ඇමති සජිත් තමනට සහාය ඉල්ලා හකීම්, බදියුදීන්, රාජිත, චම්පික, මනෝ, දිගම්බරන් හමුවේ..

September 14, 2019 at 3:50 pm | lanka C news
ඇමති සජිත් තමනට සහාය ඉල්ලා හකීම්, බදියුදීන්, රාජිත, චම්පික, මනෝ, දිගම්බරන් හමුවේ..

ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා අද එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්‍ෂවල නායකයන් මුණ ගැසීමට නියමිතය.

ජනාධිපති අපේක්‍ෂක වීම සදහා සහාය ලබා ගැනීම සදහා මෙම හමුව පැවැත්වීමට නියමිත වන අතර ඇමති මංගල සමරවීරගේ නිල නිවසේදී එය අද රාත‍්‍රියේ පැවැත්වෙයි.

එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දීමට නම් සුළු ජාතික පක්‍ෂ සමගින් සාකච්චා කර ඔවුනගේ සහාය ලබා ගන්නා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද දැනුම් දීම මත මෙම සාකච්චා පැවැත්වෙයි.

එමෙන්ම දෙමල ජාතික සන්ධානය සමගින්ද සජිත් පේ‍්‍රමදාස මහතා සාකච්චා කිරීමට නියමිතය.

23,939 Viewers

9 Comments to “ඇමති සජිත් තමනට සහාය ඉල්ලා හකීම්, බදියුදීන්, රාජිත, චම්පික, මනෝ, දිගම්බරන් හමුවේ..”

  1. sky says:

    අපේ රට විනාස කල හොර කණ්ඩායම සමග එක්වීම ගැන ලැජ්ජා වෙන්න ඕනේ ජනතාව පිළිතුරු දේවි

    • Deviyo says:

      Nidan vasthuvalata arakgath, siyalu aakaaraye panchkaama thanhaven thuran vu, le aeta mas nahara piri me kunu kaya dandennata sraavakayan idiriye sapatha karana, siyalu kelesvalin midunu bava nokiyaa kiyana, thamange ‘Aaryaavata’ gedara sita sihina dakinnata ida hara sitina, Hambantotaaranyaye Sachithaananda anunaayaka thumaanan ‘Saptha Chora Jaathakaya’ mulu ratatama vadaaranna suudaanam bava sath sakvala deviyan visin daena ganithvaa! rata vesiyaa daena nogatthaata siduvwena avaedak natthe ya!.

  2. sirimal says:

    Sajith will ruin his support of Sinhalese Buddhists and Christians for camping with anti national terrorists outfits.

    Tamils and Muslims will not win many seats, as Sinhalese will not vote for them. So, this will be end of Sajith’s political career.

  3. Rata Wenuwen says:

    දීපල්ල සජියට චන්දය, මූට රට කාබාසිනිය කල , සින්හලයානැතිකරන්න උල්පන්දම් දුන්න බදුයුදීන්ලා හකීම් ලා ලොකුවෙලා, මුගෙ තාත්තාගේ ප්‍රතිපත්තිය අකුරටම කරනවා , අම්මා විකුනලා හරි සල්ලි සොයාපන් කිව් මිනිහානෙ, යකො අපි මැරිලා නැහැ බොල , ඌ කරපුවා කියන්න දහාසක් දේ තියෙනවා බොල, ඔන්න සජියගෙ චන්ද කෙරුවාව, දීපන්කෝ මූට චන්දෙ

  4. හැම දෙයක්ම නිසි විදියට පෙළ ගැසෙමින් එන හැඩයි..
    සජිත්, රනිල් වෙන වෙනම හෝ සජිත් පමණක් යුඇන්පියෙන් ඉදිරිපත් වෙයි.. ඔවුන් වටා ශ්‍රීලනිප, ජේවීපී, ටීඑන් ඒ, රිෂාඩ්, හකීම්, මනෝ, දිගම්බරන් ආදී එකී මෙකී නොකී රට බෙදන සියලු දෙනා එක් රොක් වෙයි..
    රට රකින පොදු ජනතාව පොහොට්ටුව වටා එක් රොක් වෙයි..රට රකින දෙවි වරු, රට රකින නායකයන්ට සහ රටට ආදරේ ජනතාවට පිහිට වෙයි..

  5. Chathuranga says:

    සජිත්ව තව ටිකක් වෛන් කලානම්. ගෝටගෙනුත් සහය ඉල්ලනව ජනදිපති වෙන්න

  6. බය්යා says:

    මහජාතිය ඉතාමත් අමනෝඥ ලෙස දෙකට බෙදීම නිසා පාර්ලිමේන්තුව තුළ සුළුජන පක්ෂවලට ලැබී තිබුණු කේවල් කිරීමේ බලය තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉතාමත් පසුබෑමට ලක්වී ඇති බව නොරහසකි, මෙම තීරණාත්මක මංසන්ධියේ දී, සිංහල ජාතිය දෙකට නොබෙදී එක පක්ෂයක් ලෙස නැගී සිටීමේ වැදගත්කම කවදාටත් වඩා මේ මොහොතේ කැපී පෙනේ. මෙහිදී නැවත වරක් සිංහල ජාතිය දෙකට බෙදී සුළු ජාතික පක්ෂයන්ට රටක් ජාතියක් වශයෙන් විනාශ මුඛයට ඇද දමන පොරොන්දු දීම හරහා පාර්ලිමේන්තු බලය හෝ ජනාධිපති බලය ලබා ගැනීමට දරන ඕනෑම පුද්ගලයෙකු සිංහල ජාතිය විනාශමුඛයට ගෙනයාමට ක්‍රියාමාර්ගයක නියැලී සිටින්නෙකි.

  7. උපාසක says:

    දොල පිදේනි , කප්පන් අනුව සහය තීරණය වෙයි.

  8. MD says:

    AGARADAGURU lagata gihin bomben kaduna palli hadala dennam kiyala kirti prasansa labagena Ada Badudeen laga danin watila manapaya illanawa.kujitai

Main News