ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

April 15, 2020 at 8:40 am | lanka C news
ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය.

ඊයේ දිනය තුළ පමණක් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 2407කි. අනුව එරට කොරෝනා ආසාදිතයන් 26,000 ක් ඉක්මවා මරණයට පත්වී ඇත.

අද ඇමරිකාවේ ආසාදිතයන් 613,000 ඉක්මවා ඇත්තේ ඊයේ දිනයේ එක් වූ නවක ආසාදිතයන් 26,000 ක පමණ පිරිස ද සමඟිනි.

ඊටය් දිනයේ දෙවැනි වැඩිම මරණ ප්‍රමාණය වූ 778 එංගලන්තයෙන් වාර්තා විය. එංගලන්තයෙන් මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබේ.

ප‍්‍රංශයෙන් 762ක්, ඉතාලිය 602ක්ක් ආදී වශයෙන් ඊයේ දිනයේ දී මරණ වාර්තා වී ඇත.

ලොව පුරා මේ වනවිට ආසාදිතයින් මිලියන 2ක් වාර්තා වන අතර මරණ 126,000 ඉක්මවා තිබේ.

183 views

20 Comments to “ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..”

  1. Anti Corona says:

    මිනිස්සු මැරෙයි…දිගටම මැරෙයි…හැබැයි කවදා හරි මේක නතර වෙයි…කවුරු හරි ලෝකෙ අනිවා ඉතුරුත් වෙයි….ඔවුන් එදා ඉඳන් ශිශ්ඨාචාර කතාව ඉස්සරහට ලියයි…ඉහිහාසෙ උනෙත් එහෙමයි..දැන් වෙන්නෙත් එහෙමයි..අනාගතෙත් ඒක එහෙමමයි….කලබල නොවී අපෙන් වෙන්ඩ ඕනෙ වැඩ ටික අපි හරියට කරමු…..අනාගතයට විනාස නොවෙන දෙයක් ඉතුරු කරමු…බුදු සරණයි…

    • සරත් says:

      බුද්ධ ධම්ම සංඟ යන ත්‍රිවිද රත්තනයේ බලයෙන් රෝබිය නැසේවා ලොවම සුවපත්වෙවා!

  2. ජනිත says:

    ඇමරිකන් කාරයො හාන්සියි, එංගලන්තයේ සුද්දොත් හාන්සියි.අපේ රටේ කර්මාන්ත විප්ලවයක් , කෘෂිකර්ම විප්ලවයක් අරඹා මුලු ලෝකෙටම අපනයනය කරමු.

    ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය අතිගරු ගෝඨාභය මැතිඳු විසින් ලබා දෙනවා නොඅනුමානයි.

    • Donald Trump says:

      මම වහාම නියෝග කරනවා හැකි ඉක්මනින් NASA, apple, Microsoft, Google වගේ ආයතන වල ප්‍රධාන ශාඛාවන් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලෙස. කොරෝනා මර්දනය කළ පළමු රට. ඉන්න හිතෙන රටක්..

      • rattar says:

        උබ සම සභාපති වෙයං..

      • 3% 0 කරමු. says:

        මේ ඉන්නෙ 1971 දි 88-89 දි පිස්සු කෙළල දශක ගණනාවක් මේ රට ආපස්සට යවපු සමාජය ගැන වෛරයෙන් පෙලෙන කාලකන්නි කුහක ජඩ ජෙපි වෛරස් වාහකයෙක්. මේ වෙනකොට 3%ට පල්ලම් බැහැල ඉන්න මුන්ව වද කරනකම් රටට වගුතුවක් වෙන්නෙ නැහැ . මුන් වගේ ඍණාත්මක එක කාලකන්නියෙකුට පුළුවන් වටෙි ඉන්න තිහ හතළියක් දුර්මුඛ කරන්න.

      • මහා කලු says:

        ස්ථාපිත කරලා මොකක් කරන්නද.

    • Anti Corona says:

      සුද්දො හිතන විදිහට හිතන්ඩ එපා මිත්‍රයා…කෙල වෙච්චි තැනකින් හරි, කාට හරි කෙලෝල හරි ගොඩ යන සිස්ටෙම් එක අපේ සිස්ටෙම් එක නෙවෙයි..පරිසරය ඒ විදිහට හැදුනොත්, ඒ විදිහට කරන එක වෙනම දෙයක්…ඔවුන්ටත් අපි ඉක්මනටම නිරෝගි සුව පතමු…බුදු සරනයි…

      • vishnu says:

        අනිවාර්යයෙන්ම

      • ජනක says:

