ඇමරිකානු ප්‍රහාරක නැව් 6 ක්‌ කොළඹ වරායට…

October 28, 2017 at 4:40 pm | lanka C news
ඇමරිකානු ප්‍රහාරක නැව් 6 ක්‌ කොළඹ වරායට…

ගුවන් යානා විසිපහකට අධික සංඛ්‍යාවකින් සමන්විත නෞකාවක්‌ සමග ඇමරිකානු ප්‍රහාරක නෞකා හයක්‌ ඊයේ (27 දා) කොළඹ වරායට පැමිණියේය.

ගුවන් යානා සහිත ඇමරිකානු නැවක්‌ අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ මීට වසර 32 කට පෙරය. එනම් 1985 බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

යූ එස්‌ එස්‌. නිම්ට්‌ස්‌, යූ එස්‌ එස්‌ ප්‍රින්ස්‌ටන්, යූ එස්‌ එස්‌. හොවාර්ඩ්, යූ එස්‌ එස්‌ ශවප්, යූ එස්‌ එස්‌ පින්ක්‌නේ සහ යූ එස්‌ එස්‌. කිෂි යන මෙම නැව් අඟහරුවාදා (31 දා) දක්‌වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බව ද මෙමගින් දෙරට අතර පැවැති CARAඔ නමැති නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම සංකේතවත් කරන බව ද තානාපති කාර්යාලය පවසයි.

ගුවන් යානා සහිත නිම්ට්‌ස්‌ නෞකාව තට්‌ටු විසිතුනකින් සමන්විතය. මීටර් 333 ක්‌ පමණ දිගය. පුද්ගලයන් 5000 කට නවාතැන් පහසුකම් ඇති මෙම නෞකාවේ මුළුතැන්ගේ මගින් සෑම දිනකම ආහාර වේල් 18,000 ක්‌ සපයන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙහි ජලය ලීටර් මිලියන 1.5 ක්‌ දිනකට නිපදවන බව ද නැවෙහි තිබෙන බාබර් සැලුන් දෙකක්‌ මගින් සෑම සතියකම පුද්ගලයන් 1500 කගේ කොණ්‌ඩය කැපීමේ පහසුකම් ඇතැයි ද පවසන මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා මෙම නෞකා කණ්‌ඩායම මෙරටදී අවශ්‍ය භාණ්‌ඩ සහ සේවාවන් මිලදී ගැනීම මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක වාසියක්‌ මෙම දින හතර තුළදී ලැබෙන බවත් කීය.

මෙම නැව්වල නාවිකයන් මෙරට රැඳී සිටින කාලයේදී රෝහල්, පාසල්, අනාථ නිවාසවල ප්‍රජා සේවයේ නිරත වන බව ද කේෂාප් මහතා කීවේය.

– Divaina

110 views

7 Comments to “ඇමරිකානු ප්‍රහාරක නැව් 6 ක්‌ කොළඹ වරායට…”

  1. Perera says:

    මෙම නැව් 6න් පමනක් දින 4ට US$ මිලියන 10ක් ඈ!

    අපි කොළඹ වරාය අමෙරිකානු නාවික හමුදාවට බදු දෙමු. ජීසස් ගේ උපකාරයෙන් අමෙරිකාවේ පිහිටෙන් අපිට සුඛිත මුදිත වීමට හැකිවෙයි.

    • A.J says:

      hoda adahasak perera eth marai uge baiyo tikai ekka ba un hithagena inne nawatha yudhdhya patangannawa kiyala

    • නිහමසිංහ says:

      පේන්නෙ නැද්ද මෙතන අවුලක් තියෙනව ඉන්දියාව උතුරු කොරියාවට සම්බාදක දාන්න බැහැ කියනව

  2. A.J says:

    baiyotika dan bayawela athi mun awilla kotinta udaw karala nawatha yudhdhe patangani kiyala naththan un kiyai anduwa americawa ekka ekathuwela kumanthrana karanawa kiyala marai uge kukko tikatai meeka hoda topic ekak wei

  3. Daham says:

    ikmanin pacha wanshaya (wimalaya) denuwath karapalla..mewa විජාතික බලවේග ..ජාතිය අනතුරේ යකෝ ..

  4. W.Milton says:

    We are independents and sovereignty nation .

    We are an opposed UNA Naval military ships anchoring our harbors.

    Sri lanka is not an Island NOT the for USA Military bases in Indian Ocean?

    Is US prepared for New War In Indian Ocean?

    We do not want power revivals in South of Indian land? Us eye on Trincomalle Harbor?

  5. Lolla says:

    ලමයි නැති මහා එකාගේ ගෑනිව American උන්ට දීල ලමයෙක් හදා ගත්තනන් නරකද ?

Main News