ඇමරිකා පුරවැසිකම ඉවත් කරන්න අවසන් ලේඛණ ගෝටා කොළඹ ඇමරිකා තානාපතිට බාර දේ..
April 19, 2019 at 12:02 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා වූ අවසාන ලිපි ලේඛන කිහිපය කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත භාරදී තිබේ.
මේ බව රාජපක්ෂ පවුලේ ප්රබලයෙක් අප වෙත තහවුරු කළේය.
ඒ මහතාට ඇමරිකාවේ දී පවරා ඇති සිවිල් නඩු සහ පුරවැසිකම අහෝසි කිරීම අතර සම්බන්ධයක් නැතැයි තමන් විශ්වාස නොකරන බවද කී ඔහු ඉදිරි සතිය හෝ දෙක ඇතුළත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රශ්නය විසඳෙනු ඇති බවද කියා සිටියේය.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාට කැලිෆෝනියාවේදී පවරා ඇති නඩු සම්බන්ධයෙන් ප්රතිචාර දක්වන ලෙස එම අධිකරණය විසින් සතු තුනක කාලයක් ලබා දී තිබේ.
ගෝටාභය රාජපක්ෂ මහතා පවසන්නේ ඒ සදහා තම නීතීඥයන් කටයුතු කරමින් සිටින බවයි.
MAGE RATATA SUBA ANAGATHAYAK
WEWA.
YGAYEE A WASIYA THAWAYE
THERUM GANEE MATA
JANATHAWATA NUWANA PAHALAWE WA.
THERUWAN SARANI
DEVI PIHITI.
බොහෝ දෙනෙකුට බඩයන්නට පටන් ගෙන තිබේ. මඩපාත ගුලිය දවසට 03 පාරක් ගන්න. අත් දුටුවයි. සත්තයි !
තාම ලියවිලි බාරදෙනවද? දැන් අවුරුදු දෙකකට කලින්නෙ කීවෙ පුරවැසිකම ඉල්ලා අස්කරගත්තා කියලා. බයියො එදා ඉඳල තාම හුරේ දානවා.තාම ලියවිලි බාරදෙනවා..
පිටරට ගියාවගේ නෙමේ…පරිප්පු කන්න වුණාම…සුද්දො අපට ආදරේට ඒ රටවල පුරවැසිකම දෙන්නෙ නෑ….උගුල් අයවලයි දෙන්නේ….අපේ අයත් දුර බලන්නේ නෑ..
අපේ රටවල වගේ ඕන කාලකණ්ණියෙකුට පුරවැසිකම දෙන්නෙ නෑ. ඒවගේම පුරවැසිකම දුන්නහම ලංකාවෙ වගේ එක එකාට එක එක නීති නෑ. සුද්දන්ටයි පුරවැසියොවුනු අනික් සේරටමයි එකම නීතිය. උගුලක් නෑ. පුරවැසි වෙද්දි කියවලනෙ අත්සන් කරන්නෙ. ඒ රටවල පුරවැසියො උනාට පස්සෙ ලංකාවෙ වගේ මිනී මරල ගැලවෙන්න බෑ.