ඇමති සාගලයේ සහෝදරයා NDB සභාපති පුටුවට.. ඔහු වරාය සභාපති ධුරයද දරයි..
April 20, 2019 at 12:40 pm | lanka C news
ඇමැති සාගල රත්නායක මහතාගේ සහෝදරයා වන කාවන් රත්නායක මහතා ජාතික සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
පසුගිය 17දා ආනන්ද විජේතිලක මහතා එහි සභාපති ධුරයෙන් විශ්රාම ගැනීමෙන් පසුව මෙම පත්කිරීම සිදුකර ඇත්තේ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය විසිනි.
කාවන් රත්නායක මහතා දැනට ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයේද කටයුතු කරමින් සිටී.
කාවන් රත්නායක මහතා මීට පෙර ශ්රී ලංකා සංචාරක මණ්ඩලයේ සහ ලේක්හවුස් ආයතනයේද සභාපති ධුරය දරා තිබේ.
balanakota amathimandaleth ape warige un innawaa.
Hybrid
OOka Lake House eketh hitiya kisima wadak na UNP nan okkama pahasukam labe.