ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමෙන් ශ්‍රී ලාංකිකයන්ට නඩු.. චන්න ජයසුමන පාන්දරම බයවෙයි..
May 21, 2018 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාව තේ සහ රබර් වගාවට ග්ලයිපොසේට් යලි භාවිතා කිරීමට ඉඩ දීම තුළින් වකුගඩු රෝගයට ග්ලයිපොසේට් නම් පූර්ණ වල් නාශකය සම්බන්ධ බවට වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු පිරිස දැක්වූ අදහස බිඳ වැටී ඇති නිසා ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම ඔවුන්ට නඩු පැවරිය යුතු බවට පේරාදෙණි විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ යෝජනා කර ඇත. මේ බව හෙළි කරමින් වෛද්‍ය ජයසුමන මහතා සිය මුහුණු පොතේ දක්වා තිබූ අදහස පහත දැක්වේ.
//මට හරි බයයි..
අද උදෑසන මගේ මිතුරකු එවා තිබූ විද්‍යුත් තැපැල් පණිවිඩයක් නිසා මා බයෙන් තැතිගත් හෙයින් මෙසේ ලියමි. එහි දක්වා තිබුනේ Base Camp නමින් හඳුන්වන මෘදුකාංගය යොදා ගෙන කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන සිදුවන සයිබර් සංවාදයක (මේ ගැන මගේ වකුගඩු සටන පොතේ දීර්ඝ විස්තරයක් ඇත) පේරාදෙණි විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ දක්වා ඇති අදහසකි.
මේ සංවාදය මෙහෙයවන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අයත් ආයතනක් ය. ප්රස්තුත වකුගඩු රෝගයට කෘෂි රසායන සම්බන්ධයක් නැතැයි කියන පිරිස ඒකරාශී කිරීම, ඔවුන් ලවා එවැනි සබඳකමක් ඇති කියන උදවියට මඩ ගැසීම සඳහාම මේ සංවාදය ඇරඹීය. ආරම්භයේ මා ද මෙම සංවාදයට එකතු කර තිබුන ද එය මෙහෙයවන පිරිසේ අරමුණ හඳුනා ගත් හෙයින් මම සති කිහිපයකින් ඉන් ඉවත් වීමි. පසුගිය වසර 3 පමණ කාලය තුළ උඩ පැන පැන මට සහ අපගේ අදහස්වලට පහර දීම හැර මේ ඊනියා සංවාදයෙන් සිදු වූ යමක් නැත.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ දක්වා ඇති අදහස නිසා මම බයෙන් තැති ගත්තෙමි. ලංකාවේ විද්‍යා ක්ෂේත්රයේ ඉදිරිපෙළ විද්වතකු වන ඒ මහතා ( ඒ මහතාටම අනුව) පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තේ සහ රබර් වගාවට ග්ලයිපොසේට් යලි භාවිතා කිරීමට ඉඩ දීම තුළින් වකුගඩු රෝගයට ග්ලයිපොසේට් නම් පූර්ණ වල් නාශකය සම්බන්ධ බවට අප විසින් දැක්වූ අදහස බිඳ වැටී ඇති බවයි (සංවාදයේ මෙහි දක්වා ඇති කොටසට පෙර අදහස් අනුව). මේ නිසා දැන් අප නොවලහා අප පැවසු දේ සනාථ කළ යුතුය. එසේ නොමැතිනම් මොන්සැන්ටෝ සමගම අපට නඩු පැවරිය යුතු බවට ඔහු යෝජනා කරයි. අප පැවසු දේ එම සමාගමට ඉතා නරකට හිටි හෙයින් ඒ කළ යුතු බවද එතුමා දක්වා ඇත.
ලෝකයේ ඇති විශාලතම කෘෂි රසායන සමාගමක් වන මොන්සන්ටෝ සමාගමේ ඉදිරිපෙළ නියෝජිතයෙක් ද මේ සංවාදයේ සිටී. ඉතින් ඒ අය නඩුවක් දැමුවහොත් වන්දි ඉල්ලනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනකිනි. විද්‍යා ක්ෂේත්රයේ ලංකාවේ ඉදිරිපෙළ වියතෙක්ම නඩු දැමීම යෝජනා කර ඇත. ඉතින් මට බය නැද්ද ??//
– චන්න ජයසුමන FB
06. ශ්‍රී ලංකාව ලෝකයේ ග්ලයිෙෆdසේට් තහනම් කළ මුල්ම රටවලින් එකක් බව ඔබ දන්නා බව මට විශ්වාසයි. මේ තහනම නිසා ඔබේ ව්‍යාපාරවලට මෙන්ම සමස්තයක් ලෙස රටේ හෝ ලෝකයේ කාබනික තේ වෙළෙඳපොළට සිදු වන යහපත් හෝ අයහපත් බලපෑම් මොනවාද?
මෙය පිරිසිදු ආහාර ප්‍රභවයක් ලෙස ශ්‍රී ලංකාවට පිළි ගැනීමක් ලැබීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් ඉතා ප්රගතිශීලී පියවරක්. මා සිතන ආකාරයට මේ මගින් සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සහ එහි ආහාර කර්මාන්තයේ ප්‍රතිරූපයට සහ කීර්තියට සිදුවන යහපත් බලපෑම ඉතා විශාලයි. මේ වන විට මීමැසි ගහණයේ පහළ යාමට මෙන්ම උදරය සහ බඩවැල් ආශ්රිත සංකූලතා සහ රෝග සමග ග්ලයිෙෆdසේට් දක්වන පැහැදිලි සබඳතාවය පිළිබඳ ලෝක ජනමාධ්‍ය නිරන්තරයෙන් කරන හෙළිදරව් කිරීම් අපි දකිනවා.
