ඇමති විමල්ගේ පුතාත් එහෙ ඉන්න නිසාලු චීන සිසුන් ගෙන්වගන්න ආණ්ඩුවට හදිස්සිය..

January 29, 2020 at 10:12 pm | lanka C news
ඇමති විමල්ගේ පුතාත් එහෙ ඉන්න නිසාලු චීන සිසුන් ගෙන්වගන්න ආණ්ඩුවට හදිස්සිය..

චීනයේ අධ්‍යාපනය ලබන ශ‍්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒම සදහා ආණ්ඩුව කඩිනම්ව කටයුතු කරන්නේ ඇමති විමල් වීරවංශ මහතාගේ පුත් විභූති වීරවංශ චීනයේ අධ්‍යාපනය ලබන නිසා බවට පලවන අන්තර්ජාල මාධ්‍ය වාර්තා ඇමතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.

චීනයේ අධ්‍යාපනය ලබන තම පුත‍්‍රයා පසුගිය 09 වැනි දින සිට ශ‍්‍රී ලංකාවේ රැදී සිටින බව ඒ මහතා සදහන් කරයි.

අදාල පුවතට ප‍්‍රතිචාරයක් ලෙස ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුනේ මෙවන් සටහනකි.

දරුවන් ගාවාගෙන මඩ ගැසීම…!

චීනයේ ඇති වූ අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, චීනයේ සිටින සිසු සිසුවියන් ඇතුළු සියලු ලාංකිකයන් නැවත ලංකාවට රැගෙන ඒමට, ගනු ලැබූ කඩිනම් පියවර සියලුදෙනාගේම පාහේ ප්‍රසාදයට ලක්විය. එම නිසා කලබල වූ සීයට තුනේ රතු අලි ජනාධිපතිතුමන් ගත් එම තීරණය හෑල්ලුවට ලක් කිරීමට ක්‍රමයක් කල්පනා කළේය. ඒ සදහා මෙම සීයට තුනේ කුහක රතු අලි අල්ලාගෙන තිබෙනුයේ මගේ පුතාව ය. මගේ පුතා චීනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන බැවින් ආණ්ඩුව මෙතරම් වේගයෙන් ක්‍රියාත්මක වූයේ “විමල්ගේ පුතා බේරාගැනීමට ” යන පුවත කරළියට එන්නේ ඒ අනුව ය .

වදවීගෙන යාමේ තර්ජනයට මුහුණ දී සිටින සීයට තුනේ රතු අලි හා එන් ජී ඕ කාක්කන්ගේ අවබෝධය පිණිස නොව, හුදී ජනයාගේ දැනගැනීම පිණිස එහි සත්‍ය තත්ත්වය මෙසේ පැහැදිලි කරමි.

මගේ පුත් විභූති චීනයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබ එහි ඉගෙනුම ලබන බව සත්‍යයකි. චීනයේ අලුත් අවුරුද්ද වෙනුවෙන් විභූති ඉගෙනුම ලැබූ විශ්වවිද්‍යාලය දරුවන්ට නිවාඩු දුන්නේ පසුගිය ජනවාරි 8 ය. ඒ අනුව විභූති ජනවාරි 9 වැනිදා පාන්දර ශ්‍රීලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් යානයකිනි. චීනයේ කොරෝනා ප්‍රශ්නය උදගත වන විට විභූති ඉන්නේ ලංකාවේ ය. මේ මොහොතේ ද ඉන්නේ ලංකාවේ ය. සත්‍ය සැක හැර දැනගැනීමේ පිපාසාවකින් යමෙකු පෙලෙන්නේනම් ඔහු හෝ ඇය කළයුත්තේ ජනවාරි 9 පාන්දර චීනයේ සිට ලංකාවට පැමිණි ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානයේ තොරතුරු සොයා බැලීම ය. පැමිණි මගීන් පිළිබඳ තොරතුරු විමසා බැලීම ය.

