ඇමරිකා තානාපතිනිය උතුරේ හමුදා ලොක්කන් හමුවේ…

April 26, 2022 at 2:17 am | lanka C news
ඇමරිකා තානාපතිනිය උතුරේ හමුදා ලොක්කන් හමුවේ…

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු නියෝජිත පරිසක් යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හමු වූවාය.

ඇමරිකානු තානාපතිනිය ඇතුලු පිරිස පළමුව යාපනය පලාලි යුදහමුදා ආරක්ෂක සේනා මූළස්ථානයේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා මහතා ඇතුලු ජ්‍යේෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් හමු වී සාකච්ඡාවක නිරත විය.

එහිදී ආරක්ෂක අංශ විසින් යුද්දයෙන් පසුව යාපනය දිස්ත්‍රීක්කය තුල නැවත පදිංචි වූ ජනතාව වෙනුවෙන් සිදුකෙරන සංවර්ධන, සුභසාධන ඇතුලු වැඩසටහන් පිළිබඳව සැකච්ඡා කෙරුනු අතරම සිවිල් ජනතාව සමග ආරක්ෂක අංශ සංහිදියාව වැඩිදියුණු කරන ආකාරයද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමරිකානු තානාපතිනය විසින් යුදහමුදා ක්‍රියාකාරකම් වෙනුවෙන් ප්‍රශංශා කරන ලදි.

අනතුරුව ඇමරිකානු තානාපතිනය යාපනයේ පිහිටි පෞද්ගලික හොටලයකදී යාපනයේ සිටින සිවිල් සංවිධාන නායකයින් කිහිප දෙනෙකු හමු වී ඔවුන් සමග සාමාන්‍ය ජනතාවගේ ගැටලු හා ක්‍රියාකාරකම් මෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ වත්මන් වාතාවරනය පිළිබඳව සාකච්ඡා කොට ඇමරිකානු දූත පිරිස අවබෝධයක් ලබා ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

47,621 views

17 Comments to “ඇමරිකා තානාපතිනිය උතුරේ හමුදා ලොක්කන් හමුවේ…”

  1. David Milli-banda says:

    Did Julie Chung meet Siddatharan also for discussions??

  2. Ranjith Gunawaradana says:

    Needless to say Ambassador of USA an openly interfere internal affairs of Sovereignty of
    Sri Lanka. USA must kept distance and Do not undermined that norms of UNO that Non -interference, Territorial integrity and Independence of Island nation.

  3. Ranjith Gunawaradana says:

    Needless to say Ambassador of USA an openly interfere internal affairs of Sovereignty of
    Sri Lanka. USA must kept distance and Do not undermined that norms of UNO that Non -interference, Territorial integrity and Independence of Island nation by USA Ambassador.
    Are they(US) encourage and promoting New extremists of separatism In North-East that the time of economic and political crisis being face to that people of Sri Lankan.
    Like by USA expanding New Political extremism in North by specially US Ambassador in Lanka.

Main News