ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවයි..

July 27, 2021 at 10:40 am | lanka C news
ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවයි..

ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවන ලද රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින්නේ යැයි චීනය සඳහන් කරයි.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මාධ්‍ය උපුටමින් සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 27ක් ඇමෙරිකාවේ සම්බාධක වලට යටත් කර තිබෙන බවය.

චීනය කිසි අවස්ථාවක ලොව කිසිදු රටක් බලහත්කාරයෙන් යටත් කර ගැනීමට උත්සාහ නො දරන නමුත් ඇමරිකාව බොහෝ රටවල අභ්‍යන්තර කටයුතු කර මැදිහත් වෙමින් සිටින බවද චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.

150,709 views

25 Comments to “ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවයි..”

  1. අවධාණයෙන් සැවොම ඵකාවන්ව කටයුතු කරමු! says:

    මරණ මංචකයේ සිට බයිලා කියන ”අධික හීනමාණයෙන් පෙළන්නාවූ” ”මෝඩපහේ” ”බලකෑදර” ”නූගත්” ‘නුතන’ ශ්‍රී ලාංකික පාළකයන් හෙළ ඉතිහාසයටම වස විළිලැඡ්ඡාවකී. ”අධ්‍යාත්මයක් නොමැති” සුවච කීකරැ බටහිර ගැති ”හීනමාණයෙන් පෙළන්නාවූන්ට” රඡකම් නොගැළපේ .! රට අරාඡික වේ,යධහමුධාවන් පාවාදීම්වලට ලක්වේ,පිටරැටියන් රටතුළ පවතින ඡාතික සම්පත් කොල්ළකනු ලබයි,ඡනයා පීඩාවට පත්වේ.! නානාවිධ විදේශ ආක්‍රමණ සියතින් කැන්දවාගනු ලබයි, මහා විපත් ව්‍යසනයන් සිදුවේ,. අවසානයේ මුල්වැසියන් වඳකර පිටරැටියන් භූමිය අත්පත්කරගනු ලබයි..! අවධාණයෙන් සැවොම ඵකාවන්ව කටයුතු කරමු!

  2. Jagath Silva says:

    china wisin thamai tibet eka allan inne. Api tibet jathika s. mahinda himi kivvata dan ehema jathiyak nehe

    • walli says:

      මහජන චීනයේ වෙසෙන සුළු ජාතීන් 55 න් එකක් තමයි ටිබෙට් ජාතිය. මහින්ද හාමුදුරුවෝ මෙහෙ එනකොටත් ටිබෙටය චීනයේ ස්වායත්ත කලාපයක්. ටිබෙටය, හොංග් කොංග් සහ තායිවාන දූපත මහජන චීනයෙන් වෙන්කර (divide and rule ) තමන්ට අවැසි පරිදි පාලනය වන රුකඩ රාජ්‍ය ලෙස පවත්වාගෙන යෑමේ බටහිර සහ ඇමෙරිකානු කුජිත උත්සාහය අද දක්වාත් සපල වී නොමැත. කිසිදා සපල වන්නේද නැත.

  3. Kanishka says:

    අපිට තියෙනවා මැණික්, තොපෙන් හිඟා කන්න ඕන නෑ

  4. Sunil Perera says:

    සුද්දෝ අපිට අරින්නේ දැනුම්දීලා… චීන්නු අරින්නේ හිනාවෙලා පස්සෙන්.. දෙගොල්ලොම පාදඩයෝ.. හැබැයි මේ ඔක්කොම අය අපිට අරින්නේ අපේ දේශපාලුවන්ගේ නින්දිත ආත්මාර්ථකාමී ඔලමොට්ටල වැඩ නිසා… අපේ එවුන්ගෙ සම්පුර්ණ වැරැද්ද… යමක් නොතේරෙන මිනිස්සුන්ගෙ ගොන් වැඩ තමයි පනින රිලවුන්ට ඉනිමගවල් වෙන්නෙ

Main News