ඇමති සරත් වීරසේකරට විරුද්දව පොහොට්ටුව යෝජනාවක් සම්මක කරයි.. මූලස්ථානයට මාධ්‍ය කැදවයි..

September 3, 2020 at 10:07 pm | lanka C news
ඇමති සරත් වීරසේකරට විරුද්දව පොහොට්ටුව යෝජනාවක් සම්මක කරයි.. මූලස්ථානයට මාධ්‍ය කැදවයි..

හැකි තරම් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් සම්මත කර තිබේ.

එම සංසදයේ සභාපති සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.

පළාත් සභා අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයට ඔහු එහිදී දැඩි විරෝධය දැක්විය.

ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පුද්ගලික ප්‍රකාශයක් මිස රජයේ අදහස වූ පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවයි.

සරත් වීරසේකර ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගත් බවද ඔහු සඳහන් කළේය.

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පළාත් සභාවන්හි හිටපු මැති ඇමතිවරුන් ගණනාවක්ම එක්ව සිටියහ.

130,840 views