ඇමති සංශෝධන ගැන එජාපයේ දැඩි අප‍්‍රසාදය.. ශ‍්‍රීලනිපය මැතිවරණ දැල එලූ බවට චෝදනා..

May 23, 2017 at 10:35 pm | lanka C news
ඇමති සංශෝධන ගැන එජාපයේ දැඩි අප‍්‍රසාදය.. ශ‍්‍රීලනිපය මැතිවරණ දැල එලූ බවට චෝදනා..

ඊයේ දිනයේ සිදු කරන ලද කැබිනට් සංශෝධනය ශ‍්‍රීලනිපය ඉදිරි පළාත් සභා මැතිවරණ ඉලක්ක කරමින් උවමනා ඉෂ්ඨ කර ගැනීමක් යයි එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි.

පිහිටුවන ලද නව අමාත්‍යංශ දෙස බලද්දී එය පැහැදිලිවම පෙනෙන බව එජාපයේ රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

මෙම සංශෝධනය එජාපයටත් යහපාලන රජය බලයට පත් කිරීමට වෙහෙස වූ එජාප බිම් මට්ටමේ නායකයින්ටත් සිදු කරන ලද බලවත් අසාධාරණයක් යයිද ඔහු කියා සිටී.

මහවැලි රාජ්‍ය ඇමති ධුරයක් ඇති කිරීම, කඳුරටට හා සබරගමුට අලූත් විෂය පථ දෙකක් ඇති කිරීම එම සියලු අමාත්‍යංශ ශ්‍රීලනිපය ලබා ගැනීම ජනතා උවමනාවක් ඉටු කිරීම නොව ශ‍්‍රිලනිපයේ බලය වැඩි කර ගැනීමේ ක්‍රියාවලියක් බවද රාජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් කියයි.

64 views
Main News