ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය..

October 16, 2021 at 9:20 am | lanka C news
ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය..

කෙලවරපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ආණ්ඩුව ගිවිසුම් කිහිපයකට හොර රහසේ එළැඹී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එකී ගිවිසුම් සියල්ල වහා රටට හෙළි කරන්නැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉල්ලා සිටී.

බලාගාරය සඳහා ගෑස් සපයන නළ පද්ධතිය, පාවෙන ගබඩා පද්ධතිය වසර 50කට අධික කාලයකට ගෑස් සැපයීමේ මුළු අයිතිය පවරා ඇමෙරිකානු සමාගමකට ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන ඇති බවත් ඔහු සදහන් කලේය.

ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා හා අදාළ සමාගමේ කළමනාකරුවන් අතර විවිධ වර්ගයේ සාකච්ඡා සිදු කර ඇති බවත් එහි අරමුණ වී තිබෙන්නේ ජාතික සම්පත් හා ව්‍යාපෘති ඇමරිකානු සමාගම වෙත පැවරීම බව ද ඔහු කියා සිටී.

මේ ආකාරයෙන් ජාතික සම්පත් ඇමරිකානු සමාගම් වෙත රහසේ පවරා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙම බලාගාරය ඇමරිකාවට ලබාදීමෙන් ඇමරිකාවට තමන්ගේම වන නෞකාවක් ශ්‍රී ලංකාවට බටහිර වෙරළේ නවත්වා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

මේ හරහා දකුණු ආසියානු කලාපයේ පයගසා ගැනීමට ඇමරිකාවට අවස්ථාවක් හිමිවී ඇති බවද ඔහු පැවසීය.

65,223 views

20 Comments to “ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය..”

  1. LalithM says:

    පාලක රජ පවුල ඇමරිකානුවෝ කියල පිළිගන්න අකමෑති 69 ලක්ෂයක් තකතීරුවන් සහ උන් මෙහෙයවපු මෝඩ චීවරධාරීන් රෑනක් නිසා සිදුවූ විනාශය. වැඩකට නැති කොන්ක්‍රීට් ගොඩවල් වලට ණය අරගෙන එයින් කොමිස් ගහල රජපවුල ජීවත්වෙන්නේ කියල දැන්වත් තොරුනොත් ඇති.උන් කිසිවෙක් කිසිදු වෘත්තියක යෙදී නැත.

    • ජනජය says:

      ඇත්තෙයි..?..දැං බොල කලින් වැලලුනේ රට වික්කෙ චීනට කියල …දැං එතකොට චීනගෙන් යැංකිය අරගෙනද..?…කීයකටද?…ඒවත් ගණං හදල දාපියකො…!

  2. saman says:

    ගහපු පදේකුත් නැත, බෙරේ පලුවකුත් නැත. අපිට ලන්කාව කුත් නැත

  3. කැපුවත් පොහොට්ටුවට says:

    චීන ඇමරිකන් ඉන්දියන් ආයෝජකයෝ එනකොට මෝඩ ජේවීපී හැත්ත නලියනව. තොපේ මාක්ස්වාදයයි ජාති වාදයයි දැන් ඉවරයි. අපි ජාත්යන්තරයත් එක්ක එකට යන්න ඕන…

    • Guest says:

      Aaaaa ehemada. jathyanthrayath ekka ekata yanna oneda. Ehenam apita bariweida america, china, India Wala harbour, electricity Wala ayojanaya karanna. Wadiya nemei 10%k wath.

  4. Buddhist says:

    How foolish are the Politicians of Sri Lanka! Sri Lankans do not have money to invest in major projects. By inviting foreign investments it would only be Sri Lankans who benefit as we do not have to borrow money, tax people to pay the interest. Further, the investments made in such infrastructure projects still will remain within the boundaries of Sri Lanka and will not leave SL and go out to a foreign country – for example, Port. Why are our dumb politicians not understanding this fact?

  5. Sandun Dhammika says:

    We need US GIJOE to come to Sri Lanka.
    Most honorabally welcome GIJOE forces and US marines man.

  6. toka says:

    This good at lease rather Chinese rubish and good for safely

  7. toka says:

    This good at lease rather Chinese rubbish and good for safely

Main News