        අනිවාර්යෙන්ම ඔබ හරි එදා චීනය කරදරයට පත්වූ වෙලාවේ ඇමරිකාවේ රාජ්‍ය ලේකම් “අපි මේ අවස්ථාවේ චිනට නැතිවෙන රැකියා ලබාගන්න ඕනා “කියා ප්‍රකාශයක් කළා .නමුත් අද බලන්න ඇතිවෙලා තිබෙන තත්වය .
        ඇමරිකාවේ මැරෙන්නෙත් අපි වගේම පවුල් තිබෙන නෑදෑයන් හිතමිතුරන් ඉන්න මිනිස්සු .ඉතාම කනගාටුදායකයි දහස් ගණන් මිනිස්සුන්ගේ මිනි පෙට්ටි දකින්නට සිදුවීම .කරදරයට පත්වූ ඇමරිකාවට ජැක් මා මිලියනයක් මුහුණු වැස්ම හා පරීක්ෂණ කට්ටල නොමිලේ ලබාදුන්නා .එකයි ආසියාවේ සංස්කෘතිය .
        මේ රෝගයෙන් පිඩාවට පත්වූ සැමට නිරෝගී සුව පතමු

        • ලක්වැසියා says:

          බුදු දහම, යෝග දර්ශණය, ආයුර්වේදය වැනි ආසියාවේ හරයන් හැම දෙනාගේම යහපත පිණිස ලොකයටම පතුරුවන්න කාලයයි මේ.

      • ලක්වැසියා says:

        නියමයි කතාව.

  3. This is telling you that DO NOT FOLLOW USA or EUROPE.

    Time to combine the Local Medicine system and the western medical system to be combined.

  4. Aurora says:

    ඇමරිකාව තමුන්ගේ වෙළඳ සහ යුද ආධිපත්‍ය පවත්වාගෙන යන්න දෙන ප්‍රමුඛත්වයෙන් 10% වත් ප්‍රාන්තවල ජීවත්වන මිනිස්සුන් ජීවත්කරන්න දෙන්නේ නැහැ. වොෂින්ටන් ආණ්ඩුවට වැදගත් මනුස්සකම් නොවේ ශ්‍රම බලකාය විතරයි.ඇමෙරිකානු අධිරාජ්‍යයයේ අමුතුම ආණ්ඩුක්‍රමයක් තමා ක්‍රියාත්මක කරන්නේ. ප්‍රාන්ත 51 ප්‍රජාතන්ත්‍රවාදී විධියට ස්වාධීනව ආණ්ඩු කරමින් බදු අයකරනවා වොෂින්ටන් ආණ්ඩුව සඳහා. ඒ සමඟම ප්‍රාන්තවල තියන කර්මාන්ත යුද්ධායුද නිෂ්පාදනය කරනවා වොෂින්ටන් ආණ්ඩුව සඳහා සහ ලෝක වෙළඳ පොළ සඳහා. වොෂින්ටන් ආණ්ඩුව ඒ ආයුද භාවිතා කරනවා, මාකටින් කරනවා. ආයුද සඳහා ලෝකයේ ඉල්ලුම තියාගන්න මොනවා කරලා හරි යුද්ධ නිර්මාණය කරනවා. උන් වැඩියෙන්ම දිරිමත් කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් හැදිලා, නඩත්තුවෙලා දිගටම පවතින්න. මොකද උන්ව යුද්දෙට පොළඹවන්න ලේසියි රටක් පොලම්බවනවට වඩා. වොෂින්ටන් ආණ්ඩුවට මේ ලෝකේ ලොකුම හානිය කලේ රාජපක්‍ෂවරු. ත්‍රස්තවාදය කිසිදා ආයුද වලින් පරාජය කරන්න බැහැ කියන මතවාදය බොරු කරපු නිසා එයින් පසු අලුත් ත්‍රස්ත කල්ලි බිහිකරන්න අමාරුයි. ඒකට තියන කෝපය තමයි මානව හිමිකම් කියල පිටකරන්නේ. (NGO සහ ඇමෙරිකන් කුලීකරයින්ට ඇමෙරිකන් මතවාද නඩත්තුකරන්න ගෙවනවා)

  5. Sajith says:

    Aurora lovely comment

  6. Don sarath says:

    Meke kotapu Kalu suddas ge katapuka wasee athi bawak pene.

  7. ranjan says:

    තරමක රාග ,දෙශ, මොහ ඇති මිනිසුන් තිරිසන් සතුන් ඇතුලු සියලුම බැක්ටිරියා වයිරස් කලුකිරණ වලින් තමුන්ගේ ශරීරය වසාගෙන ඇත (ඕරා වළල්ලෙන්) ඒහෙම තැනකට පැමිනෙන්නේම කලුකිරණයි (ලෙඩ රෝග සහ සසර ගමන) නමුත් අධ්‍යාත්මික වීමෙන් සුදු කිරණ වළලලක් ලබා ගත හැක මෙය තමුන්ටම සාදා ගත හැකි වයිරස් ගාඩ් එකක් වේ.

    • Aurora says:

      ඇත්ත, එවන් අය ප්‍රවේසම් වෙන්න ඕන බෝනොවන රෝග වලින් පමණි. ව්‍යායාම අඩුකම තමයි ප්‍රධාන ප්‍රශ්නේ.

Main News