ඇමති සුසිල් පොහොට්ටු රැස්වීමට පැමිණේ… දේශපාලනය කණපිට ගැහෙන යෝජනාවක් ගෙනේ..

November 15, 2017 at 9:20 am | lanka C news
ඇමති සුසිල් පොහොට්ටු රැස්වීමට පැමිණේ… දේශපාලනය කණපිට ගැහෙන යෝජනාවක් ගෙනේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් හා මන්ත‍්‍රීවරුන්ගේ සාකච්චාවක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී ඇත.

එහිදී එහි බහුතර මන්ත‍්‍රී පිරිසක් තීරණය කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවණයේදී තනිව තරග වැදිය යුතු බවටයි.

ශ‍්‍රීලනිපය සමග එක්ව තරග වැදිය යුතු බවටද මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු සිය අදහස ලස දක්වා ඇත.

මෙම විශේෂ සාකච්චාව පැවැත්වෙන අතරවාරයේ එම ස්ථානයට ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාද පැමිණ ඇත.

ඔහු එහි පැමිණ ඇත්තේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග වැදීම සදහා වූ යෝජනාවක් රැගෙන වුවත් එහි සිටි ඒකාබද්ද මන්ත‍්‍රී අති බහුතරය විරුද්ද වී ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

48 views

33 Comments to “ඇමති සුසිල් පොහොට්ටු රැස්වීමට පැමිණේ… දේශපාලනය කණපිට ගැහෙන යෝජනාවක් ගෙනේ..”

  1. නාගසිංහ says:

    පොහොට්ටුවෙන් පොල් පිත්තක් දැම්මත් දිනනවා.
    සමුපකාර චන්ද ප්‍රතිපල බලන්න.

    සල්ලි වලට පනින රිලවු ගත්තොත් වැඩේ විනාශයි.
    දේශපාලනයට අලුත් නාවකයෝ දැම්මත් හොදයි ආණ්ඩුවේ කටු ලෙව කාපු රිලවු ගන්නවට වඩා.

  2. gorilla says:

    තමුසෙල මේ පාරත් අහූනොත් නම් චන්දෙ දෙන්නැ අම්මපා.

  3. Sisira says:

    ගරු මහින්ද මහතාණෙනි, මුන්ට අයෙත් රැවටිලා අපේ චන්දනම් ඉල්ලන්න එපා. ආයේ එකතු උනොත් අපේ ගෙදර 14 දෙනෙක් චන්දෙ දෙන්න එන්නේ නැත. ඔබ රවටුනොත් ඔබම වින්ද ගන්න. අපේ චන්ද ඕනනම් වෙනම ඉල්ලන්න.

  4. Nandasoma says:

    යූ ඇන් පී විරෝධී මෙන්ම, සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක (SWRD) ප්‍රතිපත්ති ගරු කරණ ජනතාව නියෝජනය කිරරීම සඳහා අද ඇති එකම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒකාබද්ධ විපක්ෂයයි … …

    අවස්ථාවාදී, ඇමතිකම් වලට යටවූ බොරු ශ්‍රී ලංකා කාරයන්ගෙන් ප්‍රවේශම් වන්න…..

    මෛත්‍රී නමැති යුගයේ මූසිල නම් අවස්ථාවාදී දේශපාලකයාගේ නායකත්වය ජනතාවට අවශ්‍ය නැත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්ද මැතිතුමාට ලබා දෙන්නේ නම් පමණක් පක්ෂය පිළිබඳ තීරණයක් ගන්න…
    එසේ නැතිව අවස්ථාවාදී මෛත්‍රී ගේ සහ ඇමතින්ගේ බොරු වලට නොරැවටී ජනතා හඬට කන්දී තනිව ජයග්‍රහණය සඳහා සුදානම් වන්න…..

  5. Udarata Sinhalaya says:

    Moko Sirisena SLFP dekata namila Mahindawa mega deal dala rakagana apaw ekke wennada balanne? Ladja nadda?

  6. ravi says:

    open mind oba hari

  7. නිවහල් ශ්‍රී ලංකා says:

    ඕකට පැත්ත පළාතෙ එන්නදෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෙ නෑ. මිනිස්සුන්ට පක්ෂෙට වඩා වැදගත් රට.

    හොරු ගත්තොත්, පනින ඉත්තො දාගත්තොත් … ඡන්දෙ නෑ

Main News