ඇමති විමල් දුම්වැටියක් සමග මාධ්‍ය හමුවක… යෝද පිම්මක් පනින බව කියයි…

March 17, 2021 at 10:02 pm | lanka C news
ඇමති විමල් දුම්වැටියක් සමග මාධ්‍ය හමුවක… යෝද පිම්මක් පනින බව කියයි…

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.

මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී (17) පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව ය

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

91,403 views

33 Comments to “ඇමති විමල් දුම්වැටියක් සමග මාධ්‍ය හමුවක… යෝද පිම්මක් පනින බව කියයි…”

  1. Lara says:

    ජෙප්පොයි, යූන්පී කාරයොයි ඒ පාර මේ ව්යාපාරයට පහර ගහනවා. මුන් ආවොත් රට හදන්නෙ දේශීය ව්යාපාර ටික ඔක්කොටම කෙලවලද දන්නෙ නෑ.

    • fass says:

      විශේෂයෙන් ජෙප්පෝ කැමති මිනිස්සු දුක් විඳිනවට, නැත්තන් උන්ට පැවැත්මක් නෑ නේ.

    • හැකහැක says:

      රට ගිනි ගන්නවා..මේ ජව්සමා එනවා සිගරට් පත්තු කරන්න

      • හැකහැක says:

        ඔය කුරුඳු සිගරට් හලාල් ද? හලාල් නැත්නම් මේ රටේ විකුනන්න ඉඩ දෙන්න බෑ.

    • ක්‍රිමිනල් says:

      ” දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සක්කිලි පිංගුත්තර කම්බා හොර කොමිස් කාක්කන් ගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ ” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අනුග්‍රහයෙන් කුරුඳු සිගරැට්ටුව (17) කොළඹදී එළිදක්වන ලදී…

  2. Ssd says:

    මේකට විරුද්ද වෙන්නෙ බහුජාතික නෙමේ මේක පිටිපස්සෙ ඉන්නෙ බහුජාතික. මේකෙ අරමුණ දුම්වැටිය සාමාන්‍යය කරණය කර ජනතාව ඇතුලෙ දුම් වැටියට තියන බිය නැති කිරීම. මේක ආවට පස්සෙ කුරුදු සිගරට් කියලා කාන්තාවොත් සිගරට් බොනින ගනියි. එතනින් එහාට ඊළග පිම්ම පන්නන එක බහුජාතිකට මහ කජ්ජක් නෙමේ.

    නැගෙනහිර ජැටියට විරුද්ද වෙච්ච හාමුදුරුවො මේ ජාතික ව්‍යසනය වෙන්න දීලා බලන් ඉන්නවා.

    • fass says:

      දැන් කාන්තාවෝ සිගරට් බොන්නේ නැද්ද? 🤭

    • SL says:

      හා ඇත්ත ද?

    • dev says:

      menna sigeret company walin salli gatta harak kaa gahanwa

    • රතුඑලියේ අතන says:

      තෝ කියන්නේ මුසලයෝ හාමුදුරුවන්ට සිගරට් විකුනන්න කියලද? අනේ ගොනෝ

  3. වාසනාවන්ත රටක අවාසනාවන්ත අපි says:

    පවතින නීතියේ හැටියට දේශීය වෙළඳපලට ඉදිරිපත් කරන්න බැරිනම් අන්තර්ජාතික වෙළඳපලට මේවා අපනයනය කරන්න පුළුවනි. ශීතල රටවල මෙම මාදිලියේ ” හර්බල් සිගාර්” වලට දැවැන්ත ඉල්ලුමක් තියෙනවා. යුරෝපයට සහ ඇමෙරිකාව , කැනඩාව වැනි රටවලට පහසුවෙන්මේ නිශ්පානය අලෙවි කරන්න පුලුවන්. නමුත් ඒ තත්වයට එන්න නම් ඔවුන්ගේ නිර්ණායක අනුව නිෂ්පාදනය කරන්න වෙනවා. මෙතරම් පර්යේෂණ කරලා මෙලෙසින් එළිදැක්වූ මෙහි නිෂ්පාදකයන්ට බැරි නැහැ ඒ දේ… අපේ ශුභ පැතුම්… මේක විදෙස් විනිමය ගේන්න හොඳ නිෂ්පාදනයක් . දැනට පේටන්ට් අරන් තියෙන්නෙ චීන සමාගමක්. එහි විස්තර මෙහි තිබෙනවා https://patents.google.com/patent/CN101940363A/en

