ඇමති සනත් නිශාන්ත බලෙන් ඉඩමක් අල්ලාගෙන ඩෝසර් කරලා.. හිමිකරු පොලිසි යයි..

October 20, 2021 at 10:00 am | lanka C news
ඇමති සනත් නිශාන්ත බලෙන් ඉඩමක් අල්ලාගෙන ඩෝසර් කරලා.. හිමිකරු පොලිසි යයි..

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ඉඩමකට බලෙන් ඇතුළු වී මුරකරු පන්නා දමා ඉඩම ඩෝසර් කර ඇතැයි ඉඩමේ හිමිකරු යැයි කියන පුද්ගලයකු පොලිසියට පැමිණිලි කර තිබේ.

අක්කර 50 කින් යුත් එම ඉඩම තමන්ට අයත් එකක් බවත් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී එහි තිබූ බඩු බාහිර ආදිය ට්‍රැක්ටරයක පටවා මුරකරු එළවා දමා බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

දස දෙනෙකුට ආසන්න පිරිසක් සමග අමාත්‍යවරයා මෙම කටයුත්තේ යෙදුනු බවත් ඩෝසරයකින් ඉඩම එළිපෙහෙළි කර ඇති බවත් පැමිණිලිකරු කියයි.

පැමිණිලිකරු සඳහන් කරන්නේ අවස්ථා ගණනාවකදීම සනත් නිශාන්ත අමාත්‍යවරයා එම ඉඩම තමන්ගේ ඉල්ලා සිටියද තමන් එය ලබාදීමට නොහැකි බව පැවසූ බවත් ය.

ඒ සෑම අවස්ථාවකම අමාත්‍යවරයා සහ තමන්ට දැනුම් දුන්නෙ ඉඩස දුන්නෙ නැති වුණාට තමන් ඉඩම ගන්නා බව යැයිද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ඉඩම සම්බන්ධයෙන් ගැටලු ඇති බවත් එහි නියම අයිතිකරු සිටිද්දී බලපත්‍රයක් පෙන්වා වෙනත් පුද්ගලයකු ඉඩම අල්ලා ගෙන ඇති බවත් ඒවාට ඉඩදිය නොහැකි බවත්ය.

තමන් කළේ නියම අයිතිකරුට ඉඩම ලබා ගැනීමට කටයුතු කිරීම පමණක් බවද බලපත්‍රයක් තබාගෙන සිටින පුද්ගලයාට ඉඩමෙන් කිසිදු අයිතියක් නැති බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

32,931 views

23 Comments to “ඇමති සනත් නිශාන්ත බලෙන් ඉඩමක් අල්ලාගෙන ඩෝසර් කරලා.. හිමිකරු පොලිසි යයි..”

  1. 69 MIN BAIYOO says:

    මේ පුත්තලමී ඛූරූවා ඉක්මනටම ගස් ඛැදපල්ලැ මුද පොලීසියෙ රාජකාරි කරන්නේ.මේකා නං ජාතකෙ අවුල් පුත්තලමේ බූරැවා…..මොලෙ තියෙන්නේ පස්ස පැත්තෙ ……මූනෙම තියෙන්නේ කසිප්පු පෙනුමක් …

  2. David Milli-banda says:

    get rid of this bastard Mr. President instead of behaving like a Scare crow.
    This is not the first time.