ පැවැත්මට තර්ජනයක්ව ඇත.
      අධිරාජ්‍යවාදින් විසින් අල්ලේ නිරැවත්ව නටවන ලංකා නවයටත් විජිතයේ පාර්ලිමේන්තුව අහෝසි කර ආණ්ඩු මාරැව වෙනුවට රටේ මිනිසුන්ගේ පැවැත්මට තර්ජනයක්ව ඇති මේ රාජ්‍ය ව්‍යූහයේ හා යාන්ත්‍රණයේ නියම වෙනසක් කිරීම හැර අන් විසදුමක් නැත.එකම විද්‍යාත්මක විසදුම එයයි.
      මේ නවයටත් විජිත රාජ්‍යය ව්‍යූහය හා යාන්ත්‍රණයම යොදාගෙන දියුණුව,සාධාරණය,සමෘදිය උදා කරනවා යයි කියාගෙන යමෙක් ඉදිරිපත්වේ නම් එක්කෝ ඔහු අලි බොරැ කාරයෙකි නැත්නම් මෝඩයෛකි.

    • ජනයා says:

      නාගානන්ද කියන්නෙ NGO කුක්කෙක්නෙ. ඒ මොන පෙන්දෙක්ද? රටක් පාලනය කරනව කියන්නෙ සුලු දෙයක් කියල හිතනව ඇති. ඒ මිනිහට කඩේ යන්නෙත් ඒ වගේම පෙන්දො.

      • ranjan says:

        ජනයා නමින් ඉන්න ගොනෝ තේරුම් ගනින් මේ ඉන්න දේශපාලුව ලෝක හොරු බව උන් නිල්, රතු,කොල සෙරම එකයි අපි චංද දමා මුන්ට සැපදෙනවා අපි හිගාකනවා අපි නාගානනද කොඩිතුවක්කු වට එක්වෙනවා බලපන් https://www.youtube.com/watch?v=rWentwUFmSA

        • Analyst says:

          නාගානන්දත් මේ ගොඩේම කෙනෙක් විතරයි…. ද්විත්ව පුරවැසියෙක්.ද්විත්ව පුරවැසිභාවය දැරෑ කිසිම කෙනක් ජනතාව පිලි නොගත යුතුයි.
          මොහු පොදුරාජ්‍ය මණ්ඩලය හිස මුදුනේ තබාගෙන ඉන්න,සුද්දගේ වහලෙක්.දැන් දැන් රටේ හුලග හමන අතට නහයෙන් ඉව අල්ලා කතාව ටික ටික මාරැ කරන කෙෙරාටිකයක්.
          දෛරණ 360 හා මුල් You tube වීඩියෝ වල අඩංගු ප්‍රකාශ වලින් මොහු එලිදරව් වුනා.

        • ජනයා says:

          වාහන ගේන එකත් නවත්තන්න ඕනි. හැබැයි රටේ තියන ය්හත්වෙ ඊටවඩා ගොඩක් ගැබුරුයි බැරෑරුම්. ඒකයි මේ පැලැස්තරකාර පැරචුට්ටන්ට වඩා රට ගැන හිතන ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. මොහු ඉන්නෙ ඊට ගොඩාක් ඈතින්.

  3. Sun says:

    Thank you for revealing all these information to the public to understand the mentality of this wicked man. He has been controlling the ministry in order to develop own business rather than working for the people in Sri Lanka. All your thinking was focus of making money for you by using the ministerial opportunity rather than working for the country. Others were keeping mouths shut and you had a plan to be a millionaire without doing much work. Is that the responsibility given to you by the people. If you misuse the opportunity that will affect your inner mind and carry on even after death as negative kamma for your next life.

  4. one shot says:

    මොහොමඩ් දන්තනාරායන දත් නැතිව බත් කන්නට නියමිතය​.

  5. Bodu Helaya says:

    Best action taken is to make complains to World Health Org. and UN Human Right Council.

  6. Saradiel says:

    කල් ඉකුත්වූ බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නම ගෑවුණු පළමු අවස්තාව මෙය නොවේ.ඔහු මීට පෙර බාල බෙහෙත් ජාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයේ චූදිතයෙකු වී මන්ත්‍රීධූරයෙන්ද නෙරපනු ලැබූ පුද්ගලයෙකි. ඒ පිළිබදව අමාත්‍ය විජයදාස පසුගිය දිනවල ප්‍රකාශ කර තිබිණි.

Main News