රෝහල්ගතව සිටින දරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි.. ලංකාවේ දේපල කොල්ලකන්න කොල්ලකරුවෝ වටලති..
January 29, 2018 at 10:50 pm | lanka C news
මේ වන විට රෝගී වී අසාධ්‍ය තත්වයෙන් පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමින්ගේ දේපල කොල්ල කෑමට පිරිසක් උත්සාහ දරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.
කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති හිමියන්ද වන කුසලධම්ම හිමියන් බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘවරයාද වෙයි.
කොල්ලකරුවන් පිරිස උත්සාහ කරමින් ඇත්තේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධයා නාලිකාව කොල්ල කෑමටයි.
එම නාලිකාව පාලනය වූයේ භාරකාර මණ්ඩලයක් යටතේ වන අතර එය තමනට අයිති කර ගැනීම සදහා කිහිප දෙනෙකු විසින් ගන්නා උත්සාහයක් නිසා මෙම තත්වය මතුව ඇත.
ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය නිසා නිලාකිවේ කටයුතු කල ප්‍රධානීන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.
ඇමරිකාවේ රෝහල්ගතව සිටිව කුසලධම්ම හිමියන්ගේ තත්වය යහපත් නොවන බවද දැනගන්න ඇත.
දැන් හාමුදුරුවෝ ඉන්නේ ලංකාවේ. ඇමෙරිකාවට ගෙන ගියේ උන්වහන්සේගේ කැමැත්තෙන්. ඒ ගෙනියනකොටත් උන්වහන්සේට ස්ටේජ් 4 පිළිකාවක් තිබුනේ. එහෙදි ගොඩක් සුවය ලැබුවා. නමුත් බුදලේට කෑදර කීප දෙනෙක් එහෙ ගියාම ඒ ප්‍රතිකාර කර කර ඉද්දි සමහරු උන්වහන්සේ බලෙන් ලංකාවට ගෙනාවේ උන්වහන්සේගේ බුදලේ ලියා ගන්නයි. ගෙනාපු අය කවුද කියල රටට එලි වේවි.