ඇමරිකානු මිලේනියම් ගිවිසුම අධ්‍යනය කරමින් සිටිනවා..- ඇමති WDJ

December 14, 2019 at 4:40 pm | lanka C news
ඇමරිකානු මිලේනියම් ගිවිසුම අධ්‍යනය කරමින් සිටිනවා..- ඇමති  WDJ

වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් කිසිදු වගකීමක් නොදරමින් වරප්‍රසාද භුක්ති විදින බවට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙය රාජ්‍ය අමාත්‍ය තනතුර පිලිබද අවබෝධයක් නොමැතිව කරන ලද ප්‍රකාශයක් බවයි රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සදහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරුන් කිසිදු වගකීමක් නොදරමින් වරප්‍රසාද පමණක් භුක්ති විදින බවට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා,

එජාපයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කියලා තියනවා රාජ්‍ය අමාත්‍යවරුන් තිස්අට (38) දෙනා කිසිම වගකීමක් දරන්නේ නැහැ කියලා. මේක පදනමක් නැති කතාවක්. රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාල වගකීම් සහ බලතල පවරන්නේ විෂයභාර කැබිනට් අමාත්‍යතුමා විසින්. යහපාලන රජය යටතේ මම කෙටි කාලයක් කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කලා ඒ අවස්ථාවේ රජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් ලබා දීමට අප කටයුතු කලේ එලෙසයි. යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල පැවරුවේ ටික දවසක් ගිහින්. ලබන සතියේ මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් සහ වගකීම් අදාල අමාත්‍යාංශ මගින් ගැසට් කරනවා.

යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබුණ වරප්‍රසාද තමයි මේ රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ලැබෙන්නේ. මුජිබර් මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පටලවාගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සදහන් කළේය.

එම්සීසී ගිවිසුම පිලිබදව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දුන් අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා,

මේ වන විට එම්සීසී ගිවිසුම පිලිබදව මේ වන විට අධ්‍යයනය කරමින් සිටිනවා. කෙසේවෙතත් රටට අහිතකර ගිවීසුමකට රජය අත්සන් කරීමට කිසිසේත් කටයුතු නොකරන බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

– Media Unit

15,596 Viewers

5 Comments to “ඇමරිකානු මිලේනියම් ගිවිසුම අධ්‍යනය කරමින් සිටිනවා..- ඇමති WDJ”

  1. කොනකපාල කටින්👹👹🐷🐷 says:

    මුජිබර් රහුමාන් නැගිටලද සොහොන් කොතෙන්
    පාස්කු ඉරිදා සිද්ධියද හැංගුවෙ රහුමන්ගෙ කටින්
    හලාල් සහතිකයකට වැඩකරන කොනක හිතින්
    කරපු වැඩක් කියාපි රටටම කොනකපාල කටින්

  2. Lol says:

    Adyanaya karanna one naha. Oka apita epa.

  3. Open mind says:

    MCC රටට අහිතකර නැහැ කියලා කියන්න. ඔබේ ඡන්දදායකයන් ඒක එකහෙළා ම පිළිගනීවි.

  4. Vitex says:

    This is surprising that cabinet ministers are saying that the need to ‘study’ MCC Project before making a comment. Gommanpila says it is 70% ok. Now my question is when they vehemently opposed MCC it would appear that they did so without studying. So at least some ministers such as Bandula G and Dulles A have admitted that there propaganda before the elections were baseless. This is typical idiotic statements.

Main News