ඇමති හයකගේ ධුර මාරු..? විමල්-ගම්මන්පිල ඒ අතර…?

July 18, 2021 at 10:02 pm | lanka C news
ඇමති හයකගේ ධුර මාරු..? විමල්-ගම්මන්පිල ඒ අතර…?

ඉදිරි දිනවල රජය විසින් සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කැබිනට් අමාත්‍යංශ හයක පමණ වෙනස්කම් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

රජයේ නව දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේ මෙම කැබිනට් වෙනෙස සිදුකිරීමට නියමිත බව සඳහන්ය.

රජයේ ඉහළම පෙළේ නම් සඳහන් කිරීමට අකැමැති වූ ප්‍රකාශකයෙක් සඳහන් කළ ආකාරයට කැබිනට් අමාත්‍යංශ 6ක පමණ විෂයන් මාරු කිරීමට යෝජනා වී තිබේ.

එලෙස මාරු කෙරෙන විෂයන් වන්නේ විදේශ, අධ්‍යාපන, කර්මාන්ත, බලශක්ති, ප්‍රවාහන හා නිවාස යන විෂයන් බවද සඳහන් වෙයි. මේ හැර තවත් විෂයන් දෙකක් මාරුකළ යුතු බවට ඉහළ පෙළේ සාකච්ඡාවක් ඇතිවී තිබේ. එහෙත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැත.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දැනට පුරප්පාඩුව පවත්නා කැබිනට් අමාත්‍ය තනතුරු 2 සහ රාජ්‍ය අමාත්‍ය ධුර 1න් කිහිපයක් සඳහා නව පත්වීම් සිදුකළ යුතු බවටද යෝජනා වී තිබේ.

– deshaya

119,334 views

8 Comments to “ඇමති හයකගේ ධුර මාරු..? විමල්-ගම්මන්පිල ඒ අතර…?”

  1. සබ්‍රි සුජාත ගැටේ. says:

    ආ…19 යේ හොර ඇමතිලා 20 න් පත් කරල සුජාත කරන සබ්‍රි ගැටේ..නීති ගැටේ..

  2. Hiran says:

    වෙනස්වියයුත්තේ සෞඛ්‍ය, වරාය සහ ක්‍රීඩායි. වීරවංශ, ගම්මන්පිල සහ චන්න පොහොට්ටුව ආණ්ඩුවේ කෑපිපෙනෙනසේ වැඩක් කරන ඇමතිවරුයි. ගම්මන්පිල තමගෙ දූරකාලයතුල මන්නාරමේ ගෑස් සහ තෙල් ඉක්මනින් ලබාගැනීමට කටයුතුකලයුතුයි.

  3. ගිජුලිහිණි සංදේශය says:

    දනා නොම දන්නේ – රට කෙරුම නව පන්නේ
    උනා සළු දෙන්නේ – තවෙකෙකු පැළඳ ගන්නේ
    අරාජික සළුවේ – හෙළුව දිලිසෙන්නේ
    ගොනා වණ ගින්නේ – කපුටා මස් ගින්නේ

  4. Jagath says:

    විමල් ආණ්ඩුව මාරු කරන්න කාලේ හරි

  5. ks says:

    අවුලක් නැහැ. විමල්ට ගම්මන්පිලට දුම්මල ගැහුවත් යන්න තරම් ලැජ්ජවක් නැහැ කියල බැසිල් මහත්තය ජනතාවට පෙන්වන්න දත කනව වගෙයි. අපි බලමු මේ ඩබලද බැසිල්ද හරි කියල.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා.

  7. rew says:

    wata bari tarzen nandasenaya loketama wihiluwak wela tiyenne..uta hodatama puluwan horu minimaruwo nida has karana ekayi nadu walin nidahas karana ekai witarai..karana hama wadema fail..

  8. daily mirrow says:

    deshaya boru kiyanna hapana – munta one wimal gamman pila elawanna

Main News