ඇමරිකාව මගේ රටෙන් ඉවත් වෙනු.. පිලිපීන ජනාධිපති චීනය සමග ගිවිසුම් ගණනාවකට එළැඹේ..

October 21, 2016 at 9:33 am | lanka C news
ඇමරිකාව මගේ රටෙන් ඉවත් වෙනු.. පිලිපීන ජනාධිපති චීනය සමග ගිවිසුම් ගණනාවකට එළැඹේ..

වසර 55 ක් තිබු සම්බන්ධතා අනවශ්‍ය යයි කියා පිලිපීනය, ඇමරිකන් මිත්‍ර කම අතහැර කලාපීය බලවතා වන චීනය සමඟ ගිවිසුම් රාශියක් අත්සන් කරයි.

ඊයේ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරෙට් Rodrigo Duterte මෙසේ කියා සිටියේ චීනයේ කරනු ලබන සිව් දින නිල සoචාරය තුලය.

“ඔබ මගේ රට තුල සිටින්නේ ඔබගේම වාසියටයි.නමුත් දැන් කාලය ඇවිත් ඔබට සමුදෙන්න මගේ මිත්‍රයා, මින් ඉදිරියට අපිට අමරිකානු බලපෑම් නැහ ඔහුගේ ක්‍රියාකාරකම් අපේ රටතුල නැහ, එවා අපිට මොකටද”? යයි ප්‍රකාශ කල ජනාධිපති ඩුටරෙට්, මින් ඉදිරියට තමා ඇමරිකාවට යන්නේ නැතැයි ප්‍රකාශ කලේය.

110 views
Main News