ඇමරිකාව හේග් ආක්‍රමණ පනත ගෙනේ.. ලංකව එකග වූ ගිවිසුමෙන් රණවරුවන් සහමුලින්ම පාවා දේ..

August 17, 2018 at 8:40 am | lanka C news
ඇමරිකාව හේග් ආක්‍රමණ පනත ගෙනේ.. ලංකව එකග වූ ගිවිසුමෙන් රණවරුවන් සහමුලින්ම පාවා දේ..

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් පල කලේය.

යහපාලනය බලයට ආ පසු කල පලමු දේශ ද්‍රෝහී ක්‍රියාව වූයේ 2015 මාර්තු මාසයේදී ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනා ලද 30/1 නමින් හැඳින්වෙන යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමය.

ජිනීවා 30/1 යෝජනාවලියේ මූලික අරමුණ වූයේ 30 අවුරුදු යුද්ධයකින් රට ගලවා ගත් ශ්‍රී ලංකාවේ විරෝධාර ආරක්ෂක හමුදාවන් යුධ අපරාධ කල බවට මතයක් තහවුරු කොට ශ්‍රී ලංකාවේ හමුදාව හා සිංහල ජනතාව අපකීර්තියට පත්කිරීම හා අන්තවාදී දෙමල ඩයස්පෝරාව විසින් විටින් විට නගන චෝදනා පදනම් කරගෙන ලංකාවේ හමුදා නිලධාරීන්ට හා ඔවුන්ට ඉහලින් සිටි රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් අන්තර් ජාතික අධිකරණ හමුවට ගෙන එමට පරිසරය සකස් කිරීමය. එහි අවශ්‍යම පියවරක් වූයේ ලංකා පාර්ලිමේන්තුව හරහා රණ විරුවන් දඩයම් කිරීමට පහසු පරිසරයක් සකසන නව නීති ගනනාවක් සම්මත කරවා ගැනීමය. එවකට විදේශ ඇමති මංගල සමරවීර යහපාලන රජය නියෝජනය කරමින් මේ යෝජනාවලියට ස්තූති පූර්වකව බාරගත්තා පමනක් නොව ඇමෙරිකාව සමඟ යෝජනාවට සම අනුග්‍රාහකත්වයද දැක්වීය.

ලංකාව වෙනුවෙන් එතෙක් මෙවැනි යෝජනාවලට එරෙහිව හඬ නැගූ පාකිස්ථානය , කියුබාව, රුසියාව හා චීනය වැනි රටවල් තුෂ්නිම්බූතව බලා සිටියේ ඉතිහාසයේ ප්‍රථම වරට ජිනීවා වලදී යම් රටක විදේශ ඇමතිවරයෙකු තමන්ගේ රටට එරෙහිව වෙනත් රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දෙන අරුම පුදුම සිද්ධියය. ඔවුන් කිසිවෙකුට ලංකාව වැටෙන්නට යන උගුලෙන් ගලවා ගැනීමට කල හැකි දෙයක් නොවුනේ ජිනීවාතොන්ඩුව ගෙල වටා ඔතා ගත්තේ ලංකාවේම විදේශ ඇමතිවරයා නිසාය.

මේ වන විට එදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කල ඇමෙරිකාවද මානව හිමිකම් කවුන්සිලයේන් ඉවත්ව ගොස් ඇත. පසුගිය ජූලි මාසයේ මානව හිමිකම් කවුන්සිලයේන් ඉල්ලා අස්වෙමින් ඇමෙරිකාව ප්‍රකාශ කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉතාමත්ම පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කරන, එකිනෙකාගේ අවශ්‍යතා අනුව හැසිරවිය හැකි හොර ගුහාවක් බවය. ඒ නිසා තව දුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීන්දු තීරණ පිලිගන්නට තමන් සූදානම් නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හීලී මහත්මිය පැවසුවාය.

එහෙත් ලංකාව ඒ අවස්ථාවෙන් වත් ප්‍රයෝජන ගත්තේ නැත. ඇමෙරිකාව කී දෙයම ප්‍රයෝජනයට ගෙන ජිනීවා යෝජනාව යන මර උගුලෙන් ගැලවෙන්නට යහපාලන රජයට තිබුන අවස්ථාව අවස්ථාවාදී දේශපාලනය හා දේශදෝහී මානසිකත්වය නිසා අතහැර දමන ලදී.

