ඇමති සරත් වීරසේකරගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියා කැති ප‍්‍රහාරයකින් බරපතලව රෝහලේ…

February 25, 2022 at 10:00 am | lanka C news
ඇමති සරත් වීරසේකරගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියා කැති ප‍්‍රහාරයකින් බරපතලව රෝහලේ…

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කරන සහකාර පොලිස් අධිකාරිවරයෙකු කැති ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මහරගම පොලිසිය සඳහන් කරන්නේ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා පදිංචි මහරගම නිවසේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

සහකාර පොලිස් අධිකාරිවරයාට කැත්තකින් පහර දුන් බව කියන ඔහුගේ මස්සිනා සිදුවීමෙන් පසුව පලාගොස් සිටියි.

මේ වනවිට තුවාල ලත් පොලිස් නිලධාරියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

35,966 views

11 Comments to “ඇමති සරත් වීරසේකරගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියා කැති ප‍්‍රහාරයකින් බරපතලව රෝහලේ…”

  1. බයිසන් says:

    ඒ එස් පී පෝස්ට් එක දෙන්න ඉස්සර පවුල් පසුබිම හොයලා බලන්නෙ නැද්ද?. මේ වගේ නැති පොරෝ වලින් මිනිස්සු කපන ඔවුන්ගෙ පවුල් වල එවුන් ගැසටඩ් සහ කොමිෂන්ඩ් පෝස්ට් වලට ගන්න හොඳ නැහැ.

    • මොලේ කොලොප්පන් says:

      නෑ නෑ ඒ වගේ අය තමයි තෝරා ගන්නේ.

    • මොලේ කොලොප්පන් says:

      නෑ නෑ ඒ වගේ අය තමයි තෝරා ගන්නේ. තව අසූචි වලට ආස අය, ගල් එක්ක සෙල්ලම් කරන අය සුදුසු කම් ලබනවා. පරණ බිත්තර එක්ක සෙල්ලම් කරනවා නම් වඩාත් සුදුසු වෙනවා.

  2. sam says:

    Why do you have to report these personal incidents as headlines? This Article headline gives the impression that he was attacked because he is the minister’s bodyguard.

    • vijayakumara says:

      Totally agree with you, it’s a misleading headline. The ministry or the victim’s profession is not at all involved in this personal family incident.

  3. S malavige says:

    ඇමතියි ආරක්ෂකයි කරුවලේ මාරුවෙන්න ඇති. පවු අනේ.

    • Dulmina says:

      🌷🌷🌷👍

    • LalithM says:

      කොයි එක අස්සේ රිංගන්න ගිහිල්ලද දන්නේ නෑ කැති පාර හම්බුනේ. ඇමති උතුමා අර ඇඳුම් බෑග් ගෙනියන්න දුන්නේ මෙයාට වෙන්න බැරිද

  4. මහජනයා says:

    මස්සිනා උඹ
    අපේ කාලයේ හැබෑම වීරයෙක් .

  5. Dulmina says:

    බල්ලට වඩා මැක්කා අහංකාර වෙනකොට
    ලැබෙන සැලකිලි තමයි ඕවා..

  6. The Funeral Director says:

    ඇමති සරත් වීරසේකරගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා “දියේ ගිලෙන්නට ගිය මස්සිනා , වහා ගගට පැන බෙිරා ගනී”
    එතකොට හෙඩිමට ලොක්කගෙ නම දැමිමට අවුලක් නෑනේ…..

Main News