ඇමරිකාව කියන දේවල් ගණන් ගන්න එපා.. චීන හමුදා කදවුරක් හම්බන්තොටට එන්නේ නෑ..- ඇමති සාගල ඇමරිකා පුරෝකතනයටත් උඩින් යයි..

October 7, 2018 at 10:00 am | lanka C news
ඇමරිකාව කියන දේවල් ගණන් ගන්න එපා.. චීන හමුදා කදවුරක් හම්බන්තොටට එන්නේ නෑ..- ඇමති සාගල ඇමරිකා පුරෝකතනයටත් උඩින් යයි..

චීනය සමග ඇතිකරගත්තේ වෙළඳ ගිවිසුමක් බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගිවිසුමක් ඇතිකර නොගත්බවත් එහෙයින් අනියත බියක් දැක්විය යුතු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි,ව්‍යාපෘති කළමනාකරණ,තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මොරවකදී පැවසීය.

ඔහු මේ බව සඳහන් කලේ ඇමරිකානු උප ජනාධිපති මයික් ෆෙන්ස් මහතා විසින්  නුදුරේදීම හම්බන්තොට වරාය චීනයේ ප‍්‍රධාන පෙලේ නාවික හමුඳා කඳවුරක් වනු ඇති බවට සහ හම්බන්තොට වරාය සම්බන්දයෙන් චීනය විසින් ශ‍්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බවට මාධ්‍ය වෙත  දැක්වූ අදහසට මොරවක්කන්ද ප්‍රදේශයේ නාය යාමෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් ගොඩනගන නිවාස ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවේදී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසීමේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

දරාගන්න බැරි ණය කන්දක් එක්ක පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය හැදුවේ.ඒ සියළු බර ජනතාවට පිරිනමමින්.වරායෙන් ලැබෙන අදායම නැතිවෙනකොට විශාල ණය වාරිකයක් ගෙවන්න සිදුවෙනකොට රජයක් වශයෙන් අපි ඒ බර ජනතාවට නොදීමේ අරමුණින් 99 වසරක බද්දට චීනයට ලබා දුන්නා.

එහිදී අපි ගිවිසුම් ගත වුනේ වෙළඳ ගිවිසුමක්.ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන කිසි දෙයකට අපි චීනය සමග ගිවිසුම් ගතවුනේ නැහැ.එවැනි තත්වයක් ඇති වෙන්නේ ආරක්ෂක ගිවිසුමක් ඇතිකර ගත්තනම් පමණයි.මේ සම්බන්ධයෙන් අපි අනියත බියක් ඇතිකරගත යුතු නැහැ,යනුවෙන් පැවසීය.

– මොරවක ප්‍රියංක ගමගේ

4,457 Viewers

5 Comments to “ඇමරිකාව කියන දේවල් ගණන් ගන්න එපා.. චීන හමුදා කදවුරක් හම්බන්තොටට එන්නේ නෑ..- ඇමති සාගල ඇමරිකා පුරෝකතනයටත් උඩින් යයි..”

  1. Nim says:

    HORAGOLLE AKKA LAGATA
    THAWA MALLI YEK
    AMARICA WATA ABIYOGA YAK.

  2. 2015 මැතිවරනෙට කලින් තමුසෙල පොරොන්දු උන විදිහට අපිට මෙලෝ දෙයක් හමිබඋනේ නෑ මහ බැංකුවත් මහ දවාලෙ කඩන්න උනේ ඒකයි..ආපහු අපිට චීන ලගම හතරගාතෙන් වැටෙන්න උනෙත් ඒකයි…ඔය විදිහට තමුසෙල අපි පාචිවල් කරන්න එපා කියල කෙලින්ම ඇමරිකන් තානාපති ගෙන්නල රොලි ටෝකක්නෙ දෙන්න තිබුනෙ….අපිට කියනිනෙ මොකද..?…ඇයි බයද…….?

  3. ගන්ජ බන්ඩා says:

    බය නැති අගමැටි ග‌ෙ බය නැති ල‌ොල්ලා.

  4. john the baptice says:

    ඇමති සාගල ජනතා ගුටි හමුවේ කාණු වල බඩ ගාපු හැටි……මංගලටත් ගං ගුටි…

    http://video.lankanext.com/2018/02/Minister-Sagala-front-public-Mangala-floods.html

  5. Saman says:

    2015 චන්දෙදි කඹුරුපිටිය පැත්තේ අර හොර දොස්තර රොහාන්ව ගෙන්නලා බත් පාර්සලේට වාහන කුලිවලට පොලු තියලා තාම සත පහක්වත් ගෙවලා නැහැ. වරකෝ අයෙත් චන්දෙකට

Main News