ඇමති රාජිත විප්ලවීය නායකයෙක්..- අස්ගිරි මහ නාහිමි

March 6, 2017 at 8:40 am | lanka C news
ඇමති රාජිත විප්ලවීය නායකයෙක්..- අස්ගිරි මහ නාහිමි

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවෙි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් හමු වී ජාතික හිසතෙල් ගෑමෙි මහෝත්සවයට ආරාධනා කරන ලදී.

ඊට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යරයා දළදා සමිදුන් වැදපුදා ගත්හ. ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් බැහැදුටු සෞඛ්‍ය අමාත්‍යවරයා හිසතෙල් ගෑමෙි මහෝත්සවයට ආරාධනා කරමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සුහඳ පිළිසඳරක යෙදෙන ලදි. එහිදී මහනායක හිමියන් ප්‍රකාශ කළේ කිසිදු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු නොකළ ආකාරයට ඖෂධ මිල අඩු කරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා විප්ලවීය වෙනසක් සිදු කළ බවයි. මෙම අවස්ථාවට එක් වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි අතිපුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මාලඹෙි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියහ. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සමග පසුගිය සිකුරාදා රාත්‍රීයේ විශේෂ සාකචිඡාවක් පැවැත් වූ බවත්, ලබන 09 වන දා තවත් සාකචිඡාවක් පවත්වන බවයි. ඉදිරියේ දී ගැටළුවක් ඇති නොවන අයුරින් එම ප්‍රශ්ණය විසදන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඉන් පසු මහනුවර නාථ දේවාල භූමියට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා එහි විහාරාධිපති පුජ්‍ය ගොමගොඩ රතනසාර නාහිමියන් හමු වී හිසතෙල් ගෑමෙි මහෝත්සවය පැවැේවීම පිළිබදව සාකචිඡා කරන ලදි.

අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවෙි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සමග සුහඳ පිළිසඳරක නිරත වෙන ලදි. එහිදී මහනාහිමියන් ප්‍රකාශ කළේ ඖෂධ මිල අඩු කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවට විශාල සේවාවක් ඉටුකළ බවයි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය, අක්ෂි කාච සහ ඖෂධ මිල අඩු කිරිම, ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, රුධිර පරික්ෂණ නොමිලේ සිදු කිරිම, ඖෂධ මාෆියාව නැති කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ වංචා නැති කිරීම, පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මහනාහිමියන් දැනුවත් කරන ලදි. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිය දී මුහුණ දුන් ගැටළු පිළිබදව මල්වතු නාහිමියන් කරුණු ඉදිරිපත් කළ අතර, සෞඛ්‍ය සේවාවෙි ලබා ඇති දියුණූව අගය කරන ලදි. තව ද යහපාලන රජය ලබාදුන් පොරොන්දු ඇතැමුන්ට අමතක වී ඇති බව මහනාහිමියන් මෙහිදී පෙන්වා දුන්හ. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නව රජය බිහි කිරිමට ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව උන්වහන්සේ ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අමාත්‍යවරයාට ඖෂධ සහ දුම්කොළ සමාගම්වලින් බලපෑම් සහ තර්ජන ඇති බව සදහන් කළ මල්වතු නාහිමියන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස ද ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලංකාෙවි නිෂ්පාදනය කිරීම පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. ඊට මහනාහිමියන් සිය සතුට පළ කළ අතර, ඊට අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව ද අවධාරණය කර සිටියේය.

ඉන් පසු මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාතික හිසතෙල් ගෑමෙි මහෝත්සවය සෑම වසරකම මහනුවර නාථ දේවාල භූමියේ දී සිදු කිරීමට රජය සැළසුම් කර ඇති බවයි. මෙය ගැසට් නිවෙිදනයක් මගින් ප්‍රකාශ කිරිමට ජනාධිපතිවරයා සමග සාකචිඡා කරන බව ද, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාවෙි සියළුම ඔසුසල්වල අඩු කළ මිලට ඖෂධ අලෙවි කරන බව පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා සයිටම් ගැටළුව විසදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සදහන් කළේය.

ඉන් පසු අස්ගිරි ගෙඩිගේ විහාරයට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය වෙඩරුවෙි උපාලි නාහිමියන් හමු වී සුහඳ පිළිසඳරක යෙදෙන ලදි. මෙහිදී අනවබෝධය මත ඇතිවන ජාතින් අතර ගැටළු පිළිබදව සාකචිඡා කළහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

104 views

23 Comments to “ඇමති රාජිත විප්ලවීය නායකයෙක්..- අස්ගිරි මහ නාහිමි”

  1. Karu says:

    කොහෙද අර ඒක කළේ හාමුදුරුවනේ?

Main News