ඇමති ලොහාන් බීමතින් ආවා.. ලෝඩ් කල පිස්තෝලයෙන් වෙඩි තියන්න හැදුවත් පත්තු වුනේ නෑ..- සිරකරුවෝ කියති..

September 18, 2021 at 10:02 pm | lanka C news
ඇමති ලොහාන් බීමතින් ආවා.. ලෝඩ් කල පිස්තෝලයෙන් වෙඩි තියන්න හැදුවත් පත්තු වුනේ නෑ..- සිරකරුවෝ කියති..

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී සිදු කර ඇතැයි කියන කලබැගෑනිය සත්‍ය එකක් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තියා සිටිති.

අදාළ සිදුවීම ගැන සොයා බැලීම සඳහා එම බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන, රෝහන බණ්ඩාර යන මන්ත‍්‍රීවරන් කියා සිටියේ බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි ඇති අමාත්‍යවරයා පිස්තෝලය සිරකරුවන්ගේ හිසට තබා තර්ජනය කර ඇති බවයි.

උණ්ඩ ලෝඩ් කරන ලද පිස්තෝලය ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූ බවත් බන්ධනාගාර නිලධාරින් විසින් තමන් බේරා ගත් සිරකරුවන් පැවසූ බවද ඔවුන් කියා සිටියහ.

92,155 views

31 Comments to “ඇමති ලොහාන් බීමතින් ආවා.. ලෝඩ් කල පිස්තෝලයෙන් වෙඩි තියන්න හැදුවත් පත්තු වුනේ නෑ..- සිරකරුවෝ කියති..”

  1. මරඳන්කඩවල යකඩයා says:

    ගෙදරින් අරන් එනකොට කොටලා නෙවිද අරන් ආවේ ආයුබොවන්ඩ ???

  2. Sharm says:

    මේක කලින් ලියල දුන්න තිර නාටක පිටපතක්නෙමේ නිසා සංස්කරන බෝමයි. තව දවස් යද්දි අර මැණිකේ සිංදුව වගේ version තොගේට එන්න ඉඩ තියෙනවා අන්තිමේ ප්රධාන නලුවා මහන වෙලා නිලිය රට යනවා බලාගෙන හිටපු අපි හිරේ යනවා වගේ වෙන්නත් පුලුවන්. මැදමුලනෙ ආණ්ඩුව නෙ..

  3. saman says:

Main News