දරුවන් පවා සම්බන්ධ කර ගනිමින් බොරු පතුරුවන සීයට තුනේ කුහක රතු අලි හා N G O කල්ලි වෙතින් මීට වඩා වෙනස් භූමිකාවක් අප අපේක්ෂා කරනුයේ නැත. ඔය ලෙසම ගොස් තියෙන තුන ද නැති කර ගන්නා අයුරු අප බලාසිටිනුයේ නොමද සතුටෙනි.

– Wimal weerawansa FB

55,580 Viewers

14 Comments to “ඇමති විමල්ගේ පුතාත් එහෙ ඉන්න නිසාලු චීන සිසුන් ගෙන්වගන්න ආණ්ඩුවට හදිස්සිය..”

  1. MD says:

    Amatitumani salitha nowanu.obata mada gahanne oba Daksha Lesa Desapalanaya karana nisai.owun obawa wattanna oya wage dewal kiya kiya meeharak wage eyalama mada nagannawa.obata jaya!

  2. Janaka says:

    රතු අලි පැටවුන්ට සහ NGO කාක්කන්ට කදිම පිලිතුර.
    “ඉදිරියේදී තිබෙන තුනත් නැතිකර ගන්නා තුරු අප බලා ඉන්නේ නොමද සතුටිනි”

  3. Sepalikata horen kotana orwin says:

    Thorathuru sewwa. Hamba uney ne.hora passport ekakin enna aththe

    • ALAPALU RANAWAKA says:

      THORATHURU HAMBAUNE NETHNAM UMBE AMMATA GIHIN KOTAPAN

    • තොරතුරු says:

      තොරතුරු හොයපු තැන වැරදියි වගේ. ඔය යන තැන ඒව නෑ.

  4. බෙරලියන්තු says:

    පුන්චම්මගෙ වාහෙගෙ 3% පක්ශයේ කාලකන්නි හැත්තට විරවන්ස ඇමතිතුමා දුන්නේ නියම පිලිතුරක්. එතුමාගේ පුතා සහ චිනයේ ඉගෙනුම ලබන සියලුම ශ්‍රිලාන්කේය සිසු දරුවන්ට තෙරුවන් සරනයි.

  5. LY says:

    ඇයි චීන සිසුන් ලංකාවට ගෙන්වන්නේ? උන්ව සය්ටම් එකටවත් යවන්නද?

    • ඩපයා says:

      ඇයී බන් පන්ගොකයෝ ලංකාවේ සිසුන් ලංකාවට ගෙන්වා ගන්නේ නැතුව වෙන කොහෙට යවන්නද? අනිවා තොට මොලේ බඩගිහින්.

      • GY says:

        පඩ පන්ගොකයෝ….ලංකාවේ සිසුන් ලංකාවට ගෙන්නන්නේ කතාවක් නෙවේ LY කියල තියෙන්නේ….චීන සිසුන් ලංකාවට ගෙන්වන කතාවක්…..

  6. Bitter Truth says:

    3% පජාත කාලකන්නින්ට උත්තර දෙන්න විමල් මහතා කාලය වැය කරන එකත් අපරාදේ

  7. siri says:

    Punchiammage miniha wandaveegena yanawa 3% thawath bahinawa pakshayath kadapu Lapaya tholonjiwenawa idiri mathiwaranayen.

  8. sathya says:

    චීනයේ අධ්‍යාපනය ලබන තම පුත‍්‍රයා පසුගිය 09 වැනි දින සිට ශ‍්‍රී ලංකාවේ රැදී සිටින බව ඒ මහතා සදහන් කරයි – Nir dana panthiya niyojanaya karana Wimal’ge putha’ta China education

  9. Walpal says:

    ko ban ethakota goranduwa yawapu flight eka ???

  10. ruwan says:

    DESAPPREMI HORA PANIKKIYAGE LAMAI TA UGAWANNE CHINE YAWALA…

Main News