ඇමති රිෂාඩ්ගේ අනුමැතියකින් සතොසට ගෙනා රට හාල්වලින් බිලියන 15 ක් රජයට පාඩුයි.. විගණකාධිපති වාර්තාවෙන් හෙලිවේ..

January 16, 2017 at 7:06 am | lanka C news
ඇමති රිෂාඩ්ගේ අනුමැතියකින් සතොසට ගෙනා රට හාල්වලින් බිලියන 15 ක් රජයට පාඩුයි.. විගණකාධිපති වාර්තාවෙන් හෙලිවේ..

ඇති විය හැකි හාල් හිඟයකට පිලියමක් වශයෙන් 2014 ජූලි මාසයේදී සහල් ටොන් ලක්ෂ 3 ගෙන්වීමට තීරණය කලත් අත්සන් කල ගිවිසුම අනුව 2014 දෙසැම්බර් 31 දිනට පෙර අවශ්‍ය හාල තොගය නොලැබුනි.

ඒ අනුව ඉතිරි තොගය වන සහල ටොන් 197000 ක් ලබා ගැනිමට විවෘත කල ණයවර ලිපිය මහා භාණ්ඩාගාර විසින් 2015 ජනවාරි මක් 15 දින අවලංගු කරන ලදි. එයට ප්‍රධාන හේතුව ඒ වනවිට රටේ වී අස්වැන්න ලැබෙමින් තිබු අතර සහල් අවශ්‍යතාවය පහව ගොස් තිබුනි.

එහෙත් නව රජය යටතේ පත්වූ වෙළෙඳ හා කර්මාන්ත ඇමති රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් රටේ සහල් අස්වැන්න ලැබෙමින් තිබියදි ඉතිරි හාල් ටොන් ලක්ෂ 197000 ක් ගෙන්වීමට 2015 පෙබරවාරි මාසයේ ලිපි 2ක් මගින් සතොසට උපදෙස් ලබා දුන් අතර එසේ ගෙන්වන ලද අතිරේක සහල් තොග නිසා සතොසට රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදු වී ඇති බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දි ඇත.

මෙම මහා පරිමාණ දූෂණය සම්බන්ධයෙන් අද සති අග පුවපත්පතක මුල් පිටුවේ වාර්තා කොට ඇත.

එහි වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ මෙම මහා පරිමාණ දූෂණය සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණය සම්බන්ධ ජනාධිපති විශේෂ කොමිසම මගින් පරික්ෂණයක් පවත්වමින් ඇති බවයි.

0 views

4 Comments to “ඇමති රිෂාඩ්ගේ අනුමැතියකින් සතොසට ගෙනා රට හාල්වලින් බිලියන 15 ක් රජයට පාඩුයි.. විගණකාධිපති වාර්තාවෙන් හෙලිවේ..”

  1. නිවැරදි කිරීමයි... says:

    “මෙම මහා පරිමාණ දූෂණය සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණය සම්බන්ධ ජනාධිපති විශේෂ කොමිසම මගින් පරික්ෂණයක් පවත්වමින් ඇති බවයි.” යන්න​
    “රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා මෙම චෝදනාවෙන් නිදහස් කරන්නේ කෙසේ දැයි සෙවීමට,​ මහා පරිමාණ දූෂණය සම්බන්ධ ජනාධිපති විශේෂ කොමිසම මගින් පරික්ෂණයක් පවත්වමින් ඇති බවයි” ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සළකන්න​.

  2. sira says:

    Apenma horaa kaala, Halaal salli ekathu karala Hamba gammaana hadala rata allamu. Town tika allala iwaraaayi.

  3. sinha le says:

    කමක් නෑ අල්ලාහ් ගේ කැමැත්තනේ

    https://www.facebook.com/protectvilpattu/

  4. Nallathambi says:

    Shari ayya shari. Nambadaal.Kariyam ille. nethiya. Hari…hari…malli ape ayane…..awulak nee. nithiya ape.

Main News