ඇමති විමලවීර ඉහල තැනකට පංච නින්දාවෙන් බැණ වදී..
January 12, 2022 at 10:22 pm | lanka C news
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරියට බැණ වැදී තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
මීට හේතු වී ඇත්තේ මෑතකදී පින්නවල අනාථාගාරයේ උපන් අලි පැටවුන් දෙදෙනකුට නම් තැබීමේ උත්සවයක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමකි.
අදාල උත්සවය සඳහා සූදානම් කළ ආරාධනා පත්‍රයේ එම උත්සවය පවත්වන්නේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බවට සඳහන් කර නොතිබීමෙන් කෝප වූ දිසානායක මහතා මෙම බැණවැදීම දුරකථනය මගින් සිදුකර ඇතැයි ද සඳහන්ය.
අදාල ආරාධනා පත්‍රයේ තිබී ඇත්තේ රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සිදුවන බවයි.
කෙසේ වෙතත් අදාල උත්සවය සදහා මෙම අමාත්‍යවරුන් දෙදෙනාගම සහභාගී නොවී තිබීම විශේෂත්වයකි.
අබිලින්
Mkadda yako pancha nindawe. Panchaudaeda