ඇමති සරත් වීරසේකරගේ කතාව ව්‍යවස්ථා විරෝධීයි.. ඔහු නොදන්නා කමට කියන කතා..- ඇමති සුසිල්

December 21, 2020 at 3:00 pm | lanka C news
ඇමති සරත් වීරසේකරගේ කතාව ව්‍යවස්ථා විරෝධීයි.. ඔහු නොදන්නා කමට කියන කතා..- ඇමති සුසිල්

අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ පිංතූර මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්නේ යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව අපරාධ නඩු ගණනාවකට පෙනී සිටි නීතිඥයකු ලෙස තමන් එකහෙලාම පවසන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

ඕනෑම අපරාධයක සැකකරුවෙක් අවසාන අධිකරණයෙන් වැරදිකරු යයි නිගමනය කරන තෙක් නිවැරදිකරු ලෙස පූර්ව නිගමනයක් ඇති බවත් එම පූර්ව නිගමනය මත ඕනෑම අපරාධ නඩුවක් අධිකරණයක විභාග කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සැකකරුවන් වැරදි කරුවන් ලෙස හංවඩු ගසමින් නඩුව පටන් ගතහොත් නඩුව අහන්න දෙයක් නැති බවත් දඬුවම් දෙන්න පමණක් ඉතිරිව ඇති බවත් ඔහු පවසයි.

එනිසා සරත් වීරසේකර මහතාට ඒ සම්බන්ධයෙන් එතරම් වැටහීමක් නැති වන්නට ඇතැයි තමන් සිතන බවද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමක දී ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

49,632 views

31 Comments to “ඇමති සරත් වීරසේකරගේ කතාව ව්‍යවස්ථා විරෝධීයි.. ඔහු නොදන්නා කමට කියන කතා..- ඇමති සුසිල්”

  1. ආර්යාව says:

    මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි නම් ඒක වෙනස්කරගන්න ඕනෙ සුසිල් ප්‍රේමජයන්ත.
     දියුනු රටවල නඩුතීන්දු දෙන්න කලින් මහජනතාවට ව්යහැකි අනතුරු වැලැක්වීමට  සැකකරුවන්ගෙ පින්තූර TV වලින් ප්‍රසිද්ද කරනව. දන්නෙනැති දේවල් දැනගන්න එක හෙඳයි. ලිඳේ ඉන්න ගෙම්ඹ වාගෙ නැතුව.

  2. dot says:

    viyath maga was his background I thought ..ignorance should never be there ..for a person wise would validate before presenting his case ..not like a kavikola karaya of once upon a time …who was appealing to the people with a mere story .but this is a grave mistake ..indeed !

Main News