ඇමරිකාවේ ප්‍රතිකාර ගන්න ගිය අගමැතිට දීර්ඝායුෂ පතා කැලණියේ බෝධි පූජා…
June 5, 2017 at 3:28 am | lanka C news
වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇමරිකාව බලා ගොස් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝායුෂ පතමින් ආශිර්වාද බෝදි පූජාවක් කැළණිය රජ මහා විහාරයේදී පවත්වා තිබේ.
මෙම බෝධි පූජාව සිදු කර ඇත්තේ කැලණිය රජ මහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ආශිර්වාදය මත සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.
මේ අතර වාර්තා වන්නේ දෙසතියක් හෝ ඊට වැඩි කාලයකට ඇමරිකාව බලා ගිය අගමැතිවරයා දෙසතියකටත් පෙරාතුව ආපසු ලංකාවට පැමිණෙනු ඇති බවයි.