  4. කඩුවෙල විමලේ says:

    මෙක බහු ජාතික සමාගම් වලට උඩ ගෙඩි දීමක් කියලා සමහරු දඟලනවා. එ අයට මතක් කරලා දෙන්න කැමති සුද්දො ඔය බහු ජාතික සමාගම් අරන් ලංකාවට එන්න kalin ඉඳන්ම බීඩි කර්මාන්තය ලංකාවේ පැවැත්වුණා. කෝ එහෙම වුණා කියලා මිනිස්සු, ලංකාවේ ගැණු උදවිය දුම් පානය ට ඇබ්බැහි වුණාද??? මෙක තමන්ගේ පක්ෂ එකෙක් කරානම් එ කට්ටිය හොඳට අගය කරාවි. අපි මෙක දකින්න ඕන ලංකාවේ නිශ්පාදනය ක් widiyata මිසක් පොහොට්ටු වෙ නිශ්පාදන යක් widiyata නෙමේ.

  5. රන්වල says:

    විමල් ලොක්කා ඔහොම්ම රා මුට්ටියත් මොඩිෆයි කරල ගම්මු.මීඩියා කොන්ෆරන්ස් එකක් තියල රා වඩියක් ගහල සිනමන් සිගා එකක් ගහල ෆොටෝ එකක් දැම්මම බැසිල්ලට ඇපත් නෑ.

  6. දිනේෂ් ගයාන් ඩුබායි says:

    අපිට පුලුවන් පන්සලේ දැහැත් වට්ටියට දූම එකක් තියන්න.ගෙදර ගෑනි එක්ක දෙරණ නිව්ස් බලන ගමන් දූම පාරක් අදින්න පුලුවන් .හෙලයෙක් වෙලා මෙහෙව් ආතල් එකක් ගන්න සැලැස්සුවට තෑන්ක්ස්

  7. S.Vitharana says:

    Smoking is bad. It is harmful to human health. Whether it is cinnamon smoke or tobacco smoke they destroy human health in many different ways. Indonesia’s Udan Garam cigarette is one such examples. This is not a Sri Lankan invention or that Nature’s sombody. His Deshamanya pattama must be withdrawa. Wimal must be rejected by people if he promotes this kind of unhealthy products and practices.

    • ක්‍රිමිනල් says:

      How about vehicle smoke? do not go out of your house smoke is everywhere.

    • Saroja says:

      We have voted for wimal in every election as we thought he is a real patriot. But what is happening now. Very disgusting.
      Agreed above comment totally. Though it is made in Srilanka a person like Wimal should not promote this type of unhealthy habbits.
      Dont know whether he is backing tobacco companies???
      Seems to be going wrong way, feel very dessapiontment.

  8. NAK says:

    Good product but only if it is for export only

  9. රජින්ද says:

    චේතනාව සහ අපේක්‍ෂාව හොඳ බව පේනවා, නමුත් මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් හිතන්න දුම්පානයට ඇබ්බැහි නොවූ කෙනෙක්ට උනත් මේ සිගරට්ටුව පානය කිරීමට අවස්ථාවක් උදාවෙලා තියෙනවා ඒ මේ සිගරට්ටුව ආයුර්වේද ධුමපානයක් නිසා. ඒකෙන් වෙන්නේ සිගරට්ටුවක් කටේ නොතිබ්බ අය මුලින්ම මේ සිගරට්ටුවෙන් පටන් ගෙන සාමාන්‍ය සිගරට්ටුවක් කටේ තියාගන්න දිනය වැඩි ඈතක නොවීමයි. ඒ නිසා මේක සමාජගත නොකළ යුතු අතර ව්‍යාපාරික මට්ටමෙන් පමණක් ප්‍රචාරය හා ප්‍රවර්ධනය කල යුතුයි.

  10. පුත්තලම් පුට්ටු බුරුවා says:

    හිනාව තද කරගෙන ඉන්න අමාරුයි වීරවංශ මල්ලී මේක නම් සෙට් වෙන්නෙ නැහැ ජෙප්පො ටික ඔබතුමන්ගේ සරම ඔලුවෙන් ගලවනවා. මේක නොබී කරානම් අවුලක් නැහැ .

Main News