ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..

April 28, 2020 at 8:02 am | lanka C news
ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..

ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනය වාර්තා වූ නව ආසාදිතයන් 23,000 කට වැඩි පිරිස සමග මෙම සංඛ්‍යාව ඔවුන් පසුකර ගොස් ඇත.

ඊයේ දිනයේ දී ඇමරිකාවේ කොරෝනා මරණ 1300 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ඇමරිකාවෙන් මේ වන විට කොරෝනා මරණ 56,000 ඉක්මවා වාර්තා වාර්තා වෙයි.

ඊයේ දිනය තුළ ප්‍රංශයෙන් මරණ 438ක්, බ්‍රිතාන්‍ය 360ක්, ඉතාලියෙන් 333ක්, ස්පාඤ්ඤය 331ක්, ආදී වශයෙන් මරණ වාර්තා වී තිබේ.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 03 ඉක්මවා ඇති අතර මරණ ගණන 210,000 ඉක්මවා ඇත.

18,239 Viewers

7 Comments to “ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..”

  1. නිලම්බරේ says:

    ලංකාවට
    නිදහස ලැබුණෙ 1948දිලු…
    ඒත් සුද්දගෙ “නිරෝධායන ආඥා පනත” සිංහලෙන් නෑ….ආයුර්වේදය හලල….කෝ මේ ජාතික සංවිධාන……!

  2. Local Traditional Medicine system and Western medical system to be combined ASAP

    • FoolishLankan says:

      Govt. is afraid of local medicine?
      at least their mothers did not give them koththamalli and veniwalgeta during their small age?

  3. එක්ස් ඇමරිකන් says:

    ඇමරිකාවේ එහෙම උනත්…
    ඇමරිකාවේ එහෙම උනත්…
    ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    අපේ කට්ටිය කොරෝනා ආධාර හොරෙන් කන්නේ නෑ ..

  4. john the baptice says:

    ලෝකය පාලනය කල පොලිසියට වෙච්ච දේ දැන්වත් ලොකුකම අත් හැර පල්ලා ආමෙන්

  5. සමන්ත says:

    පුංචි ගැටලුවක් ලංකාවේ GMOA එකට අනුව..
    ලංකාවේ 800 කින් ලබන සතිය වෙද්දී කොරෝනා රෝගීන් 8000 ක් වෙනවා නම්. ඇමරිකාවේ ලබන සතිය වෙද්දී කොරෝනා රෝගීන් ගණන කියද? GMOA එකෙන්… පිලිතුරක් බලාපොරොත්තු වේ. එතකොට අපිට ඒ ගැන ඇමරිකාව දැනුවත් කරන්න පුලුවන් වෙයි. ඒක ඒ මිනිස්සුන්ට කරන උදව්වක්. මොකද ⁣ලංකාවේ වගේ GMOA එකක් එහේ නැතිව ඇති..