නාදන් වේක්ෆොඩ් Divaina to day
Prof. Rajapakse has never mentioned this person’s name so why should he get scared. After all Jayasumena is not a toxicologist who always claims about glyphosate to the gallery but never utters anything about glyphosate in the presence of experienced aaemics where he gets clean balled. He is doing this for political reasons and with the help of God Natha and his messengers like Nalin de Silva and Ratana.
It seems you are not aware this debate over the last 3-4 years. We saw how Buddhi Marambe faced to Jayasumana at Aluuth Parlimentuwa.
මොසන්ටෝ සල්ලි සනීපද මචන් ?
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ….උන්ගේම උසාවි….උන්ගේම නීතිය….දැන් තියෙන්නෙ උන් කියන පදයට නටන්න විතරයි.. වීරයන් වහල්ලු කරගන්නෙ මෙහෙමයි….කෝමද ටිකිරි මොලේ…
යන්න නලින් යන්න මොන ලෝකෙද හිටියේ ?මේක චන්න ජයසුමන මහතා තනියම කල පර්ය්ෂණයක් නෙවෙයි ඒ පර්යේෂණ කරන කාලේ කොහෙද හිටියේ ?තමුන්ලාට සුද්දෝ උගන්නපු ප්රෝටෝකොල් වලින් එලියට වමාරගන්න බැරිව මොලේ වටේ තාප්පයක් ගහගෙන සුද්දගේ නිර්ණායක වලින් එහාටලෝකයක් නෑ කියල හිතාගෙන හිටියට උගත් බුද්දිමත් ගිරාපෝතක නොවන විචාර ශිලිව හිතන්න පුළුවන් බුද්දීමතුන් බොහොම පැහැදිලිව පෙන්නලා දුන්නා කොහොමද මේ ගල්යිපොස්පෙට් වකුගඩු රෝගයට බලපාන්නේ කියල .ඒදවස්වල තමුන්ල වගේ සුද්ද වන්නදනාමාන කරන විද්යාවමාරන්නෝ කලේ සුද්ද කියපුවා ආයේ ආයේ කියන එක.තමුන්ලාට තේරුම් ගන්න තරම් තමුලාට බුද්දියක් තිබුනේ නෑ නැණස වැහිලා සුද්දගේ දැනුමට තියෙන බයෙන් .නමුත් අන්තිමේ බටහිර රටවල් වගේම ලෝක සවුක්ය සංවිදානය පවා පිළිගත්තා මේ රසායනයේ තිබෙන භයානක කම .
තමුන්ලා ඒකාලේ සුද්දව බදාගෙන හිටිනිසා නොතේරුනාට ලෝකෙම දන්නවා සත්‍ය .අන්න එනිසයි දොස්තර චන්න ජයසුමන කියන්නේ “මට හරි බයයි “කියල .ඔය ඔප්පු කිරීම් ආයේ කරන්න දෙයක් නෑ ඒවා කරලා අවසානයි තමුසෙගෙ ඊනියා මහාචාරියාට ඒවා හොයාගෙන බලලා ඉගෙනගන්න පුළුවන් .හැබැයි මිනිහා කරන්න හදන්නේ වෙන ගේමක් .සාකච්චාවක් අරබලා මේ වස විකිණීම සාධාරණීකරණය කරන්න හදන නීච උත්සාහයක් .රටේ මහජනතාවගේ බදු මුදලින් ලබපු උගත්කම ගණිකා වුර්තියේ යොදවන්න එපා මනුස්සයෝ .මොසන්ටෝ වෙනුවෙන් ලෝකයේ උගත් සදාචාර සම්පන්න කිසිවෙක් පෙනී හිටින්නේ නෑ එතරම් ඔවුන් ලෝකෙට විනාශයක් ගෙනල්ල අපේ රටේ විතරයි මේවගේ මිනිස්සු දකින්න ලැබෙන්නේ.
ලංකාවෙනම් ඉතින් අපේ වාහෙලාට ලෝක සංචාර ,යාන වාහන සිගිති ආතල් දුන්නම රටේ දුප්පත් මිනිස්සු අමතක වෙනවා වස චොකලට් කියල අපිට කියනවා .
නලින් තමුසෙට ලෝක සංචාර ලොකු ඇති ඒවගේ මිනිස්සු තමා මොසන්ටෝට කඩේ යන්නේ නමුත් චන්න ජයසුමන ඇතුළු කණ්ඩායම වැඩ කලේ තමුසෙට මහාලොකු දෙයක් වන ලෝක සංචාර බලාගෙන නෙවෙයි .තමුසෙලාට ඉතින් ලෝක සංචාර යානවාහන මහා දේවල් උනාට රටේ නියම උගතුන් දේශප්‍රේමීන් මොසන්ටෝ ලට විකිනෙන්නේ නෑ
නාථ දෙයියොයි මහාචාර්ය නලින්ද සිල්වාත් එකතුකර ගන්න.
මහාචාර්ය චන්න ජයසුමන, තරුණ බුද්ධිමතකු හා වෛද්‍යවරයකු ලෙස දේශයේ ජනතාව වෙනුවෙන් අනෙක බාධක මැද ඔබ කරන සේවයට අපගේ ප්‍රණාමය.
තරුණ විශ්ව විද්‍යාල සහ පාසල් දරුවනි, මෙවන් බුද්ධිමතුන්ව ආදර්ශයට ගෙන ඔබ ලබන දැනුම දේශයේ යහපත වෙනුවෙන් පිරි නමන්න.
නියමයි
Canna methinduni obath jaya