ඇමති වාසුදේව රජයේ රෝහලකට.. ඔහුගෙන් විශේෂ දැනුම් දීමක්..
January 13, 2021 at 6:26 am | lanka C news
වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා නිකුත් කරන ලද විශේෂ ප්රවෘත්ති නිවේදනයයි.
ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා වෛද්‍ය උපදෙස් මත සායනික පරීක්ෂණ සඳහා යොමුකර ඇත.
දැනට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නේවාසිකව පසුවන අමාත්‍යතුමා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.
ජනවාරි මස 09 වන දින පැවති උණ රෝගී තත්ත්වය සහ ශාරීරික අපහසුතාවය හේතුවෙන් වෛද්‍ය විශේෂඥ උපදෙස් මත PCR පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇතැයි තහවුරු වී ඇත.
අවම වශයෙන් ජනවාරි 06 වන දින සිට වාසුදේව නානායක්කාර අමාත්‍යතුමන් හමුවුනු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටින අතර දිවයිනේ නන් දෙසින් ආගමික වතාවත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදුකරන මහා සංඝරත්නය, පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට සහ හිතවතුන්ට එතුමන්ගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනු ලබන බව ද දන්වා සිටිමි.
මහේන්ද හරිස්චන්ද්‍ර
අධ්‍යක්ෂක මාධ්‍ය
ජල සම්පාදන අමාත්‍යංශය
Thama hodata inna wada ????
මෙතුමට පිංසිද්ධවෙන්න අපිට දැන් පැය 24 ම වතුරටිකනං ලැබෙනවා. නැත්තං පෝය දවසටත් වතුර කපපු තැනක් ජලසම්පාදනේ කියන්නේ.
You should have gone to Mount Elizabeth , Singapore on government fund.
ඉස් ඉසෙල්ලාම වාසුදේවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන් ,එදා වාසූ ගිරිය පුප්පගෙන කෑගහුව කතාවක් මතක් වෙනවා පාර්ලීමෙන්තුවේ , “අපිට ඔය එන්නත වැඩක් නෑ ,දැන්ම ඔනේ නෑ ,අපිට තියෙනවා හෙල පැණියක් ” එහෙම කියපු මහත්තයට අන්තීමේදී කොවිඩ්19 වැලදිලා , රොහල් ගතවී සිටිමට සිදුවීම කෙතරම් අබාග්ය සම්පන්නද ? පැණි ,චූර්ණ ,කල්ක අල්ලගෙන නටන උන්දැලැට අන්තිමට පිහිට වෙන්නේ එක්කො පෞද්ගලික රොහල නැත්නම් රජයේ රෝහල. අහේතූ කාලේන කජ්ජේන පුහුළං