ඇමරිකාවේ සිට රනිල් එයි.. පිලිගන්න එජාපයේ සියළු මන්ත්‍රීන් කටුනායකට කැදවයි.. එජාපයේ බල අරගලයක්..
June 10, 2017 at 2:13 pm | lanka C news
වෛද්‍ය ප්‍රතිකාර සදහා යයි කියමින් දින කිහිපයක්ම ඇමරිකාවේ ගත කල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මෙරටට පැමිණිමට නියමිතය.
ඔහු පිලිගැනීම සදාහ ගුවන් තොටුපලට පැමිණෙන ලෙස එජාපයේ පක්ෂ නායකයන් විසින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුනට දන්වා ඇත.
මෙලෙස මන්ත්‍රීවරුන් ගුවන් තොටුපලට ගෙන ඒමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.
අගමැතිවරයාගේ තත්වය මත එජාපයේ ඇතිව තිබෙන නායකත්ව බල අරගලයක් සමනය කිරීම මෙහි අරමුණක් විය හැකි යයිද වාර්තා පල වෙයි.
සතියකට වැඩි කාලයක් ඇමරිකාවේදී අගමැතිවරයා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම පෙනී සිට ඇතත් එහිදී කිසිදු ශල්‍ය කර්මයකට ලක් කලේ යයි වාර්තා නොවෙයි.