ඇමරිකා ගුවන් හමුදාවේ ෆැසිෆික් ඒන්ජල්ලා වව්නියාවට බහී..

August 19, 2018 at 4:40 pm | lanka C news
ඇමරිකා ගුවන් හමුදාවේ ෆැසිෆික් ඒන්ජල්ලා වව්නියාවට බහී..

ඇමරිකානු ගුවන් හමුදාවේ ෆැසිෆික් ඒන්ජල්හි වෛද්‍යවරුන් පිරිසක් විසින් 17 වනදා දින වව්නියාව කලුකුණ්නම්මඩුව ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියන් වෙනුවෙන් නොමිළෙ වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.

ශ්‍රීලංකා ගුවන් හමුදාවේදී අධීක්ෂණයන් පරිදි රට පුරා සිටි සාමාන්‍ය වැසියන් වෙනුවෙන් මෛ වෛද්‍ය සායනය පැවත්වීමට ෆැසිෆික් ඒන්ජල්හි වෛද්‍ය කණ්ඩායම පියවර ගෙන ඇති අතර මේ වන විටත් දහස් ගණණකට සායනයෙන් ප්‍රතිකාර ලබා දී ඇත.

වව්නියාවේ පැවති වෛද්‍ය සායනය වෙතට ශ්‍රීලංකාවේ ඇමරිකා එක්සත් ජනපද වැඩබලන තානාපති රොබට් හිල්ටන් මහතා , ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ශාන්තිකර ගුවන් බලකායේ මේජර් ජෙනරල් ජේම්ස් ඕ. ඊෆ්රට් ඇතුලු වෛද්‍ය කණෟඩායමක් සහභාගී විය.

එහිදී අදාල වෛද්‍ය සායනයන් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකාවේ ඇමරිකා එක්සත් ජනපද වැඩබලන තානාපති රොබට් හිල්ටන් මහතා කියා සිටියේ,

‘පැසිෆික් ඒන්ජල්’ හෙවත් ශාන්තිකර දෙවඟන’ යනු ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ශාන්තිකර ගුවන් හමුදා බළකාය වාර්ෂිකව සිදු කරන මානුෂීය වැඩසටහනක් බවත්  පැසිෆික් ඒන්ජල් තුළින් රටවල් රැසකම  විශේෂයෙන්ම මානුෂීය අවස්ථාවලදී පැසිෆික් ඒන්ජල් තුළින් සිවිල් වැසියන් සහ හමුදාව අතර සහයෝගිතාව  ගොඩනැගීම සිදු කරන බවටයි ”

වව්නියාව කලුකුන්නම්මඩුව ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනය සඳහා සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් පැමිණ ප්‍රතිකාර ලබා ගැනීම සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views
Main News