ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට විරුද්දව කොළඹ විරෝධතාවක්.. සංවිධායකයා ඇමති රාජිත සේනාරත්න..

December 20, 2017 at 3:31 am | lanka C news
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට විරුද්දව කොළඹ විරෝධතාවක්.. සංවිධායකයා ඇමති රාජිත සේනාරත්න..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඊශ්‍රාලයේ අගනුවර ලෙස පේරුසලම නම් කිරිමට එරෙහිව සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පවත්වන විරෝධතා රැළියක් 2017.12.22 සිකුරාදා පස්වරු 3.30 කොළඹ නව නගර ශලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පලස්තීන සහයෝගිතා සංගමය – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඒකාබද්ධව මෙම විරෝධතා රැළිය සුදානම් කර ඇත. දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය , විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කළාකරුවන්ගේ සංගමය හා මාධ්‍ය සංවිධාන නියෝජිතයින් ද මෙහිදී ඇමරිකානු තීරණය හෙළා දකිමින් අදහස් පළ කිරීමට නියමිතය.

මෙම විරෝධතා රැළිය පිළිබද විශේෂ සාකචිඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්යෙන් කොළඹ දී පසුගියදා පැවැත්විනි.

විරෝධතා රැළියේ දී ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත බාර දීම සදහා ලිපියක් ද දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින් අත්සන් කිරීමට නියමිතය.

එම ලිපිය 2018 ජනවාරි 12 දින ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට භාරදීමට නියමිත බව පලස්තීන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම සාකච්ඡාවට ජනාතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

76 views

9 Comments to “ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට විරුද්දව කොළඹ විරෝධතාවක්.. සංවිධායකයා ඇමති රාජිත සේනාරත්න..”

  1. GA says:

    Hk…..huuuuu

  2. රටට හිතැති says:

    අන්න හරි! ඔන්න බොලේ දැන්නම් රුසියාව අපේ තේ ටික ගනී!! පුහ්!!!!

  3. nimal says:

    ඇයි පලස්තීන සහයෝගිත සන්විදනයේ සබාපති වූ එකල මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමා නැත්තෙ

    • sunil says:

      පලස්තීනයේ මහින්ද රාජපක්ෂ නමින් පාරක් පවා හදපු නිසා මරාට මේකට අනිවාර්යයෙන් සහභාගි වෙන්න තිබුනෙ

    • hari says:

      Aya MILLON GANK DUNNA NE APE SALEI

  4. අතුල කාෂ්‍යප says:

    ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගේනාව…
    නැව්, ගුවන් යානා එවලා අන්තිම මොහිතේ කොටි නායකයින් බේරාගන්න හැදුවා..
    ස්ෆ් අන්තිම මොහොතේ චීනෙට යවලා යුද්ධෙ බකල්කරන්න හැදුවා…
    යැංකි තානාපතියා, ප්‍රසිද්ධියේම කියනවා, රට ෆෙඩරල් කරන්න ඕන කියලා….
    UN වගේ රූකර සංවිධාන ලවා අපිට මානව හිමිකම් රකින්න කියලා බලකරනවා.. (මිනිස්සුන්ගේ බෙලි කපන රටක කුමාරයෙක් දම්මලා)……

    නමුත් මේ දක්වා, එක සිංහලයෙක්වත් මේවාට විරුද්ධව මුන්ගේ තානපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකලේ නෑ..

    බලමු මේ විරෝධතාවයට එකතුවෙන හරක් කවුද කියලා…

    (ට්‍රම්ප් බලයට ආවට, ලංකාවේ ඉන්න එවුන් හිලරි ක්ලින්ටන්ට පක්ෂය්යි. ඇත්තටම, මුන්මද දන්නේ නෑ, තමුන්ට විරුද්ධව විරෝධතා කරපල්ලා කියලා, ලංකාවේ ඉන්න උන්ගේ දීන වහල්ලුන්ගෙන් ඉල්ලන්නේ)

  5. Chapa says:

    Katha kapapiyauko vilpaththuwata, ali gathana walata.

  6. Sanjaya says:

    ඔය හැමෝම ඕකට යන්නෙ ජන්ද පෙරේතකමට මොකද මුස්ලිම් ජනතාවගෙ ජන්ද ටික ගන්න, අනේ පව් ඕකට බයවෙලා ට්‍රම්ප්ගෙ තීරණය වෙනස් කරයි… පුහ්…. පුහ්…පුහ්…

  7. Yanki Diki says:

    Illan kannai hadanee nathnam adagena naannai hadanne. Dan mein kiyala bayatama Trump aganuwara Tel Aviv kiyawi.

Main News