ඇමරිකා-ලංකා ගිවිසුමෙන් ලක්‍ෂ 29ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට… කොළඹ-ත‍්‍රිකුණාමල තිරුවකින් ලංකාව දෙකඩයි..

July 5, 2019 at 3:29 am | lanka C news
ඇමරිකා-ලංකා ගිවිසුමෙන් ලක්‍ෂ 29ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට… කොළඹ-ත‍්‍රිකුණාමල තිරුවකින් ලංකාව දෙකඩයි..

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අත්විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ දැණුවත් කිරීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙහිදී කියා සිටියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම මඟින් මිලියන 2.9 වන ඇමරිකානු හමුදාවට ඕනෑම මොහොතක විසා හා ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව ලංකා භූමියට ඇතුල්විය හැති අතර යුද හමුදා ඇඳුම් වලින් සැරසී ආයුධ සන්නද්ධව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ හැකියාව මෙයින් ඔවුන්ට ලැබෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ කිසිදු නීතියකට ඔවුන් යටත් නොවන අතර රේගු ගාස්තු වලින් තොරව ඕනෑම භාන්ඩයක් ලංකාවට ගෙන ඒමේ අවස්ථාවද හිමිවෙනවා. ඔවුන් මෙම භූමියේදී නීති විරෝධී යම් කටයුත්තක යෙදුනහොත් බලපාන්නේ මෙරට නීතිය නොවන බව පෙන්වා දෙන ලදී.   ත්‍රිකුණාමලය හා කොළඹ අතර ඇති කිරීමට යෝජිත ආර්ථික කලාපය නිසා ශ්‍රී ලංකා භූමිය දෙකඩ වීමට ඉඩ තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.

වසර 30ක යුද්ධයක් පැවති කාලයේදීවත් රට දෙකඩ කිරීමට ඉඩ නොදුන් අපි රටේ ආර්ථිකයට, ජාතික ආරක්‍ෂාවට කෙලින්ම බලපාන මෙවැනි  ගිවිසුම් වලට එළඹීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය තාන්ත්‍රිකව මෙවැනි ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ අතර ජාතික වැදගත්කමක් ඇති මෙවැනි ප්‍රශ්න වලදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස් ලබාදීම අපට වඩාත් වැදගත් බවද මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුරාධ ජයරත්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ නියෝජිතයින් එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

18,187 Viewers

10 Comments to “ඇමරිකා-ලංකා ගිවිසුමෙන් ලක්‍ෂ 29ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට… කොළඹ-ත‍්‍රිකුණාමල තිරුවකින් ලංකාව දෙකඩයි..”

  1. UD says:

    ප්‍රබල ජනතා විරෝධයක් තියෙනවා නම් ඇමෙරිකාව අත ගහන්නේ නෑ…
    දැන් ඉදන්ම මේකට විරෝධය පෙන්නුවා නම් හරි….

  2. Janathawa says:

    Has he got,with a such slender majority and also at the dying ages of his unpopular government ,legitimate or moral right to do. such a betrayal to the motherland ,by bringing foreign powers to our soil,making our future generation slaves of foreign powers? No country in the wotld have comeout of their internal problems,by bringing those so called super powers. Thing in their countries have worsened ,instead.

  3. Check Mate says:

    Former Deputy Director of the State Intelligence Service Dr Ajith Kolonnahe said that the ACSA agreement that was signed by Sri Lanka in 2007.Sri Lanka signed this agreement for the first time when Gotabhaya Rajapaksa was the Defense Secretary in 2007. At that time, the American Ambassador was Robert O Blake
    Kolonne said that no report has been published on the signing of the agreement and that it has been secretive.
    Kolonna highlighted that it is problematic to sign such a document by a secretary without even presenting to the Parliament.

    • Me3 says:

      CheckMate,
      Thank you very much for the learned information.
      Please clarify following issues for the benefit of general public.
      1. What are the contents of 2007 agreement?
      2. What are the contents of 2019 agreement?
      3. What are the clauses beneficial to Sri Lanka in two agreements?
      4. What are the clauses adversely affecting Sri Lanka’s sovereignty?

  4. Sun says:

    Is there anything our lawyers cannot understand in this hide and seek type files shown in the agreement. That is the way Americans getting into the countries showing sincerity for their business. Our corrupted politicians as well as lawyers do not know much about their inner wicked plans of getting into the countries. They create problems when they want to jump in. In other words , they are handling most of the affairs round the world in a tricky way. World as well as the politicians are playing duality to run their plans my dear friends.

  5. Buddhist says:

    29,000 American soldiers la lankawata enna givisumak one na, nawak athi. Mun awoth Mahindai, Maithripalai, Gammanpillai, Vasu, thawa ara kunu kata Weerawansai issrata gihin satan wadida, nathnam daniye watila American soldiers la wa baragana badaganida?

  6. බණ්ඩා says:

    මේ මොන බොරුද – ඇමරිකානු හමුදාව ලක්ෂ 13 – රිසව් එකත් දැම්මොත් යම්තම් ලක්ෂ 20
    අවුරුදු 20කට එහා සංඛ්‍යාලේඛන අරන් නේ මේගොල්ල නිවේදන නිකුත් කරන්නේ

    • Me4 says:

      අනේ බන්ඩේ ඔය ගණන් හිලවු ගත්තේ අාච්චිගෙ නෑඹියෙන්ද?
      විකිපීඩියාවල තියෙන්නෙ මෙහෙමයි.
      බොරුව අත්හරින්න බැරි 6.2M ට අයිති මන්ද කෙනෙක් වගේ පෙනෙන්නේ

      Available for military service
      17 million[4], age 18–25 (2016)
      Reaching military age annually
      2 million[5] (2016)
      Active personnel 1,358,193[6][7] (ranked 3rd)
      Reserve personnel 811,000[6]

  7. LION says:

    අපේ රට රනිල්ගේ සිරිසේනගේ බුදලයක් නොවේ එක එකාට බෙදාදෙන්න වහාම රටට ආදරය කරන සැම සිංහලේ සිංහලයෙක්ම මෙයට විරුද්දව පාරට බැසිය යුතුය වසර 2500 ක් රැකගෙන ආපු අපේ මව අපි පාවා නොදෙමු

  8. LION says:

    පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ
    සිරිබර සිරි ලංකා..

    ජනිතවු සැම මෙම පොලොවේ
    නිති ආඩම්බර විය යුතුවේ..
    දෑ කුල බේදේ ආගම් වාදේ..
    හැරදා එකමුතු වී සමගිව පේළි සැදී.
    දිවිදී රකිමු අපේ ලංකා

    නැගී සිටිය හැක එක්සත් වී
    බෙදී ගියොත් රට යයි සුංවී..
    පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
    අපගේ විකුම බලේ රට ජාතියෙහි බලේ..
    දිවිදී රකිමු අපේ ලංකා.

Main News