ඇමරිකානු ගිවිසුම ජනපති දෙවැනි වරටත් ප්‍රතික්‌ෂේප කරයි.. අනුමැතිය නොලැබුණොත් අවලංගුවන බව දන්වයි…

August 8, 2019 at 6:28 am | lanka C news
ඇමරිකානු ගිවිසුම ජනපති දෙවැනි වරටත් ප්‍රතික්‌ෂේප කරයි.. අනුමැතිය නොලැබුණොත් අවලංගුවන බව දන්වයි…

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06 වැනිදා) පෙරවරුවේ ඇමැති මණ්ඩල රැස්වීම පැවති අතර, එහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ ඇමැති මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

ආන්දෝලනයකට ලක්ව තිබෙන ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ කැබිනට් අනුමැතිය ලබාදීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා දෙවැනි වරටත් ප‍්‍රතික්‍ෂේප කර ඇත. එබැවින් මේ ගිවිසුම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව කැබිනට් මණ්ඩල ප‍්‍රකාශකයෙක් පැවසීය.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ඉල්ලා මුදල් ඇමැතිවරයා මීට පෙර පැවති කැබිනට් රැස්වීමට ද යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එහිදී ද ජනාධිපතිවරයා කාලය ඉල්ලා සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයා අදාළ ගිවිසුමට අනුමැතිය ලබාදීම වෙනුවට තවත් කාලයක් අවශ්‍ය බවට ප‍්‍රකාශ කර සිටි බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මෙම ගිවිසුම සඳහා ඊයේ (6) අනුමැතිය නොලැබුණහොත් එය අවලංගු කිරීමට සිදුවන බව එම ඇමෙරිකානු සමාගම ශ‍්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි අගමැති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු පැවසීය.

– divaina

72 views

14 Comments to “ඇමරිකානු ගිවිසුම ජනපති දෙවැනි වරටත් ප්‍රතික්‌ෂේප කරයි.. අනුමැතිය නොලැබුණොත් අවලංගුවන බව දන්වයි…”

  1. Sun says:

    Gotabaya is also having sense of American oriented thinking and they came to the country when they were ruling. Still the same sense is stimulating in the minds of Americans. Muslim invasion is on one side and the other side is the Americans. They all want to spread their dirty mentalities to innocent people by pouring oil and money. This is the critical situation many people cannot see this unless they have critical sense of world politics. Our leaders do not have a clear mentality and thinking americans as the highly developed people in the world without assessing their inner hearts well.

  2. sinha le says:

    ඇමෙරිකාවට “සයෝනාරා

  3. charles says:

    MY3 is doing the right thing by the country. What is the hurry. Mongal and Ranil try to sell the country. Do not be part of that.

  4. Nandasoma says:

    අධ්‍යයනය කර කර ඉඳල හරියන්නෙ නැහැ…..!

    කෙලින්ම ප්‍රතික්ෂේප කළ යුතුයි……!!

Main News