ඇමති රාජිත අමාත්‍යංශයේ වාහන 18ක් අවභාවිත කරලා.. සියල්ල 24ක්.. FCID පරීක්‍ෂණ ඇරඹෙයි..

June 20, 2019 at 11:20 am | lanka C news
ඇමති රාජිත අමාත්‍යංශයේ වාහන 18ක් අවභාවිත කරලා.. සියල්ල 24ක්.. FCID පරීක්‍ෂණ ඇරඹෙයි..

රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 18ක්, ඇමතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 02ක්, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් ලබාගෙන ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණය කර ගෙන ඇති බවද වාර්තා වේ.

එසේම මෙම වාහන අවභාවිතාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කළ බව එම කොට්ඨාසය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

එවැනි දැනුම්දීමක් සිදුකර ඇතිද යන්න පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගෙන් විමසීමක් කළ අතර, මේ වනතුරු එවැනි දැනුම්දීමත් තමන්ට නොලැබුණු බවත්, දැනුම්දීමක් අමාත්‍යාංශයට කර ඇතිදැයි තමන් නොදන්නා බවත් ඇය පැවසුවාය.

කෙසේ වෙතත් පසුගියදා සිය තනතුරින් ඉවත් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෆයිසාල් කාසීම් මහතා විසින් තමන් පරිහරණය කරමින් සිටි වාහන 11ක් එම අමාත්‍යාංශයට භාරදී ඇති බවද වාර්තා වේ.

මේ අතර, ජනාධිපති ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා, සහායක කාර්යමණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වැඩිපුර වාහන 24ක් නිකුත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති අතර, පසුගිය අප්‍රේල් 22 වැනිදා එම වාර්තාව නිකුත් වී ඇත.

2010 මැයි 14 දින ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛයට අනුව අමාත්‍යවරයෙකු වෙනුවෙන් වෙන්කළ හැකි වාහන සංඛ්‍යාව 03ක් බවත්, ඇමතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යාව 03ක් බවත් දක්වා තිබේ.

එසේ වුවද, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 18ක් අනුයුක්ත කර ඇති අතර, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 02ක්ද, නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් අනියුක්ත කර ඇති බවට විගණන වාර්තාවේ දැක්වේ.

එමෙන්ම අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන්කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314කදී අමාත්‍යාංශ සංචිතයේ ඇති වාහන අනියුක්ත කර ඇති බවත්, ඒ සඳහා අවස්ථා 102කදී කිලෝමීටර 56,182ක් සඳහා රුපියල් 795,370ක ඉන්ධන වැය කර තිබූ බවත් අදාළ විගණන විශේෂ විමර්ශන වාර්තාවේ සඳහන් වේ.

මෙම වාහන අවභාවිතාව සම්බන්ධයෙන් දැක්වෙන විගණන වාර්තාව සම්බන්ධයෙන් අදහස් විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් යන මහත්වරුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

– ada.lk

35,092 Viewers

11 Comments to “ඇමති රාජිත අමාත්‍යංශයේ වාහන 18ක් අවභාවිත කරලා.. සියල්ල 24ක්.. FCID පරීක්‍ෂණ ඇරඹෙයි..”

  1. Love nature says:

    යදමින් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුනුවන්න
    මෙවැනි වරදට රාජිතට දඩුවම් නොදැනේ නම්
    කුමට එරට අධිකරණය නිතිය සහ විනිසුරන්…..

  2. Sun says:

    He does most of his personal business by using the vehicles . That is tax payers money. Is that the way minister following code of ethics as mentally matured personal. Others are same no big difference. Most of them are the same. Any way to cut down the supply of vehicles. I know in some developed countries some ministers use bicycles to cut down the expenses my dear.

  3. Janaka says:

    හරිම සතුටුදායක පුවතක්. ඒ කියන්නේ ලබක සිංහල අවුරුද්දට පොදුදේපල පනත යටතේ මූ ඉන්නේ හිරේ. හුරේ

    • සනත් ඉතාලිය says:

      කිසිම දේශපාලන චරිතයක් කවදාවත් හිරේ යන්නෙ නැත. මේ 225 එකතුවී මහජනතාව සමග කරන ගේම් එකක් මේක. එතනදි උන් දිනුම්. අපිට කරන්න පුලුවන් එකම දේ මුන් පාරෙ යන විට හූ කීම හා ගූ ගසා පන්නා දමීම. එකම දේ හමදාම වෙනවිට මුන්ට තේරෙවි. අපේ ලේ උරාබොන පරපෝශිතයො මුන් වදගත් හිගන්නො

    • සනත් ඉතාලිය says:

      කිසිම දේශපාලන චරිතයක් කවදාවත් හිරේ යන්නෙ නැත. මේ 225 එකතුවී මහජනතාව සමග කරන ගේම් එකක් මේක. එතනදි උන් දිනුම්. අපිට කරන්න පුලුවන් එකම දේ මුන් පාරෙ යන විට හූ කීම හා ගූ ගසා පන්නා දමීම. එකම දේ හමදාම වෙනවිට මුන්ට තේරෙවි. අපේ ලේ උරාබොන පරපෝශිතයො මුන් වදගත් හිගන්නො මුදලට තමන්ගෙ අම්මවත් පාවදෙන පින්පියො .

  4. Siritunga says:

    කොහොමද චීන සිග‍රට්…?

    …ම්ම්ම්…. ඇත්තටම හරි වචනෙ සිගරට් ද සික‍රැට් ද….?

  5. Sinnaporan says:

    Poor children die due to starvation in the country daily. Some committed suicide as no money to buy food. Present rulers have been looting the resources including central bank. In the countries where civilized people live if such unfortunate incident occurs it will be fully investigated by the government and appropriate action will be taken to not not repeat same. Sri Lankan rulers no seance Only blood suckers and predators.

  6. kawinda says:

    thatamala thatamala rupiyal deke biththarayak demma wage mata denenne.

  7. ON THE SPOT says:

    දඬුවම් අනිවාරයෙන්ම ලැබිය යුතුයි.මොහුගේ උත්පත්තියත් අවභාවිතයක්?

  8. Sun says:

    They think this is the best life in the world. Living a luxury life full of facilities. But we all know our body is full of impurities unless we clear that we cannot find the happiness. We have to develop our heads. Not building big buildings and getting luxury cars. Part of the community is suffering. Is that happiness. Unless you develop the mind beyond this level of thinking you cannot overcome the problem of suffering my friends. So think from your developed heads and overcome the problem of suffering rather than collecting money for nothing.

  9. Buruputha says:

    Rajitha nam vasalayata denna puluvan uparima danuvam denu. Vachaala paraya deshapalanayen
    Ivath karamu.

Main News