ඇමති විමල්ගේ ‘නියෝගයෙන්’ මැණික් කර්මාන්තයට නව ජීවයක්…
March 11, 2020 at 2:02 am | lanka C news
‘මැණික් ගැරීමේ අයිතිවාසිකම’ බදු ගන්නා ගැනුම්කරුවන්ට ද මැණික් ගැරීමේ බලපත්‍රයක් ලබා ගැනීමට හැකි වන සේ මැණික් හා ස්වර්ණාභරණ විෂය භාර කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය මාර්තු 02 වැනිදා පැන වූ ‘2020 ජාතික මැණික් හා ස්වර්ණාභරණ (මැණික් ගැරීමේ බලපත්‍ර) නියෝග’ මගින් මැණික් කර්මාන්තයේ නියැලෙන්නන්ට සහ මැණික් කර්මාන්තයට පිවිසීමට බලාපොරොත්තු වන නවක කර්මාන්තකරුවන්ට මෙතෙක් පැවැති බරපතළ ගැටලුවක් විසඳී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ පනවා ඇති මැණික් ගැරීමේ බලපත්‍ර සඳහා වූ මෙම නියෝග, අංක 2165/1 දරන 2020. 03. 02 දිනැති ආණ්ඩුවේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුළත්ව ඇත.
– මාධ්‍ය ඒකකය