ඇමරිකා සම්බාධකවලට එරෙහිව ඉරානයෙන් ලාබෙට තෙල්.. ශ‍්‍රී ලංකාව සමග රුපියල්වලින් ගණුදෙනු සූදානම්…

August 17, 2018 at 10:40 am | lanka C news
ඇමරිකා සම්බාධකවලට එරෙහිව ඉරානයෙන් ලාබෙට තෙල්.. ශ‍්‍රී ලංකාව සමග රුපියල්වලින් ගණුදෙනු සූදානම්…

ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති නිසා ශ‍්‍රී ලංකාව සමග රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා ඉරානය සූදානම් යැයි දැනුම් දී ඇතැයි ඇමැති සරත් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය 14 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදීය.

මෙරටට ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයනය කරන රටක් වන ඉරානයට මේ වන විට ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබේ.

මේ තත්වය මත දෙරට අතර වෙළෙඳ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නම් මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල පිළිගැනීමට සූදානම් බව ඉරානයයි දැනුම් දී ඇතැයි ඇමැතිවරයා සඳහන් කර ඇත.

මේ අතර ඉරානය සඳහන් කර ඇත්තේ ලෝකයේ සියලුම රටවල් සඳහා අඩු මිලට ඉන්ධන සහ ගෑස් විකිණීමට තම රජය සූදානම් බවයි.

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කර ඇත්තේ ඇමරිකානු සම්බාධක වලට එරෙහිව මෙලෙස සැප්තැම්බර් මාසයේ අඩු මිලට ඉන්ධන විකිණීමට සූදානම් බවත්ය.

18 views
Main News