ඇමති සරත් වීරසේකරට විරුද්දව පොහොට්ටුව යෝජනාවක් සම්මක කරයි.. මූලස්ථානයට මාධ්‍ය කැදවයි..

September 3, 2020 at 10:07 pm | lanka C news
ඇමති සරත් වීරසේකරට විරුද්දව පොහොට්ටුව යෝජනාවක් සම්මක කරයි.. මූලස්ථානයට මාධ්‍ය කැදවයි..

හැකි තරම් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් සම්මත කර තිබේ.

එම සංසදයේ සභාපති සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.

පළාත් සභා අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයට ඔහු එහිදී දැඩි විරෝධය දැක්විය.

ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පුද්ගලික ප්‍රකාශයක් මිස රජයේ අදහස වූ පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවයි.

සරත් වීරසේකර ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගත් බවද ඔහු සඳහන් කළේය.

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පළාත් සභාවන්හි හිටපු මැති ඇමතිවරුන් ගණනාවක්ම එක්ව සිටියහ.

130,733 views

78 Comments to “ඇමති සරත් වීරසේකරට විරුද්දව පොහොට්ටුව යෝජනාවක් සම්මක කරයි.. මූලස්ථානයට මාධ්‍ය කැදවයි..”

  1. 13වන සංශෝධනය එපා...! says:

    ජනාධිපති තුමනි, මේ පලාත් සභා එපා…………..! වන සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීදෙනෙක් එදා විරුධ්ධාවෙලා JR රජයෙන් ගුටි කෑවද කියලා මේ පළාත් සභාවලින් ජීවත්වෙන්න හදන පාපතරයන් දන්නේ නැහැ … පලාත් සභා නැතුව වර්ෂ 2 ක් පමණ රට ලස්සනට ගියා.රුපියල් කෝටි 4000 ක් පමණ රටට ඉතුරු වුනා.ලංකාව කුඩා රටක්.පලාත් සභා ඕන නෑ.ඉන්දියාව බලෙන් දාපු එකක් නිසා ඕනෙම නෑ.සිංහල අය සාතිශය බහුතරයක් පලාත් සභා වලට කැමති නෑ.සල්ලි වියදම් වීමයි,වැඩ පරක්කු වීමයි විතරයි පළාත් සභා මගින් ජනතාවයට කල සේවයක් නැහැ මුන් කලේ මහජන මුදල් වලින් රට සංචාරය කල එක පමණයි. රටේ නියම දේශප්‍රේමී ජනතාව ඔක්කොම සරත් වීරසේකර මහතා සමගයි සුද්දා ලංකාවට එනකොට මේ රටේ හිටියේ ඉතාමත් ශක්තිමත් මිනිස්සු… සුද්දා බැලුවා මොකද්ද ඒකට හේතුව කියල… රණවරා බෙලිමල් පොල්පලා අදීන් ගෙන් නිර්මාණය උන 100% ක් ඇගට ගුණ බීම… ඒ වගේම ගංජා සහ දියුණු කෘෂි සහ වාරි කර්මාන්තය එයට ප්රධාන හේතුවක් කියල සුද්ද දැක්කා. අපේ දේෂීය වාරි කර්මාන්තය විනාශ කරන ගමම්ම අපිට තේ බොන්න හුරු කරපු සුද්දා ගංජා තහනම් කරල අරක්කු බොන්න අපිව හුරු කලා. හැබැයි අපේ මිනිස්සු ඒ කාලේ ගංජ පාවිච්චි කලේ දැං කරන විදියට නෙමෙයි.මී පැණි එක්ක වේලලා හොදට. කුඩු කරලා පානයක් විදියට තමයි ගංජා කියන දේ පාවිච්චි කලේ. ඊට අමතරව මස් උයනකොටත් ඒ කුඩු පාවිච්චි කලා.මේ කතාවට ඉතිහාසය නොදැන හිනා වෙන්ට පෙර ඉතිහාසය හදාරන්න ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකියි.! අද විෂ සහිත කේරල ගංජා භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනමෙන්..! ලෝකයේ වෙනත් රටවල නම් විශාල වශයෙන් ගංජා අපනයනය කරන නමුත්.. බ්‍රිතාන්‍ය අධරාජ්‍යවාදීන්ට විරුද්ධව ශක්තිමත්ව ගැටීම හේතුවෙන් ගංජා බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව ද ඉතිහාසයේ ඇත…!

  2. පලාත් සභා එපා says:

    පිං පඩි ගිලිමින් පුටු රත් කරකර පගා කොමිස් අල්ලස් අරගෙන කාලා ගෙදර ගිහිනුත් ජනතා මුදලින් විශ්රාම වැටුප් ලබන කාලකන්නි හැත්තක් ඉන්නකං මේ රට හැදිලි බොරු…
    තොපිට කන්න තියනවනම් වෙන මොනවත් ඕනෙ නෑ. පලාත් සබාව රටේ සල්ලි කන machine එකක්. ඉන්දියාව අපේ රටට බලෙන් පැටවූ පළාත්සභා අහෝසිකළ යුතුයි.
    සරත් වීරසේකර ඇමතිවරයාට අපි සුබ පතනවා ඔබේ උත්සාහය ජනතාවගේ පැතුමයි.

  3. ගමරාල says:

    13වන සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීදෙනෙක් එදා විරුධ්ධාවෙලා JRJ රජයෙන් ගුටි කෑවද කියලා මේ පළාත් සභාවලින් ජීවත්වෙන්න හදන පාපතරයන් දන්නේ නැහැ .මොවුන් ආත්මාර්තකාමී අපතයෝ .රටේ නියම දේශප්‍රේමී ජනතාව ඔක්කොම සරත් වීරසේකර මහතා සමගයි

  4. ගමරාල says:

    පළාත් සබා චන්දෙ තිබ්බොත් සිංහලයෝ එකෙක් වත් චන්දෙ දාන්න යන්න එපා, මේ වගේ පොඩි රටකට පළාත් සබා එපා, පළාත් සබා වර්ජනය කරමු.

  5. siri says:

    palath saba illane wada karannamada? mun tika dannawa sure ekatama pohottuwa dinana bawa, pinatakala wahanayakuthg aragathahakine, ratata barak wechcha pala baba apita epa, munta onamanam kisima waraprasadayak nathiwa denna, ara gamsaba wage.

Main News