ඇමති සරත් වීරසේකරට විරුද්දව පොහොට්ටුව යෝජනාවක් සම්මක කරයි.. මූලස්ථානයට මාධ්‍ය කැදවයි..

September 3, 2020 at 10:07 pm | lanka C news
ඇමති සරත් වීරසේකරට විරුද්දව පොහොට්ටුව යෝජනාවක් සම්මක කරයි.. මූලස්ථානයට මාධ්‍ය කැදවයි..

හැකි තරම් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් සම්මත කර තිබේ.

එම සංසදයේ සභාපති සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.

පළාත් සභා අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයට ඔහු එහිදී දැඩි විරෝධය දැක්විය.

ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පුද්ගලික ප්‍රකාශයක් මිස රජයේ අදහස වූ පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවයි.

සරත් වීරසේකර ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගත් බවද ඔහු සඳහන් කළේය.

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පළාත් සභාවන්හි හිටපු මැති ඇමතිවරුන් ගණනාවක්ම එක්ව සිටියහ.

130,784 views

78 Comments to “ඇමති සරත් වීරසේකරට විරුද්දව පොහොට්ටුව යෝජනාවක් සම්මක කරයි.. මූලස්ථානයට මාධ්‍ය කැදවයි..”

  1. prasad says:

    Wife Cabinet amathi nam mata adu tharamin palaath sabhaa amathi kamak hari epayi? – Pavithra’s Husband

  2. Dikman Aiyya says:

    Gota managed this country brilliantly for 8 months without any of these fools

  3. saparamaadu says:

    Sirta Dan therenawada Genewa wala sadda kala wage Raaajapaksalath ekka Baaa Kiyala ?

  4. Nimal R says:

    13වන සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීදෙනෙක් එදා විරුධ්ධාවෙලා JRJ රජයෙන් ගුටි කෑවද කියලා මේ පළාත් සභාවලින් ජීවත්වෙන්න හදන පාපතරයන් දන්නේ නැහැ .මොවුන් ආත්මාර්තකාමී අපතයෝ .රටේ නියම දේශප්‍රේමී ජනතාව ඔක්කොම සරත් වීරසේකර මහතා සමගයි

  5. Love nature says:

    පළාත් සභා මගින් ජනතාවයට කල සේවයක් නැහැ මුන් කලේ මහජන මුදල් වලින් රට සංචාරය කල එක පමණයි.

  6. Nimal R says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නෙවෙයි පොහොට්ටුවෙත් වාසියට පොහොට්ටුවට ලංවුනු දේශප්‍රේමී නොවන එවුන් ඉන්නවා . ඉදිරියේදී විමල් , දිනේෂ්, උදය, සරත් , ගෙවිඳු, අනූප වගේ දේශප්‍රේමීන් එක්ව පොහොට්ටුවේ ශක්තිමත් පවුරක් සෑදිය යුතුයි මේ අවස්ථාවාදීගෙන් එය ආරක්ෂා කිරීමට.

  7. jeewaka says:

    haha ask this palath baba goons to send kites. why we need these morons>? another set up public money eaters.. more permits..etc etc

  8. Gamini Hewa says:

    පලාත් සභා නැතුව වර්ෂ 2 ක් පමණ රට ලස්සනට ගියා.රුපියල් කෝටි 4000 ක් පමණ රටට ඉතුරු වුනා.ලංකාව කුඩා රටක්.පලාත් සභා ඕන නෑ.ඉන්දියාව බලෙන් දාපු එකක් නිසා ඕනෙම නෑ.සිංහල අය සාතිශය බහුතරයක් පලාත් සභා වලට කැමති නෑ.සල්ලි වියදම් වීමයි,වැඩ පරක්කු වීමයි විතරයි වෙන්නේ පලාත් සභා වලින්.

  9. Hussain says:

    No need

  10. Aurora says:

    ජනාධිපති තුමනි, ඇමැතිතුමනි, මේ පලාත් සභා ඕනෑද එපාද කියල තීරණය කරන්න ජනමත විචාරනයක් තියන්න.

Main News