ඇමරිකා මිලේනියම් ගිවිසුමේ 70% අවුලක් නෑ.. 30% අවුල්..- ගම්මන්පිල

December 9, 2019 at 3:00 pm | lanka C news
ඇමරිකා මිලේනියම් ගිවිසුමේ 70% අවුලක් නෑ.. 30% අවුල්..- ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී MCC ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

ප්‍රශ්නය : MCC ගිවිසුම ගැන දැන් මොකද්ද තත්වය ?

පිළිතුර : එම ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. අප හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන් වන්නේ.

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ. රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එදා විපක්ෂයේ සිටි ස්ථාවරයේමයි අප අදත් සිටින්නේ. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා. නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක.

ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝදයකුත් නැහැ : ප්‍රශ්නය : 70%ක් ‍ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් වෙනවා නම් ඉතිරි 30% සඳහා වෙනත් ව්‍යාපෘතියක් කිරීම සඳහා ඔබතුමන්ලා යෝජනාවක් ගෙන ආවේ නැද්ද ?

පිළිතුර : ඇමරිකාව කියනවා නම් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කිරීම අත්‍යවශ්‍යයි අනිත් මුදලුත් ලබාදීම සඳහා කියලා අප වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කිරීමෙන් වැඩක් නැහැ.

ප්‍රශ්නය : ඔය යෝජනා දෙකම නැතුව යන්නට බැරිද ?

පිළිතුර : ඒ අය දෙකම ඕනේ කියනවා නම් අප කියන්නේ මොකුත් එපා කියලයි. එය තමයි අපේ ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘතියේ අරමුදල් විතරක් දෙන්න. සතුටු සිතින් පින් දීලා බාරගන්නට අපි ලැහැස්තියි. නමුත් දෙකම කෙරෙන්නට ඕනෑ කියන ස්ථාවරයේ ඇමෙරිකාව ඉන්නවා නම්, මුකුත් එපා කියන ස්ථාවරයට අපට යන්න සිදු වෙනවා.

ප්‍රශ්නය : ඇමරිකාව කියන්නේ ප්‍රබල රටක්. මේ නිසා ඇමරිකාවත් තරහ කරගන්නට වෙයිද ?

පිළිතුර : අප තරහ කර ගන්නේ නැහැ. අපි විකල්පයක් ඉදිරිපත් කර තියෙනවා. ඉතින් ඒ විකල්පය පිළිගන්නේ නැතුව මේකම ඕනේ කියනවා නම් අපට තේරුම් ගන්නට වෙනවා මෙහි යටි අරමුණක් තියෙනවා කියලා. ඇමරිකාව පමණක් නොවෙයි සියලුම බලගතුයැයි සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න එපා කියද්දී තමයි අප කොටි ත්‍රස්තවාදය පරාජය කරලා ඔබයි මමයි භුක්තිවිදින සාමය ලැබිලා තිබෙන්නේ. බටහිර රටවල් තරහවීමේ පිරිවැයක් තියෙනවා. බටහිර රටවල් යාළු කරගෙන ඉන්නට පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික ඔවුන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්නට වෙනවා. අන්තවාදය දැක්කම අහක බලාගෙන ඉන්න වෙනවා. එහෙම කරන එකද හොඳ බටහිර රටවල සිත් රිදිලා හරි අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්‍රශ්නය ජනතාව ඉදිරියේ තියෙද්දි, බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව ලක්ෂ 13 කට වඩා වැඩියි ඡන්දයකින් පරාජය කරලා ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ අපව සතුටු කරලා තියන්න කියලා.

– අරවින්ද අතුකෝරල

45,312 Viewers

26 Comments to “ඇමරිකා මිලේනියම් ගිවිසුමේ 70% අවුලක් නෑ.. 30% අවුල්..- ගම්මන්පිල”

  1. dev says:

    edath adath ekama mathayaka
    ekai oba wishishta

    • සිංහල බන්ඩා says:

      MCC අත්සන් කලොත් ගිනිතියාගන්නවා – මහාචාර්ය ජනනායක 😀

  2. Porak says:

    චන්දේ කාලේ අඩුම තරමේ මේ mcc ගිවිසුම 100% එපා කියන්නේ නැතිව අපි කරුනු අධ්‍යනය කරලා බලලා තීන්දුවක් ගන්නවා කිව්වානම් රෙද්දක් ඇදගෙන මේ කතාව කියන්න තිබුනා …අනේ මන්දා ප්‍රතිවාදීන්ට ආන්ඩුව විවේචනය කරන්න කරුනු නොමිලේ ලබා දෙනවා …ගම්ම්න්පිල ගොන්නම්පිල වෙනවා ..

    • පියල් says:

      ඇයි බං රෙද්දක් ඇදගෙන යන්න බැරි. මොක්කද තියෙන අවුල. ඇමරිකාව ඉඩම් ව්‍යපෘතිය නැතිව ප්‍රවාහන ගිවිසුම කරන්න විතරක් සල්ලි දෙන්නේ නෑ. ශ්‍රී ලංකා රජය ඉඩම් ව්‍යපෘතිය කරන්න කැමති නෑ. ඒ කියන්නේ 100% ම මේ ගිවිසුම ක්‍රියාත්මක වෙන් නෑ.

