ඇමති ලේකම්වරුන් ගොඩගන්න ගිය මුලතිව්හි කොටි වලදැමූ රත්‍රං පොලිසිය ගොඩගනී…

December 3, 2021 at 11:20 am | lanka C news
ඇමති ලේකම්වරුන් ගොඩගන්න ගිය මුලතිව්හි කොටි වලදැමූ රත්‍රං පොලිසිය ගොඩගනී…

මුලතිව් පුදුකුඩිඉරිප්පු, සුදන්තිරපුරම් ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදැමුවේ යැයි පැවසෙන ස්ථානයක පසුගියදා අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ගොඩගැනීමට උත්සහ ගත් ස්ථානයේ අධිකරණ නියෝගයකට අනුව ඊයේ දින සිදුකරන ලද කැනීම් කටයුතු අද (03) දිනය දක්වා කල්දැමීමට සිදු වූ බව පුදුකුඩුඉරිප්පු පොලීසිය පවසයි.

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ අධීක්ෂණයන් පරිදි ග්‍රාම නිලධාරීවරුනගේද සහභාගීත්වයෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහයෙන් සුදන්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක ඊයේ දින පස්කපන යන්ත්‍රයකද ආධාරයෙන් කැනීම් කටයුතු ආරම්භ කලද පැවති අයහපත් කාලගුණය හා තාක්ෂනික දෝෂයන් හේතුවෙන අද දිනය දක්වා කල්දැමීමට සිදුව තිබුනි.

පස්කපන යන්ත්‍රවලින් අඩි පහක පමණ වලවල් දෙකක් කැපුවද එහි හිස් බැරලයක් පමණක් තිබී හමු වූ අතරම කැපූ වලවල්වලට ජලය පිරීම සහ වරින් වර වර්ෂාව ඇදහැලීමත්, ජලය ඉවත් කිරීමට අපහසුවීම යන කරුණු හේතුවෙන් අදාල ස්ථානයට සහ අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවා අද දිනය දක්වා කැනීම් කටයුතු කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් වරයා විසින් නියෝග කරන ලදි.

කෙසේ වෙතත් කැනීම් සිදුකරන ලද ස්ථානය ආසන්නයෙන්ම කපා ඇති ළිඳක් සම්බන්ධයෙන්ද සැකයක් ඇතිව තිබෙන අතර අදාල ළිඳ කපා ඇත්තේ 2014 වසරේ මැයි මාසයේ බවටද අනාවරනය වී ඇත.

මෙම ස්ථානයේ රත්ත්‍රාන් ඇති බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව පසුගිය නොවැම්බර් 25 වනදා එහි කැනීම් කටයුතු සිදුකිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.

මේ අතරවාරයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරු දෙදෙනෙකු විසින් 23 වනදා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට ගොස් අදාල ස්ථානයේ දේශපාලන බලය උපයෝගි කරගනිමින් කැනීම් කටයුතු සිදුකිරීමට උත්සහ ගැනීමේදී පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් පොලිස් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව කැනීම් කටයුතු නවතා එම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදනු ලැබීය.

මේ අතර 25 වනදා අධිකරණ නියෝගයකට අනුව සුදන්තිරපුරම් ප්‍රදේශයේ කැනීම් සිදුකිරීමට සිදුව තිබුනද පැවති මහවිරු සැමරුම සහ අයහපත් කාලගුණික වාතාවරනයන් හ්තුවෙන් දෙසැම්බර් 02 වනදා දක්වා කල් දැමීමෙන් පසුව ඊයේ (02) දින කැනීම් කටයුතු සිදුකරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

70,459 views

10 Comments to “ඇමති ලේකම්වරුන් ගොඩගන්න ගිය මුලතිව්හි කොටි වලදැමූ රත්‍රං පොලිසිය ගොඩගනී…”

  1. Satakaya says:

    ඔය පැත්තෙ රාජපස්සලා එහෙම කැරකුනාද ? එහෙනං ඉතිං තොපිලට ඉතුරුවෙන්නෙ හිස් බැරල් විතරයි.

  2. සැකයි i හොඳේ says:

    තාම ඉතින් සැකයි ටික දවසකට කලින් ඒව ගොඩදාලා ගෙනිච්චද කියලා. තව හොයද්දි ඇල්ලුවද දන්නේ නෑ. කොයි මුල්ලක හරි සම්බන්ධීකරණ ලේකම්ලා ඉන්නවනම් ලොක්කෝ නෑ කියලා හිතන්න පුලුවන්ද. ඊයේ පෙරේදා පියුමිගෙ කරට මාලයක් කත් දාලා නම් ඉතින් දැනගන්න පුළුවන්.

  3. පුල්ලත් හොයන්න says:

    අඩි විස්සක් යට තිබ්බත් රත්තරන් හොයන්න පුළුවන් ගැජට් තියෙන රටේ ඕක හාරලා ම බලන්න ඕනේ ද? හරිම තැන හොයාගන්න ඔච්චර අමාරුයි ද? මේ වෙනකොට කවුරුහරි ඒ තාක්ෂණය පාවිච්චි කරල නැත්තං පුදුමයි.

  4. desta says:

    rajapaksa demma otanata gihin ethi pramprawama

  5. WD says:

    යකො එ දවස් වල සිවජිලිංගමිට LTTE මැරිච්ච උන් සමරන්න ඔනෙ කියලා සජිතයා කිවිවනෙ පසසෙ ඔකා ගියා වවිනියා ගියා ජයවර්දනත් එක්ක

  6. baමුනා says:

    ලොකු ආර්යාවක් ඔය ටික ඒකාලෙම විකුනුවා කියලා අපි පත්තරේ දැක්කේ.. දැන් බොරුවට වලවල් හාරනවා..

  7. පිස්සා says:

    යුද්ධෙ නිමා කල සරත් වීරසේකරටයි ඔය රත්තරං අයිති, එයාට හාරලා ගන්න ඉඩ හරින්න

  8. Tona says:

    හොරකම් කරපු හොරත් කට්ටිය එක්ක එකතුවෙලා නැතිවෙච්චදේ හොයන්නෙ….එහෙම සීන් එකක් වගේ කොටි රත්තරන්.

  9. ASK says:

    For Bindu Fund?

Main News