ඇමරිකාව, එංගලන්තය කොරෝනාවෙන් පැරදී රටත් වහගෙන.. අපි කොරෝනා ජයගෙන රටත් ඇරල් එන්නතත් දෙනවා..
March 28, 2021 at 4:40 pm | lanka C news
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමට මෙම වර්ෂයේ ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත් ඒ සඳහා වැඩසටහන් රාශීයක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ කටාන ආසනයේ මාර්ග වැඩසටහන් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (27) දින සහභාගී වෙමිණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කටාන ආසනයේ ආඬිඅම්බලම කිඹුලාපිටිය මාර්ගය, මුරුතාන බම්ඹුකුලිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. දුර ප්‍රමාණය කිලෝ මීටර් 5.4 ක් වන අතර ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 142 කි. මෙහි කොන්ත්‍රාත් අධීක්ෂණය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.
කොච්චිකඩේ ප්‍රදේශයේ පවතින රථවාහන තද බදය මග හැර යාම සඳහා විකල්ප මාර්ගයක කොටසක් ලෙස ආඬිඅම්බලම හා කිඹුලාපිටිය මාර්ගය භාවිතා කළ හැක. දීර්ඝ කාලයක් මෙම මාර්ගය අබලන්ව පැවති අතර මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් විශාල පිරිසකගේ ගමනා ගමන කටයුතු පහසු කරනු ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
“ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී විශේෂයෙන් කාන්තාව සවිබල ගැන්වීම අපේ අරමුණයි. මේ හරහා රටේ ආර්ථිකයට ක්‍රියාකාරී දායකත්වයක් ඔවුනගෙන් ලබා ගැනීම සඳහා ගම් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය ඇතුළු බොහෝ රටවල් කොරෝනා වසංගතයට මුහණදීමට නොහැකිව ඇතැම් ප්‍රදේශ අදටත් වසා දමා තිබෙනවා. නමුත් අපේ රට කොරෝනා වසංගතය පාලනය කර ගනිමින් හා එන්නත්කරණය සාර්ථකව සිදු කිරීම නිසා රට විවෘත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන දෙමින් මේ වන විට තමන්ගේ ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු ඇතුළු දෛනික කටයුතු සිදු කරමින් පවතිනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් සියල්ල විවෘත කරන්න දැන් අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඉදිරි මාස තුන හතර ඇතළත අවශ්‍ය සියලු දෙනාට එන්නත ලබාදීම රජයේ අරමුණයි.”
කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න, කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
– Media Unit
මීහරක් සිංහනාද කරනවා දැකලා නැතත් බලාගන්න.
Sirawata
Sahathika aththa macho. Mu nam mettek newei meti kalayak😡😡😡😡🤮🤮🤮🤮
U ma salli deela post eka daganna ethi gon haraka owa balala ape baiyanta chun wela ethi den