    • dev says:

      kalin kiwwa kathawa ahala balanna
      kalin kiwweth me kathawa tamai

    • kalpa says:

      ane yakooo kiyala wadak na …redi andagenada katha karanne kiyala

    • මාලි says:

      චන්දෙට කලින් කව්දෝ කියල තිබ්බා සජිත් දිනුවොත් සද්ධ නැතිව අත්සන් කරයි. ගෝටා දිනුවොත් අහිතකර වගන්ති අයින් කරලා කියල ඒ ගිවිසුමම අත්සන් කරයි කියලා. කියපු එකාගේ කටේ මසුරන් දාන්න ඕන

    • මකරා says:

      ගජබින්න ගහන්නෙ නැතුව ආයි බලපං එතුමා මොකද්ද කිව්වෙ කියලා, රටට අහිතකර කිසිම දේකට එකඟ වෙන්නෙ නෑ කියලයි කිව්වෙ. ඉතින් වැරදිද ?මෙතන ප්‍රවාහන ගිවිසුම නෙමෙයි ඉඩම් පිලිබඳ හිවිසුමයි අනතුරුදායක.
      ප්‍රවාහන ගිවිසුම විතරක් කරන්න ඇමරිකාව අකමැති නිසා මේක කොහෙත්ම ක්‍රියාත්මක නොවේවි.

  3. Sam Fernando says:

    රෝල් කරලා දෙකට නමලා ගහගනින් උබේ ..කේ.

  4. kamal says:

    චෙස් ක්‍රිඩාවේ හා අනෙත් ක්‍රිඩා වල කෙලෙස් නොගුරවන ක්‍රම දෙක
    1 ක්‍රිඩාවක හැම තැනම තියෙන මනුෂත්වය වන ඉරියවු භාවනාව හා සති සමඤ්ඤය ගැන සිතිම. ඒ කියන්නෙ පිත්ත පන්දුව ඉත්තා ආදි වශයෙන් මානුසික ගුණාංගයක් හදා ගැනිම
    2 කෘර ලෙස විරුද්ධ වාදියෙක් සමග කරන ක්‍රිඩාව වෙනුවට රුපයක් සමග කරන ක්‍රිඩාවක් ගැනිම. එතකොට මනුස්‍යත්වය එනවා.

  5. සමන්කුමාර says:

    අයියෝ මේකද මේ බුකියෙ කියන උදය මන්ත්‍රිතුමා කිව්ව කියන 70%කතාව. ඉතින් මේ කියන කතාව සහතික ඇත්තනේ. මේ කතාවේ කිසි අවුලක් නෑනේ.

  6. එක්නැලිගොඩ says:

    ටොයියෝ මේ අල්ලගන දගලන්නේ මේ කතාවේ පොඩි කෑල්ලක්. මේක සම්පූර්ණයෙන්ම කියෙව්වහම පේනවා එතුමාගේ අදහස් දැක්වීමේ කිසිදු වරදක් ණෑ කියල.

  7. බන්ඩා says:

    එංගලන්තය ඇතුලු බටහිර රටවල් ගිවිසුම් ගහල අඹරන්න අති දක්ෂයෝ නිසා විට් නොදන්න සිංහලයො කපටින් ගෙන් පරිස්සම් විය යුතුය්.

  8. පහන් says:

    රජයේ නිවැරදි ස්ථාවරය නිවැරදිව කී ඔබට ස්තුතියි

  9. Upul says:

    The only issue is, you are 100% unreliable and useless.

  10. damian says:

    මේක තේරුම් ගන්න බැරුව බනින්නෙ චන්දෙ දුන්න අය නොවේ , ස්ජිත්ට දුන්න
    මැට්ටෝ හා 3% දෙමැට්ටෝ.

  11. Parakum says:

    GOTA will sign it anyhow, he has to please his adopted country.

    • නොදකිං says:

      ගෝටාගෙ නෙමෙයි බොල රනිලාගෙ හාම්පුත්තුන්ගෙ රටයි ඇමරිකාව. ඒ රටේ පදිංචි වී සිටියත් ගෝටා උන්ට යට වෙලත් නෑ වෙන්නෙත් නෑ.තෝ රනිලගෙ පක්කලියෙක්.

  12. malraj says:

    same like previous government…

  13. සුනිල් අත්තනායක says:

    Gembanpila ….!!! eda kiwwe mokakda ada kiyanne mokakda…ohee pukenda kathaa karanne…mun wage gobba apathayanta chande dena harak innawane…?

    • එක්නැලිගොඩ says:

      සුනිලො උදය එදා කිව්වෙත් මෙම ඉඩම් ගිවිසුම ඇමරිකාව අනිවාර්ය කරන නිසා mcc අත්සන් කරන්න නෑ කියල. අද කියනෙත් එක. තොට සිංහල බැරි උනාට අපි පලිද.

  14. aniwa says:

    MR sir Gota sir and their families can enjoy half of the grant while spending the other half to develop our motherland. They surely deserve it for rescuing our country from Tamils and Muslims.
    Jay wewa sir !

  15. Hari says:

    Gammba dan 70% hodai Ethuru 30% Thoge Ammatada BALLA

  16. අක්බාර් ලොක්කා says:

    ඇමතිකමක් නැති අවුල නිසා ගම කන්න යනවද මන්දා

  17. මෙතුමන් ඉහත අවසන් පරිච්චේදයෙන් තම අකන්ද දේශප්‍රේමී ස්ථාවරය ඍජුව දක්වා තියෙනවා.
    සදාදරණීය ගම්මාට තිසරණ හා සියලු දෙවි පිහිට සමග සදා ජය! හුදී ජන පැතුමයි .

Main News