මේ ලිපිය එතනිනුත් එහාට ගොස් ඇමෙරිකාව තමුන්ගේ රණවිරුවන් සම්බන්ද කටයුතු වලදී අන්තර්ජාතික අධිකරණ දෙස බලන ආකාරය පිලිබඳවයි.

ලංකාවේ වත්මන් රජය රණවිරුවෙකු දේශපාලන වාසි තකා ඕනෑම යකෙකුට පාවා දෙන්නට දෙවරක් නොසිතුවද ඇමෙරිකාව ඔවුන්ගේ රණ විරුවන්ව කිසි විටක එසේ පාවා නොදෙයි. ඇමෙරිකාවේ උපදෙස් පිට ලංකාවේ අමන රජය රණවිරුවන් පාව දෙන්නට පරිසරය සකසන් නීති ලංකාවේ පාර්ලිමෙන්තුව තුල සම්මත කලාට ඇමෙරිකාවේ සම්මත වෙන්නේ එයට හාත් පසින්ම වෙනස් නීතිය. ඔවුන් නීති හදන්නේ රණවිරුවන් රකින්නටය.

උදාහරණයක් ලෙස 2002 වසරේ ඇමෙරිකාවේ සම්මත වූ රණවිරුවන් ආරක්ෂාකිරීමෙ පනත පෙන්වාදිය හැක. මේ පනතේ මූලික අරමුණ අන්තර්ජාතික අධිකරණ මගින් ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු විභාග කිරීම වැලක්වීමය.

මේ පනතේ ඇති සුවිශේෂිම කරුණ වන්නේ යම් අවස්තාවක අන්තර් ජාතික අධිකරණයක අණ පරිදි සිරගත කර හෝ රදවාගෙන සිටින ඇමෙරිකානු හමුදා නිලධාරියෙක් හෝ සොල්දාදුවෙක්ව බලය යොදවා නිදහස් කරගැනීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර දීමයි.

මේ අනුව අන්තර් ජාතික අධිකරණයක අණ පරිදි සිරගත කර සිටින ඇමෙරිකානුවෙක් නිදහස් කරගැනීම සඳහා රටක් ආක්‍රමණය කිරීමට වුවද ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලය ලබා දී ඇත. මේ පනත ඒ අනුව සාමන්‍ය ව්‍යවහාරයේ හඳුන්වනු ලබන්නේ ‘හේග් ආක්‍රමණ පනත ( HAGUE INVASION ACT )’ යන අන්වර්ථ නාමයෙනි. එයට හේතුව එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික අධිකරණ හා සිරගෙවල් බොහෝමයක් පිහිටා තිබෙන්නේ නෙදර්ලන්තයේ හේග් නුවර නිසාය.

කොන්ද පණ නැති ලංකාවේ ආන්ඩුව රූකඩයක් ලෙස නැටවූවාට බටහිර රටවල් තමුන්ගේ රණවිරුවන් රකින්නේ එලෙසය.

– චාමින්ද කරැනාරත්න

25 views

2 Comments to “ඇමරිකාව හේග් ආක්‍රමණ පනත ගෙනේ.. ලංකව එකග වූ ගිවිසුමෙන් රණවරුවන් සහමුලින්ම පාවා දේ..”

  1. ආරච්චි says:

    පිට රටවල් වල ඉන්න දෙමල මිනිස්සු (දෙමල ඩයස්පෝරාව) විශාල ප්‍රමාණයෙන් සංවිධානය වෙලා ඒ රටවල සමහර දේශපාලුවන්ව බලයට පත් කරනවා. ඉන්පසු ඒ දේශපාලුවන් මුන් වෙනුවෙන් ඒ රටවල පාර්ලිමේන්තුවේ කථා කරනවා. ලන්ඩන් වල, කැනඩාවේ මේ විදිහේ වැඩ වෙනවා. ඇමෙරිකාවේ නම් ඔබාමා වෙනුවෙන් දෙමල ඩයස්පෝරාව චන්දෙට සල්ලි වියදම් කරා. ඉතින් ඔය රටවල් රණවිරුවන් හිරේ දමන්න, එල්ලා මරන්න ක්‍රියා කරන්නේ, රණ විරුවන්ගේ වරදකට වඩා, දෙමල ඩයස්පෝරාවේ බලපෑම මත. මේ ආණ්ඩුවට චන්දෙ කරන්න දෙමල දයස්පොරාවෙන් මුදල් ලැබෙන බව මගේ විශ්වාසයයි.

  2. Saman says:

    Meva mada hallo. Dan Americava lankavath samaga hoda sambandayak thiyanava.

Main News