ඇමති සරත් වීරසේකරට ආණ්ඩුවෙන්ම විරෝධය.. පරීක්‍ෂණයක් කරන්න යෝජනා.. ඇමති වීරසේකට පස්සට නොයයි..

September 2, 2020 at 9:20 am | lanka C news
ඇමති සරත් වීරසේකරට ආණ්ඩුවෙන්ම විරෝධය.. පරීක්‍ෂණයක් කරන්න යෝජනා.. ඇමති වීරසේකට පස්සට නොයයි..

පළාත්සභා රාජ්‍ය ඇමති අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්න පළාත් සභා ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝදය එල්ල වී ඇත.

පළාත් සභා අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයට විරුද්ධව ඔවුන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් වෙත පැමිණිලි කර තිබේ.

නමුත් තමන් විසින් සිදු කරන ලද පළාත් සභා අහෝසි කළ යුතුය යන ප්‍රකාශය ඉවත් කරගැනීමට විරසේකර මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු තවදුරටත් පෙන්වා දී ඇත්තේ පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එහි බර දැරිය නොහැකි බවත්ය.

මේ අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඇමති වීරසේකර මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා ක්‍රියාකාරීන් විසින් ඉල්ලා ඇති බවයි.

144,726 views

84 Comments to “ඇමති සරත් වීරසේකරට ආණ්ඩුවෙන්ම විරෝධය.. පරීක්‍ෂණයක් කරන්න යෝජනා.. ඇමති වීරසේකට පස්සට නොයයි..”

  1. Kevin says:

    මෙතුමාගේ කතාව හරියටම හරි. ජේආර් ගෙනාව තව කුණුගොඩක් තමයි පළාත් සභා කියන්නේ. ඕක අහෝසි කරලා. දැනට තියෙන බලතල රජයට සහ ප්‍රාදේශීය සභා වලට දෙන්න ඕන

  2. Nimal R says:

    It’s few corrupt in the SLPP who want to get in to PCs are the ones who are attacking Sarath W. These are goons who will leave SLPP one day for their own benefits.

  3. Baby says:

    අනිවාර්යයෙන් මෙය ඉවත් කළ යුතුමයි පලාත් සභාවෙන් වුන එකම දේ තව හොරු රැලක් බිහිවිමයි

    • සරත් says:

      පළාත්සභා කියන්නේ තවත් දේශපාලකයන් කොටසකට ජාතික වත්කම් අපගේ බදුමුදල් සූරාකෑමට අළුත් මංකොල්ල කාරයන් ටිකක් බිහිකිරීමක් පමණයි.
      දේශපාලකයින්ගේ නඩත්තුව පමණක් ඇති කර ඇති පළාත් සභා චන්ද විමසීමක් කොහෙත්ම අපට එපා.
      අපි පළාත් සභා අහෝසි කරනමෙන් උත්ගෝෂණය කරමු.

  4. chaminda says:

    Methumage edath adath hetath rata wenuwenma witharai wada karanne, horu, kapatin bihi karanna kawadawath ida denne naha. Idiriyatama yanna sir, Sir ta yahapath de kireemata tawa tawath Shakthiya labewa

  5. පළාත් සභා සුදු අලියෙක් ..! says:

    පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් ..!
    අනිවාර්යයෙන් මෙය ඉවත් කළ යුතුමයි ..!!
    පලාත් සභාවෙන් වුන එකම දේ තව හොරු රැලක් බිහිවිමයි.!!!

  6. Yes great talk. Please remove white elephant and save people’s money………………….

  7. ranga says:

    අනිවාර්යයෙන් මෙය ඉවත් කළ යුතුමයි යුතුමයි යුතුමයි යුතුමයි යුතුමයි යුතුමාාාායි..

  8. sajiya says:

    comments 80 kiyala thibunata 22 k pamanai kiyawanta puluwan.

  9. Terance Jayawardana says:

    එය ඉවත් කල යුතුමයි. එය වෙනුවෙන් පෙල ගැසිය යුතුමයි….

  10. Harsha says:

    If SLPP needs to do good to the public, abolishing Provincial Councils is one of the topmost priority things they can do.

    Provincial Councils must be abolished as it cannot add any value to the administration, or to the general public.

Main News