Corona : ඇමරිකාව අනතුරේ.. ඊයේ වැඩිම රෝගීන් ඇමරිකාවෙන්.. දුප්පත් ශ‍්‍රී ලංකාවට පින් දෙනු..

March 22, 2020 at 8:40 am | lanka C news
Corona : ඇමරිකාව අනතුරේ.. ඊයේ වැඩිම රෝගීන් ඇමරිකාවෙන්.. දුප්පත් ශ‍්‍රී ලංකාවට පින් දෙනු..

ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඇමරිකාව ඇතුළු යුරෝපය ගිල ගනිමින් පවතී .

චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 46 දෙනෙක් පමණි .

එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට රෝගීන් 7301 ක් වාර්තා වී ඇත .

දෙවනුව ඉතාලියත් 6557ක් ස්පාඤ්ඤය 3925 ක් ද ජර්මනිය 2516ක් ද ප්‍රංශය 1847ක්ද ස්විස්සර්ලන්තය 1248 ක්ද එංගලන්තය 1035 ක්ද ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත .

ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 793 ක් වාර්තා කොට ඇති අතර ස්පාඤ්ඤ 285 ක් ද ප්‍රංශ 112ක් ද ඇතුළු දිනක් තුල වැඩිම මරණ සංඛ්‍යාව වණ 1663 ක් වාර්තා කොට ඇත .

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් හතර දෙනෙක් පමණක් වන අතර කිසිම මරණයක් වාර්තා කර නොමැත .

මෙය විශේෂයෙන් ම ශ්‍රී ලංකාව තුළ රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව ගත් නිවැරදි තීරණයක ප්‍රතිඵලයකි .

374 views

54 Comments to “Corona : ඇමරිකාව අනතුරේ.. ඊයේ වැඩිම රෝගීන් ඇමරිකාවෙන්.. දුප්පත් ශ‍්‍රී ලංකාවට පින් දෙනු..”

  1. මෝඩ බයියා says:

    මගුල තමයි. යකෝ ලංකාවේ දවසකට කොරෝනා පරීක්ෂණ 40-60ක් විතරයි කරගන්න පුලුවන්. ඔය අනිත් රටවල් වල දවසට පරීක්ෂණ දස දහස් ගණන් කරාමයි ඔච්චර රෝගීන් හමුවෙන්නේ. පකිස්තානයේත් අපිට වඩා ගොඩක් පරීක්ෂණ කරන්න පුලුවන් දවසට. අපේ උන්ගේ බැරිකම මහලොකු කමක් විදියට ගන්න එපා බන්…

  2. kiribatha says:

    Yes, Ethiopia, Somalia, Uganda and many other poor African countries have reported only 1-2 cases. That does not mean they are doing better job in controlling the virus than USA, and European countries. GR/MR family has nothing to do with the low number of virus cases.

Main News