ඇමති SB ජාත්‍යන්තර අපරාධකරුවෙක්..? සිර දඬුවම් ස්ථිරයි..?
December 13, 2017 at 10:07 pm | lanka C news
තම නිවසේ විශාල කොකෙන් ගසක් ඇති බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි.
කොකෙන් යනු ලොකයේම තහනම් ගසක් වුවත් පොලීසිය එය හදුනන්නේ නැතැයිද ඇමතිවරයා කියයි.
හගුරන්තෙකදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
‘ගස් හදුනගන්න ඔ්න. ඒක ඉතාම වැදගත්.
කොකේන් ගහක් බලන්න ඕන නම් අර අපේ ගෙදරට ගියාම කොකෙන් ගසුත් තියෙනව, මලූත් තියෙනව, ගෙඩිත් තියෙනව සේරම තියෙනව.
කොකේන් කියන්නෙ ලෝකෙ තහනම් ගහක් හැබැයි පොලීසියෙ මහත්තුරු දන්නෙ නෑ කොකෙන් ගහ මොන වගේද කියල.
පොලිස් මුරපල ලගම කොකෙන් ගහක් තියෙනව. තාම කවුරුවත් ඒක අදුනන්නෙ නෑ. ලොකු කොකෙන් ගහක්’
ගෙවතු වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරය ගැනද ඇමතිවරයා එහිදී උපදෙස් දෙනු ලැබීය.
කෙසේ වෙතත් ඇමතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතල එකක් වන්නේ මෙරට නීතිය තමන් විසින් කැඩූ බවත් කොකෙන් ගසක් තම ගෙවත්තේ වවා ඇති බවත් පැවසීමෙනි.
සාමාන්‍යයෙන් මේ ආකාරයේ නඩු භාණ්ඩයක් හමු වූ පසු සැකකරු ඇප නොමැතිව තුන් මාසයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කරන අතර ඉන් පසුද නඩුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැතිම තරම්ය.
MaRa hitapu Kaale Crushikarmen Bedapu pela Wenna Athi …Ratatama Kole Wahala Wede Dunna Minihane
Paw SByath Ahu una..
ඇත්ත.පහුගිය කාලයේ සඳුන් පැළ කියලා කොකේන් පැළ විකුණලා තියෙනවා.අපේ ගෙදරත් තිබෙනවා.ඒක ගලවා දැම්මම ඉවරයි.ඇයිද දන්නෙ නෑ තියන් ඉන්නෙ.